එක් ලාංකීය ජාතියක් ගොඩනැගීම සඳහා දේශපාලන විසඳුමක් සහ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ පවසනවා. ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ 4 වන මහා සම්මේලනයට මහරගම යොවුන් රඟහලේදී, අද (19)පෙරවරුවේ එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජාතික භාෂා සහ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ ග්රහණයෙන් මිදුණු උතුරු - නැගෙනහිර ජනතාව ලබා ඇති නිදහස පරිපූර්ණව භුක්ති විඳීමට අවශ්‍ය පසුබිම ගොඩනැගිය යුතු බවයි.
Post a Comment