මානව හිමිකම්, දේශපාලන සංහිඳියාව අවතැන්වූවන් නැවත පදිංචි කරලීම වැනි ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ප්‍රගතියක් ලබා සිටින බව ඇමරිකා එක්සත් ජනපදය පැහැදිලිව පිිළිගෙන ඇතැයි විකිලීක්ස් වෙබ් අඩවිය හෙළිදරව් කළා. එමගින් අලූතින් ම අන්තර්ජාලයට එක්කර ඇති ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කේබල් පණිවුඩයකින් මේ බව තහවුරු වනවා. ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපතිනී පැටි්රෂියා බියුටිනිස් මෙම පණිවුඩය යවා ඇත්තේ මේ වසරේ ජනවාරි 22 වැනිදායි. අදාල කරුණු සම්බන්ධයෙන් ශි‍්‍ර ලංකාව බොහෝ දෑ සිදුකළ යුතු බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් පසුගියදා කළ ප්‍රකාශය සඳහා මෙමගින් පිළිතුරක් ලැබෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ. තානාපතිනියගේ කේබල් පණිවුඩයේ දැක්වෙන පරිදි යුද්ධය පැවැති සමයේ සිදු වී යැයි කියන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම ද ලක් රජය ප්‍රගතියක් ලබා ඇති කරුණුවලට ඇතුළත්. අදාල කරුණු සම්බන්ධයෙන් ඇමරිකාවට ශී‍්‍ර ලංකාව වෙත ඉලක්ක ලබාදිය නොහැකි බවත්, එම පණිවුඩයේ තවදුරටත් සඳහන්.
මේ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ඇමරිකාව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය අපේක්ෂා කළ බවද විකිලීක්ස් වෙබ් අඩවිය පළකර ඇති නවතම කේබල් පණිවුඩයෙන් තවදුරටත් හෙළිදරව් කරනවා. මෙරට දේශපාලන වාතාවරණය විශාල වෙනසකට ලක් කිරීමට එමගින් හැකියාවක් ලැබෙනු ඇති බවයි ඇමරිකානු තානාපතිනී පැටි්රෂියා බියුටිනීස් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ. උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචිකරලීම පිළිබඳ සංඛ්‍යාලේඛණ රොබට් බ්ලේක් ලක් රජයෙන් පසුගියදා විමසා සිටියා. එහෙත්, පසුගිය ජනවාරි මාසයේ ඇමරිකානු තානාපතිනිය යැවූ කේබල් පණිවුඩයෙන් ඒ පිළිබඳව ශී‍්‍ර ලංකාව ලබා ඇති ප්‍රගතිය පැහැදිලිව සටහන් කර තිබෙනවා.
Post a Comment