නිවෙස්වල ඇති කරන සියලුම සුරතල් සතුන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සදහන් කළේ එහි නියමු ව්‍යාපෘතිය තම බල ප්‍රදේශයෙන් ආරම්භ කරන බවය.
එයින් අනතුරුව එය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර පසුව අනෙක් පළාත් තුළද ව්‍යාප්ත කෙරෙනු ඇත.
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පෙන්වා දෙන්නේ අයාලේ යන සුරතල් සතුන් හේතුවෙන් විවිධ රෝග සමාජය පුරා පැතිර යන අතර ඒවා පාලනය කිරීමට රජයට විශාල පිරිවැයක් දැරීමටද සිදුවන බවය
Post a Comment