ඕෂධී සමගින් ඉරිදා රිවිර කල කතා බහ...
*ඕෂධී ඉතින් කොහොමද තොරතුරු?
ම්..හොසින් ඉන්නවා.මේ දිනවල මහින්දාගමනය චිත්රපටියේ අවසාන් අදියරේ රෑගත කිරිමිවලට සහභාගි වෙනවා.ඊට අමතරව ස්වර්ණවාහිනියේ සතියේ දවස පහේම උදේ 11.00ට ජීවිතේ ලස්සනයි වැඩසටහන මෙහෙයවනවා.ඔය විදියට හොදින් කටයුතු කෙරීගෙන යනවා..
*මහින්දාගමනයේ චිත්රපටියේ ඔබේ චරිතය ගැන කතා කළොත්?
මහින්දාගමනයේ කතා තේමාව වෙලා තියෙන්නේ මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරිමයි.ඒ වගේම ලංකාවේ පළමුවැනි වතාවට භික්ෂුණි ශාසනයට ඇතුලු වුණු පළමුවැනි කාන්තාව අනුලා බිසව.පසුව ඇය රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වෙනවා. මහානාග යුව රජ්ජුරුවන්ගේ බිසව හා දේවානමි පියතිස්ස රජ්ජුරුවන්ගේ සහෝදරයාගේ බිරිදි තමයි ඇය.ඉතින් අනුලා බිසවගේ චරිතය තමයි මම නිරෑපණය කරන්නේ..
*මෙවැනි චරිතයකට ඔබ තෝරා ගැනීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හරිම සතුටුයි.ඒ ගැන මම මුලින්ම චිත්රපටියේ අධ්යක්ෂ සනත් අබේසේකර මහතාට ස්තුති කරන්න ඕනෑ මාව ඒ චරිතය සදහා තෝරා ගැනිම පිළිබදව.
*ඇත්තද ඔය ලස්සන කොණ්ඩය බු ගාන්න යනවා කියන්නේ.?
මම මුලින් කියු විදියට මට විශාල කැප කිරීමක් මේ චරිතය වෙනුවෙන් කරන්න වෙනවා කිවිවේ ඒකයි.මේ චරිතයේ හැටියට අනුලා බිසව මිහිදු හාමුදුරුවන්ගෙන් බණ අහලා මහණ වෙන්න ඉල්ලනවා.ඒ වේලාවේ තමයි මිහිදු හාමුදුරුවෝ කියන්නේ කාන්තාවන් මහණ කරන්න අපට අකැපයි මම සංඝමිත්තා තෙරණිය වැඩමවලා මහණ කරන්නම් කියලා.ඇත්තටම අනුලා බිසව මහණ කරන්න තමයි සංඝමිත්තා තෙරණීය ඉන්දියාවෙන් ශ්රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රුගෙන ලංකාවට වඩින්නේ.මේ දර්ශනය අධ්යක්ෂට ඕනෑ කරලා තියෙන්නේ සජීවිව කොණ්ඩෙ කපලා ඒ කෑලි ටික වතුරට දාලා ලස්සන කරන්න.ඒ දර්ශනයක් නිසා මම දකිනවා චිත්රපටියකට කෘතිම තට්ටයක් දානවට වඩා ස්වහාවික ගන්න පුලුවන් නම් හොදයි කියලා.
*මේ කොණ්ඩෙ බු ගානවට දුක නැද්ද?
දුකක් නමි නැහැ.මොකද වෙන දේක දි තට්ටේ ගාන්න වුණා නම් දුකක් තියේවි.නමුත් මේ කාරණාවේ දී හිස බු ගාන්න විම ගැන දුකක් නැහැ.මොකද කියනවා නමි ඉතිහාසයේ බොහෝම ගෞරවනීය චරිතයක් නිසා.මට හැමොම කිව්වේ ඕෂධි ඔයාට ඔය වගේ චරිතයක් කරන්න ලැබෙන එකක් ලොකු පිනක් කියලා. ලංකාවේ මහණ වුණු පළමුවැනි කාන්තාව හා රහතන් වහන්සේ නමක් නිසා.ඒ වගේම වර්තාමාන සමාජයේ අනුලා බිසව දැකලා නැහැනේ.ඉතින් ඒ නිසා අනුලා බිසවගේ චරිතය ඒ ආකාරයට ඒත්තු ගැන්වෙන විදියට මම හරියටම කරන්න ඕනේ.ඒ නිසා මට දුකක් නැහැ ගෞරවනීය චරිතයක් වෙනුවෙන් හිස බු ගෑමට විමි ගැන..*ඔබේ සැමියා ප්රදිප් හා දෙමව්පියන් අවසර දුන්නද.?
අම්මා නම් මුලදී විස්සර ඇහුවා මොකටද එහෙම කියලා.ප්රදීප්ට නමි කෙණ්ඩෙ බු ගාන එක ගැන මුලින් කියන්න ඉස්සෙල්ලා මට ලැබුණ චරිතය ගැන කිව්වේ.අවසානයේ දී තමයි මම කිව්වේ මෙහෙමයි කොණ්ඩෙ කපන්න වෙනවා කියලා.ප්රදිප් කොහොමත් දන්නවා මම කවදාත් වැරදි තිරණ අරන් නැහැ මගේ ජිවිතේ පුරාවටම කියලා.මගේ යුතුකමක් විදියට මම හැම දෙයක් ම කියනවා.ඔහු මට කිවිවේ හොද දෙයක් වෙනුවෙන් කොණ්ඩෙ බු ගෑවට කමක් නැහැ කියලා...
Post a Comment