පොඩිම කාලේ සති අන්තය ගෙවුනු හැටි නම් මට එච්චර මතක නැහැ. ඉස්කොලේ යන්න වගේම දහම් පාසල් යන්නත් මම හරිම කම්මැලි නිසා බොහෝ විට මගේ සති අන්තය ගෙවෙන්න ඇත්තේ ගෙදර තමා. අපොස සාපෙ කාලේ සෙනසුරාදාත් උසස් පෙල කාලෙ සෙනසුරාදා ඉරිදා සවස් දෙකමත් අමතර පන්තිවලට මගෙ සති අන්තය වැය උනා. ඊටත් පස්සේ රැකියාවක් කරනකම්ම මගේ සති අන්තයන් ගෙවුනේ එක එක දේවල් ඉගෙන ගන්න ගිය පංති වලට. රැකියාවක් අරන්න පටන්ගත්තට පස්සෙ නම් සති අන්නත්ය කියන්නේ විවේකී සති අන්තයක්ම උනා. බොහෝ වෙලාවට සති අන්තය තනිකරම ගෙවුනේ කන්නයි නිදා ගන්නයි ව්තරයි. අඩුම ගානේ මූණ හොදන්නවත් ඒකෙ වෙලවක් වෙන් වෙල තිබ්බේ නැහැ. උදේ නැගිටිනවා, කනවා බුදියන්වා . ආයි දවලට නැගිටිනවා, කනවා බුදියන්වා. රෑටත් එහෙම්මමයි. දවස් දෙකම.
මගේ විවේකී සති අන්තය වෙනස් උනේ මම පෙම්වතෙක් උනාම. එතකොට විවෙකී බව නැති වෙලා එයා එක්ක එහෙ මෙහෙ අවිදින සති අන්තයක් උනා. දැන් මන් ගෙවන්නේ එ ඇවිදින ස්ති අන්ත. ඔය අතරේ කිසියම් හේතුවක් නිසා මට යන්න එහෙම බැරි උනොත් ඒක කෙලින්ම වලිබර සති අන්තයක් බවට පත් වෙනවා. මගෙ නොපැමිනීම මුළු සති අන්තය පුරාම සඳුදා වෙනකම් පවතින යුද්ධයකට මුල පුරන්නක් බවට දැන් පත්වෙලා
එයා හම්බ වෙනන සති අන්තය වෙනකම් මන් ඉන්නේ ඇඟිලි ගැන ගැන කියන පෙම්වතියන් නම් මන් දැකලා තියෙනව ඒත් එහෙම ගනින පෙම්වතෙක් නම් මන් තාම දැකලා නැහැ.
Post a Comment