Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


අන්තර්ජාලය තුළ සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සන්සදය වෙත දැනුම් දෙන ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFVtLMOMf1iZTqckyEiORrddd3dn95copsmnpbks1bBGlwFAU0yNxbUkiiBh8Hq3kLsoxLBykAntzk3wOTHP-vSF01JRYh9hVwhyaCT6bLHgIfmHR5WqHHRphpzvNW-5pkY5oFDC3Dric/s320/internet-crime.jpg
අන්තර්ජාලය භාවිතා කිරීම ව්‍යාප්ත වීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරී හා විනාශකාරී දේ සිදු කිරීමටද පෙළැඹී ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ප්‍රධාන විධායක ලාල් ඩයස් මහතා ප්‍රකාශ කරයි.
විශේෂයෙන් FACE BOOK වැනි සමාජ සබඳතා වෙබ් අඩවි වලට පිවිසෙන අයගේ රහස් මුරපද ප්‍රයෝගකාරීව සොරකම් කිරීමටද ඇතැම් කූට පුද්ගලයින් පෙළඹී සිටින අතර එමගින් මුදල් ඉපැයීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
අන්තර්ජාලය තුළ සිදුවන මෙවැනි අපරාධකාරී සහ වංචාකාරී ක්‍රියා පිළිබදව ශ්‍රී ලංකා සර්ට් ආයතනයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය යටතේ ශ්‍රී ලංකා සර්ට් ආයතනය ක්‍රියාත්මක වන අතර මේ පිළිබද වැඩිවිස්තර www.slcert.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැනගත හැකිවේ.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives