අමුතු කතාව
ලියාපදිංචි නොකළ ජංගම දුරකථන අලෙවි සැල් සහ අලූත්වැඩියා මධ්‍යස්ථාන වැටලීම ලබන සතියෙන් ආරම්භ කරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. ජංගම දුරකථන අලෙවි සැල් සහ අලූත්වැඩියා මධ්‍යස්ථාන ලියාපදිංචි කළ යුතු බව ඉකුත් දා ප‍්‍රසිද්ධ කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසා ඇත. ඒ අනුව අලෙවි සැල් සහ අලූත්වැඩිය මධ්‍යස්ථාන දහසත් දෙදහසත් අතර ප‍්‍රමාණයක් ලියාපදිංචි කෙරුනු බවත් අනූෂ පැල්පිට මහතා පවසා ඇති අතර ලියාපදිංචි නොකළ අලෙවි සැල් සහ අලූත්වැඩියා මධ්‍යස්ථාන ගණනාවක් රට පුරා පවත්වාගෙන යන බවට තොරතරු ලැබී ඇති බැවින් පොලිසියේ ද සහාය ලබාගන ඒවා වැටලීම සඳහා තීරණ කල බව දන්වා සිටියි.
0 comments
________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow
Post a Comment