මධ්‍යම ලන්ඩන් අධිකරණය මගින් විකිලීක්ස් වෙබ් අඩිවියේ නිර්මාතෘ ජුලියන් අසන්ගේ වෙත ඇප මත මුදාහැරීමට නියෝග කළ ද ඔහු තවමත් නිදහස් කරන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු මුදා හැරීමට එරෙහිව ස්වීඩනයේ පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් වූ ඇපෑලක් හේතුවෙන් ඇප ලබා දීම තාවකාලික අත්හිටුවා තිබීම මීට හේතුව බවද සඳහන්ය.
අදාළ නඩුව නැවත කැඳවීම පිළිබඳව තවමත් දැනුම් දී නොමැති බව ද වාර්තා වේ.
විකිලීක්ස් වෙබ් අඩිවියේ නිර්මාතෘ ජුලියන් අසන්ගේ ඇප මත මුදා හැරීමට මධ්‍යම ලන්ඩන් අධිකරණය ඊයේ(14) තීරණය කරනු ලැබීය.
ඉදිරිපත් වූ ඇප අයදුම්පතක් සලකා බැලූ අධිකරණය ජූලියන් අසන්ගේ පවුම් දෙලක්ෂ හතළිස් දහසක මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළ බව සඳහන්ය.
ස්ත්‍රී දූෂණ චෝදනා මත පසුගිය දා ඔහු අත්අඩංගුවට ගැනුණි. අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජූලියන් අසාන්ගේ නීතීඥයින් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබීය.
විකිලීක්ස් වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය වූ කරුණු හේතුවෙන් දේශපාලන හේතු මත මොහුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව අසාන්ගේ නීතීඥයින් පෙන්වාදෙයි.
ජුලියන් අසාන්ට ඇප ලබා දීම වාර්තා වීමත් සමඟ දහස් සංඛ්‍යාත ජනතාවක් ලන්ඩනයේ වෙස් මිනිස්ටර් මහේත්‍රාත් අධිකරණය ඉදිරිපිටට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Post a Comment