මෙරට සරසවි අර්බුදවල වැඞීවීමක් මිස අඩුවීමක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව සමාජය තුල පවතින්නේ ද, එකිනෙකට පරස්පර මතයන්. කෙසේ වෙතත්, සරසවි සිසුන් අධ්‍යාපන ගමන් මගෙන් ඉවත් කර දේශපාලන කි‍්‍රයාකාරකම් සඳහා යොදා ගන්නා බවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයට නැගෙන්නේ බරපතල චෝදනාවක්. විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන සිසුන්ගේ දෙමාපියන්ද, එය අනුමත කරන්නේ නැහැ. පසුගිය දිනෙක ද, සරසවි සිසුන් පිරිසක් බලහත්කාරයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයට ඇතුළු වූ අතර, අනතුරුව පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පසු අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනෙකු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ පසු වනවා. මෙම සියළු අර්බුද පිළිබඳව ඔබට දැන් හිරු හරහා ඔබේ විවෘත අදහස් ඉදිරිපත් කළ හැකියි. සරසවි අර්බුද නිමාවීමට නම් කුමක් කළ යුතු ද ?
අමුතු කතාව
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment