2010 ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ජයග්‍රහණය ලැබුවේ නම් ශ්‍රී ලංකා සම්බන්ධව අමෙරිකානු දැක්මෙහි වෙනසක් සිදුවිය හැකි බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති පැට්‍රිෂියා බුටනිස් විසින් යවන ලද කේබල් පණිවිඩයක් විකිලීක්ස් මගින් අනාවරණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පුවත්පතක් මගින් විකිලීක්ස්හි මෙම නවතම කේබල් පණිවිඩය පිළිබඳව අනාවරණය කර ඇති බව සඳහන්ය.
විපක්ෂය ජයග්‍රහණය ලැබී නම් ශ්‍රී ලංකා රජයේ ඉදිරි ගමන සම්බන්ධ මූලික කරුණු පිළිබඳව, අමෙරිකානු ඇගයුමෙහි දේශපාලන මතය තුළ විශාල වෙනසක් ඇතිවිය හැකි බව මෙම කේබල් පණිවිඩය මගින් පෙන්වා දී ඇත.
2010 ජනවාරි මස 22 වන දින මෙම කේබල් පණිවිඩය නිකුත් කර ඇති බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ගැටලු පිළිබඳව විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා විසින් වැදගත් ප්රතිඥාවන් බොහොමයක් ලබා දී ඇති බව ද එම පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.
එමනිසා රාජපක්ෂ රජයකට වඩා විපක්ෂ රජයක් බලයට පත්වී නම් ඉක්මන් ඉදිරි ගමනක් අපේක්ෂා කළ හැකි බව ද අමෙරිකානු තානාපතිය අදාළ පණිවිඩය මගින් සඳහන් කර ඇති බව කියැවේ.
Post a Comment