එයා ගොඩක් හොඳ තාත්තා කෙනෙක් – වාසනා
ඔහු ගැන හැඳින්වීමට අටුවාටීකා අවශ්‍ය නැහැ. මොකද නම කියූ සැනින් බොහො දෙනා ඔහුව හොඳින් දන්නා හඳුනන නිසා. පන්දුවෙන් අපේ රට පමණක් නොව ලොවම මවිත කළ චමින්ද වාස් ගැන පසුගිය කාලය පුරාවට විවිධ කතා පැතිර යන්න පටන්ගත්තා. ඒ එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට යළිත් ඔහුගේ නම ඇතුළත් වේවිද නැද්ද යන්න ගැනය. කොහොම නමුත් මේ වන විට 2011 ලෝක කුසලාන තරගාවලියට පන්දු යවන්නන්ගේ බලඇණියේ වාස්‌ගේ නමද සටහන් වෙනවා. ඔහු ගැන නවතම තොරතුරු සොයාගෙන අපි වාස්‌ගේ නිවසට ගොඩ වැදුණා.
ඉදිරියේදී ඔබේ තරග කාලසටහන මොනවගේද?දේශීය හා විදේශීය තරග ප්‍රාන්ත තරගවලට සෙල්ලම් කරනවා. ඒ සඳහා පුහුණු කටයුතු හොඳින් කරගෙන යනවා.වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ සමබරතාවය ප්‍රවීණයෙක් ලෙස ඔබ දකින්නේ කොහොමද?මේ දවස්‌වල කණ්‌ඩායමක් ලෙස ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. පසුගිය ඔස්‌ටේ්‍රලියා සංචාරයේදීත් ඒක පැහැදිලිව පෙනුණා. අපේ ක්‍රීඩකයෝ එක්‌දින තරගවලදී ඉතා හොඳ තත්ත්වයක ඉන්නවා.වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස දිගුකලක් ඉඳල කණ්‌ඩායමෙන් ඉවත්ව ඉන්නකොට මොනවගේ හැඟීමක් ද ඇතිවන්නේ?මා විතරක් නෙමෙයි හැම කෙනකුටම සමුගැනීමට කාලයක් එනවා. ක්‍රිකට් ගහන්න පුළුවන් එකොළොස් දෙනෙකුට විතරයි කියන දෙය අප තේරුම් ගන්න ඕන. ඒ නිසා ඉවත් වෙන්න සුදුසු කාලය ආවහම කරදරයක් නොවී ඉවත් වෙන්න අපි දැනගන්න ඕන. මොකද අපටත් දරු පවුලක් ඉන්නවා. ජීවිතේ ඉතිරි කාලය හරි ඔවුන් එක්‌ක සතුටින් ගත කිරීම තමයි අරමුණ.ඔබ එවැනි තීරණයක් ගෙන තිබෙනවාද?මම 2008 දී ටෙස්‌ට් තරගවලින් සමුගත්තා. ඒ වෙනකොට මම ටෙස්‌ට් තරග එකසිය එකොළහක් සෙල්ලම් කරල තිබුණා. ඒ වෙනුවෙන් රටටත් කණ්‌ඩායමටත් දෙන්න පුළුවන් උපරිමය කළා කියල මම විශ්වාස කරනවා. මට තවමත් එක්‌දින තරග ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් මම දෙදහස් එකොළහ ලෝක කුසලානය වෙනකම් විතරයි ජාත්‍යන්තර තරගවලට සෙල්ලම් කරන්නේ. ඉන්පස්‌සේ එක්‌දින තරගවලිනුත් සමුගන්නවා. නමුත් ප්‍රාන්ත හා දේශීය තරගවලට දිගටම සෙල්ලම් කරනවා.කාර්ය බහුලත්වය කියන්නේ ඕනම කෙනෙක්‌ව තමන්ගේ පවුලෙන් ඈත් කර තැබීමක්?ඒක ඇත්ත. නමුත් මම ටෙස්‌වලින් ඉවත් වුණාම කාලය ගොඩක් ඉතුරු වුණා. ඒ කාලය මම වැය කරන්නේ මගේ බිරිඳ, මගේ දරුවෝ වෙනුවෙන්. මම ඒ කාලයේදී ඔවුන්ගේ ළඟින්ම ජීවත් වුණා. ඇත්තටම එහෙම ගත කරන පවුල් ජීවිතයක් හරිම ලස්‌සනයි. ඒ නිසා මම නිතරම බලන්නේ ඒ දේ හරියට ඉටු කරන්න.නමුත් ජනප්‍රියත්වය කියන්aනෙත් පවුල් ජීවිතවලට බාහිර බලපෑම් එන මගක් ?විවාහකයෙක්, දරුවන්ට තාත්තා කෙනෙක් වුණහම තමන්ගේ ගෙදර ගැන සොයල බලල යුතුකම් ඉටු කිරීම තමයි මූලික වෙන්නේ. ඒ වගකීම මගෙන් ඉටු වෙන නිසා අනවශ්‍ය ප්‍රශ්න අප අතර නැහැ.කටට රසට උයනවා කියල ආරංචියි?ඉස්‌සර නම් මම කෑම උයන්න චුට්‌ටක්‌වත් දන්නේ නැහැ. නමුත් ප්‍රාන්ත තරගවලට ගියහම බොහෝවිට මාස ගණන් අපට තනිවම තමයි අපේ වැඩ කරගන්න වෙන්නේ. මට මතකයි උයන්න දන්නැති නිසා එක දිගට සතියක් විතර මම පාන් කෑවා. ඊට පස්‌සේ තමයි උයන්න පුරුදු වුණේ. මම හිතනව දැන් මට හොඳට උයන්න පුළුවන් කියල.දරුවෝ, බිරිඳ වෙනුවෙන් ඔබ ගෙදර වැඩවලදී මොනවගේ සහයක් ද දෙන්නේ?ගොඩක් වෙලාවට දරුවෝ තුන්දෙනාව නාවන්නේ සෝදන්නේ මම. ඒ අයට ඇඳුම් අන්දවන කටයුතු පාසල් රැගෙන යැම වගේ දේවල් මට පුළුවන් විදිහට මම කරනවා.තනිකඩ කාලේ හීනෙන්වත් හිතුවද මේ වගේ වගකීමක් දරන්න පුළුවන් වෙයි කියලා?ඇත්තටම ඒ කාලේ එහෙම හිතුණේ නැහැ. බැන්දට පස්‌සේ, දරුවෝ ලැබුණට පස්‌සේ හැමදේම වෙනස් වෙනවා. හැමදේම බිරිඳට පවරලා නිකම් ඉන්න මම කැමැති නැහැ.ගෙදර වැඩට අය ඉන්නවද?ගොඩක් වෙලාවට ඇත්තෙම නැහැ. හිටියත් දරුවන්ගේ වැඩ කරන්නෙ අපි දෙන්නා.ගීත ගායනයට දක්‍ෂ බව දන්නවා. දැන් ඒව නතර කරලද? නිවාඩුවක් ලැබෙන විනෝදෙන් ඉන්න හැම වෙලාවෙම ගීත ගායන කරනවා. මම අපේ රටේ ගායකයන්ගේ ගීතවලට තමයි ගොඩක් කැමැති.රියෑලිටි වැඩසටහන්වලින් ආරාධනා ලැබුණත් නොගියේ ඇයි?ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් ක්‍රීඩකයෙක් ලෙස එවැනි තරගවලට සහභාගී වීමට කාලය අඩුයි. ඒ නිසා ගියේ නැහැ.ඔබේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවාද?මම ගොඩක් අමාරුවෙන් උඩට ආව මනුස්‌සයෙක්. ඒ නිසා මට හොඳට මුල මතකයි. ඇත්තටම අමතක කිරීමට බැරි බොහෝ දේ මගේ ජීවිතයේ තියෙනවා.තමන්ගේ හැකියාවන් පිළිබඳව සතුටු වුණු අවස්‌ථා මොනවද?මම මොන ලෝක වාර්තා තැබුවත් ඒ සියල්ල දැන් ඉතිහාසයට එක්‌වෙලා ඉවරයි. ඒ නිසා ඒ දිහා හැරී බලන්න මට වුවමනාවක් නැහැ. අද දවසේ මට වැදගත් වෙන්නේ මා අතින් රටට ඉටුවුණු සේවය මිසක් ගත්ත කඩුලුවත් ගැහුව ලකුණුවත් නෙමෙයි.ඔබේ බිරිඳව තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණ ද?මම වෘත්තීය ක්‍රීඩකයෙක් වෙන්න කලින් තමයි ඇයව හමුවුණේ. එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන හොඳ කෙනෙක්. එදා ඉඳන් අදටත් අපි ආදරෙන් ඉන්නවා.සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා කියලා තමයි අහල තියෙන්නේ. ඉතිං අපි වාස්‌ට ශක්‌තියක් වුණු ඔහුට වාසනාව ගෙනආ ආදරණීය බිරිඳ වාසනා සමග ටිකක් කතාබහ කළා.වාස් මොනවගේ ගති ගුණ ඇති සැමියෙක් ද?චමින්ද ඉතාමත් හොඳ සැමියෙක්. මොන තරම් කාර්ය බහුල වුණත් අපි ගැන සොයා බලනවා. ඇත්තටම මට හරිම ආඩම්බරයි මම එයාගේ බිරිඳ වීම ගැන.පෙම්වතා සැමියා වුණහම පෙම්වතිය බිරිඳ වුණහම සිතන පතන විදිහේ වෙනස්‌කම් ඇතිවෙන අවස්‌ථා තිබෙනවා. මේ අත්දැකීම් ඔබටත් තියෙනවාද?ඔව් තියෙනවා. ඒක තමයි එයා බැන්දට පස්‌සේ ගොඩක් හොඳ කෙනෙක් වුණා. ආදරය කරන කාලේ එයාට හරියට කේන්ති යනවා. ඒ කාලේ මම චුට්‌ටක් පරක්‌කු වුණත් හරියට කලබල වෙනවා. කේන්ති යනවා. හැබැයි බැන්දට පස්‌සේ ඒ ගති ඔක්‌කොම වෙනස් වුණා. මගේ හිත රිදෙන කිසිම දෙයක් නොකර ඉන්න තමයි උත්සාහ කරන්නේ. දුව ලැබුණට පස්‌සේ ගොඩක් වෙනස් වුණා. පුතාල දෙන්නට පස්‌සෙත් එහෙමයි.තාත්ත කෙනෙක් විදිහට වාස් දරුවන්ට තිබෙන බැඳීම මොනවගේද?එයාගේ ලෝකේ දරුවෝ තුන්දෙනා තමයි. එයා දරුවන්ට හරිම ආදරෙයි. මම ඉස්‌සර ගෙදර වගකීම් එයාට වැඩිය කියන්නේ නැහැ. එයා හරියට කලබල වෙන නිසා. ක්‍රිකට් වගේම ගෙදර වැඩත් හොඳින් ඉටු කරන්න එයා දන්නවා.තාත්තා ගෙදරින් ඈත්වෙලා ඉන්න අවස්‌ථාවල දරුවන්ට ඒ දේ දැනෙන්නේ කොහොමද?දුව නම් ටිකක් ලොකු නිසා දැන් පුරුදුයි. පුතාල දෙන්නට නම් ඒක හොඳට දැනෙනවා. විශේෂයෙන් ලොකු පුතාට ඒක දරාගන්න අමාරුයි.උයන පිහන කටයුතු වාස්‌ටම භාරදීල කියන්නේ ඇත්තද?ගෙදර වැඩ එයාටම පවරල නැහැ. නමුත් එයාට රසට උයන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දේශීය ආහාර තමයි වැඩිපුර ගන්නේ. ගෙදර විශේෂ කෑමක් හදනවා නම් එයා තමයි හදන්නේ. ඊට අමතරව මස් වර්ග එහෙම මට වඩා හොඳට එයා උයනවා.ළමයි ආසද තාත්තගේ කෑමවලට?අපෝ ඔව්. ඒ වගේ කෑම තාත්ත ඉව්වහම එයාල ආසාවෙන් කනවා.ගෙදර වැඩ බෙදාගෙනද කරන්නේ?පොඩි අයගේ වැඩ නම් එයාට කියන්න ඕන නැහැ. කිරි බෝතලේ ඉඳන් සෝදනවා.වාස් ජනප්‍රිය කෙනෙක් නිසා ගෙදරින් පිටවෙලා ඉන්න වෙලාවට ඉරිසියාවක් එහෙම හිතෙන්නැද්ද?විශ්වාසය කියන දෙය පවුලක් වුණහම හොඳින් තියෙන්න ඕන. ඒක තමයි අප අතර තිබෙන බැඳීම. දැන් අපි බැඳල වසර එකොළොහක් වෙනවා. කවදාවත් ඒ විශ්වාසය බිඳිලා නැහැ.රසිකාවියන්ගේ ප්‍රතිචාරවලට හිත ගැස්‌සුන අවස්‌ථා නැතිවෙන්න බැහැ?පෙම්වතිය විදිහට සිටි කාලෙ නම් ඒවා දරාගන්න අමාරු වුණා. බැන්දට පස්‌සෙ නම් මම තේරුම් ගත්තා. කොහොමත් චමින්ද දන්නවා එයාලව ආශ්‍රයකරන්න ඕන විදිහ වැඩිපුර එන අයව තියාගන්න ඕන සීමාව එයා දන්නවා. ඒ නිසා ඒ ගැන බියක් නැහැ.වාස් ක්‍රිකට්‌වලින් සමුගත්තට පස්‌සේ මොනවගේ වෘත්තියක් කරනවටද කැමැති?මම නම් ආස හොඳ පුහුණුකරුවෙක් වෙනවට. මොකද එයාට වගේ හැකියාවක් හා පළපුරුද්ද තිබෙන ටික දෙනයි ලෝකේ ඉන්නේ.වාස්‌ගේ ක්‍රිකට් ජීවිතයේ ඔබට අමතක නොවන දේවල් මොනවද?චමින්දයි කුමාර ධර්මසේනයි පරදින්න ගිය ඔස්‌ටේ්‍රලියා මැච් එකක් බැට් කරලා දිනෙව්වා. ඒ වගේම මගේ උපන් දිනය දවසේ විකට් අටක් අරගත්තා. ලෝක ශූරතා තරගයකදී ගත්ත ෆැට්‌රික් එකත් මට අමතක වෙන්නේ නැහැ.වාස්‌ගේ ක්‍රිකට්‌වලින් සමු ගැනීම ඔබට මොනවගේ දැනෙයිද?ක්‍රිකට් කියන්නේ එයාගේ ජීවිතය වගේ දෙයක්. මෙයා ගොඩක් සංවේදීයි. ඒ නිසා අපිත් එයා වෙනුවෙන් හැඩගැසුණා මිසක් අපිට කියල වෙනත් ජීවිතයක් තිබුණේ නැහැ. ඒ තීරණයට මම කලින් ගොඩක් බය වුණා. නමුත් දැන් එයා ඒ දේ හොඳින් තේරුම් අරන් තියෙනවා. මමත් ආස එයා හොඳට සෙල්ලම් කරන තරගයකදී ඉවත් වෙනවටයි.වාස්‌ගේ දුර්වලතා ලෙස ඔබ දකින්නේ?එයා ගොඩක් වෙලාවට හැම යාළුවන්වම එකවගේ විශ්වාස කරනවා. නමුත් හැමෝම එකවගේ නෙමෙයි. ඒ වගේම තමයි මෙයා හරිම සංවේදී වැඩියි. ඒක එයාගේ සෞඛ්‍යයටත් හොඳ නැහැ.ටෙස් තරගාවලිය සමුඅරන් පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එයාගේ මුහුණේ තිබුණු හැඟීම් මට කවදාවත් අමතක කරන්න බැහැ. එදා එයාට අඬන්න ඕනකම තිබුණත් අඬන්නැතුව ඉන්න ගොඩක් උත්සාහ කළා.වාස්‌ගේ බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?කලිනුත් කිව්වා වගේ මට හරිම ආඩම්බරයි. ඒ නිසාම මටත් ගොඩක් අය සලකනවා. මම ආසම දේ තමයි ගොඩක් දෙනෙක් නිතරම එයාගේ හොඳ ගැන කතා කිරීම.රංග විදානේඡායා – නදුන් බදුගේ
ඔබ එවැනි තීරණයක් ගෙන තිබෙනවාද?
මම 2008 දී ටෙස්‌ට් තරගවලින් සමුගත්තා. ඒ වෙනකොට මම ටෙස්‌ට් තරග එකසිය එකොළහක් සෙල්ලම් කරල තිබුණා. ඒ වෙනුවෙන් රටටත් කණ්‌ඩායමටත් දෙන්න පුළුවන් උපරිමය කළා කියල මම විශ්වාස කරනවා. මට තවමත් එක්‌දින තරග ක්‍රීඩා කරන්න පුළුවන්. නමුත් මම දෙදහස් එකොළහ ලෝක කුසලානය වෙනකම් විතරයි ජාත්‍යන්තර තරගවලට සෙල්ලම් කරන්නේ. ඉන්පස්‌සේ එක්‌දින තරගවලිනුත් සමුගන්නවා. නමුත් ප්‍රාන්ත හා දේශීය තරගවලට දිගටම සෙල්ලම් කරනවා.
කාර්ය බහුලත්වය කියන්නේ ඕනම කෙනෙක්‌ව තමන්ගේ පවුලෙන් ඈත් කර තැබීමක්?
ඒක ඇත්ත. නමුත් මම ටෙස්‌වලින් ඉවත් වුණාම කාලය ගොඩක් ඉතුරු වුණා. ඒ කාලය මම වැය කරන්නේ මගේ බිරිඳ, මගේ දරුවෝ වෙනුවෙන්. මම ඒ කාලයේදී ඔවුන්ගේ ළඟින්ම ජීවත් වුණා. ඇත්තටම එහෙම ගත කරන පවුල් ජීවිතයක් හරිම ලස්‌සනයි. ඒ නිසා මම නිතරම බලන්නේ ඒ දේ හරියට ඉටු කරන්න.
නමුත් ජනප්‍රියත්වය කියන්aනෙත් පවුල් ජීවිතවලට බාහිර බලපෑම් එන මගක් ?
විවාහකයෙක්, දරුවන්ට තාත්තා කෙනෙක් වුණහම තමන්ගේ ගෙදර ගැන සොයල බලල යුතුකම් ඉටු කිරීම තමයි මූලික වෙන්නේ. ඒ වගකීම මගෙන් ඉටු වෙන නිසා අනවශ්‍ය ප්‍රශ්න අප අතර නැහැ.
කටට රසට උයනවා කියල ආරංචියි?
ඉස්‌සර නම් මම කෑම උයන්න චුට්‌ටක්‌වත් දන්නේ නැහැ. නමුත් ප්‍රාන්ත තරගවලට ගියහම බොහෝවිට මාස ගණන් අපට තනිවම තමයි අපේ වැඩ කරගන්න වෙන්නේ. මට මතකයි උයන්න දන්නැති නිසා එක දිගට සතියක් විතර මම පාන් කෑවා. ඊට පස්‌සේ තමයි උයන්න පුරුදු වුණේ. මම හිතනව දැන් මට හොඳට උයන්න පුළුවන් කියල.
දරුවෝ, බිරිඳ වෙනුවෙන් ඔබ ගෙදර වැඩවලදී මොනවගේ සහයක් ද දෙන්නේ?
ගොඩක් වෙලාවට දරුවෝ තුන්දෙනාව නාවන්නේ සෝදන්නේ මම. ඒ අයට ඇඳුම් අන්දවන කටයුතු පාසල් රැගෙන යැම වගේ දේවල් මට පුළුවන් විදිහට මම කරනවා.
තනිකඩ කාලේ හීනෙන්වත් හිතුවද මේ වගේ වගකීමක් දරන්න පුළුවන් වෙයි කියලා?
ඇත්තටම ඒ කාලේ එහෙම හිතුණේ නැහැ. බැන්දට පස්‌සේ, දරුවෝ ලැබුණට පස්‌සේ හැමදේම වෙනස් වෙනවා. හැමදේම බිරිඳට පවරලා නිකම් ඉන්න මම කැමැති නැහැ.
ගෙදර වැඩට අය ඉන්නවද?
ගොඩක් වෙලාවට ඇත්තෙම නැහැ. හිටියත් දරුවන්ගේ වැඩ කරන්නෙ අපි දෙන්නා.
ගීත ගායනයට දක්‍ෂ බව දන්නවා. දැන් ඒව නතර කරලද? නිවාඩුවක් ලැබෙන විනෝදෙන් ඉන්න හැම වෙලාවෙම ගීත ගායන කරනවා. මම අපේ රටේ ගායකයන්ගේ ගීතවලට තමයි ගොඩක් කැමැති.
රියෑලිටි වැඩසටහන්වලින් ආරාධනා ලැබුණත් නොගියේ ඇයි?
ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් ක්‍රීඩකයෙක් ලෙස එවැනි තරගවලට සහභාගී වීමට කාලය අඩුයි. ඒ නිසා ගියේ නැහැ.
ඔබේ ක්‍රීඩා ජීවිතයේ අමතක නොවන සිදුවීම් මොනවාද?
මම ගොඩක් අමාරුවෙන් උඩට ආව මනුස්‌සයෙක්. ඒ නිසා මට හොඳට මුල මතකයි. ඇත්තටම අමතක කිරීමට බැරි බොහෝ දේ මගේ ජීවිතයේ තියෙනවා.
තමන්ගේ හැකියාවන් පිළිබඳව සතුටු වුණු අවස්‌ථා මොනවද?
මම මොන ලෝක වාර්තා තැබුවත් ඒ සියල්ල දැන් ඉතිහාසයට එක්‌වෙලා ඉවරයි. ඒ නිසා ඒ දිහා හැරී බලන්න මට වුවමනාවක් නැහැ. අද දවසේ මට වැදගත් වෙන්නේ මා අතින් රටට ඉටුවුණු සේවය මිසක් ගත්ත කඩුලුවත් ගැහුව ලකුණුවත් නෙමෙයි.
ඔබේ බිරිඳව තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණ ද?
මම වෘත්තීය ක්‍රීඩකයෙක් වෙන්න කලින් තමයි ඇයව හමුවුණේ. එයා සාමාන්‍ය ජීවිතයක් ගත කරන හොඳ කෙනෙක්. එදා ඉඳන් අදටත් අපි ආදරෙන් ඉන්නවා.
සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනියක් ඉන්නවා කියලා තමයි අහල තියෙන්නේ. ඉතිං අපි වාස්‌ට ශක්‌තියක් වුණු ඔහුට වාසනාව ගෙනආ ආදරණීය බිරිඳ වාසනා සමග ටිකක් කතාබහ කළා.
වාස් මොනවගේ ගති ගුණ ඇති සැමියෙක් ද?
චමින්ද ඉතාමත් හොඳ සැමියෙක්. මොන තරම් කාර්ය බහුල වුණත් අපි ගැන සොයා බලනවා. ඇත්තටම මට හරිම ආඩම්බරයි මම එයාගේ බිරිඳ වීම ගැන.
පෙම්වතා සැමියා වුණහම පෙම්වතිය බිරිඳ වුණහම සිතන පතන විදිහේ වෙනස්‌කම් ඇතිවෙන අවස්‌ථා තිබෙනවා. මේ අත්දැකීම් ඔබටත් තියෙනවාද?
ඔව් තියෙනවා. ඒක තමයි එයා බැන්දට පස්‌සේ ගොඩක් හොඳ කෙනෙක් වුණා. ආදරය කරන කාලේ එයාට හරියට කේන්ති යනවා. ඒ කාලේ මම චුට්‌ටක් පරක්‌කු වුණත් හරියට කලබල වෙනවා. කේන්ති යනවා. හැබැයි බැන්දට පස්‌සේ ඒ ගති ඔක්‌කොම වෙනස් වුණා. මගේ හිත රිදෙන කිසිම දෙයක් නොකර ඉන්න තමයි උත්සාහ කරන්නේ. දුව ලැබුණට පස්‌සේ ගොඩක් වෙනස් වුණා. පුතාල දෙන්නට පස්‌සෙත් එහෙමයි.
තාත්ත කෙනෙක් විදිහට වාස් දරුවන්ට තිබෙන බැඳීම මොනවගේද?
එයාගේ ලෝකේ දරුවෝ තුන්දෙනා තමයි. එයා දරුවන්ට හරිම ආදරෙයි. මම ඉස්‌සර ගෙදර වගකීම් එයාට වැඩිය කියන්නේ නැහැ. එයා හරියට කලබල වෙන නිසා. ක්‍රිකට් වගේම ගෙදර වැඩත් හොඳින් ඉටු කරන්න එයා දන්නවා.
තාත්තා ගෙදරින් ඈත්වෙලා ඉන්න අවස්‌ථාවල දරුවන්ට ඒ දේ දැනෙන්නේ කොහොමද?
දුව නම් ටිකක් ලොකු නිසා දැන් පුරුදුයි. පුතාල දෙන්නට නම් ඒක හොඳට දැනෙනවා. විශේෂයෙන් ලොකු පුතාට ඒක දරාගන්න අමාරුයි.
උයන පිහන කටයුතු වාස්‌ටම භාරදීල කියන්නේ ඇත්තද?
ගෙදර වැඩ එයාටම පවරල නැහැ. නමුත් එයාට රසට උයන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දේශීය ආහාර තමයි වැඩිපුර ගන්නේ. ගෙදර විශේෂ කෑමක් හදනවා නම් එයා තමයි හදන්නේ. ඊට අමතරව මස් වර්ග එහෙම මට වඩා හොඳට එයා උයනවා.
ළමයි ආසද තාත්තගේ කෑමවලට?
අපෝ ඔව්. ඒ වගේ කෑම තාත්ත ඉව්වහම එයාල ආසාවෙන් කනවා.
ගෙදර වැඩ බෙදාගෙනද කරන්නේ?
පොඩි අයගේ වැඩ නම් එයාට කියන්න ඕන නැහැ. කිරි බෝතලේ ඉඳන් සෝදනවා.
වාස් ජනප්‍රිය කෙනෙක් නිසා ගෙදරින් පිටවෙලා ඉන්න වෙලාවට ඉරිසියාවක් එහෙම හිතෙන්නැද්ද?
විශ්වාසය කියන දෙය පවුලක් වුණහම හොඳින් තියෙන්න ඕන. ඒක තමයි අප අතර තිබෙන බැඳීම. දැන් අපි බැඳල වසර එකොළොහක් වෙනවා. කවදාවත් ඒ විශ්වාසය බිඳිලා නැහැ.
රසිකාවියන්ගේ ප්‍රතිචාරවලට හිත ගැස්‌සුන අවස්‌ථා නැතිවෙන්න බැහැ?
පෙම්වතිය විදිහට සිටි කාලෙ නම් ඒවා දරාගන්න අමාරු වුණා. බැන්දට පස්‌සෙ නම් මම තේරුම් ගත්තා. කොහොමත් චමින්ද දන්නවා එයාලව ආශ්‍රයකරන්න ඕන විදිහ වැඩිපුර එන අයව තියාගන්න ඕන සීමාව එයා දන්නවා. ඒ නිසා ඒ ගැන බියක් නැහැ.
වාස් ක්‍රිකට්‌වලින් සමුගත්තට පස්‌සේ මොනවගේ වෘත්තියක් කරනවටද කැමැති?
මම නම් ආස හොඳ පුහුණුකරුවෙක් වෙනවට. මොකද එයාට වගේ හැකියාවක් හා පළපුරුද්ද තිබෙන ටික දෙනයි ලෝකේ ඉන්නේ.
වාස්‌ගේ ක්‍රිකට් ජීවිතයේ ඔබට අමතක නොවන දේවල් මොනවද?
චමින්දයි කුමාර ධර්මසේනයි පරදින්න ගිය ඔස්‌ටේ්‍රලියා මැච් එකක් බැට් කරලා දිනෙව්වා. ඒ වගේම මගේ උපන් දිනය දවසේ විකට් අටක් අරගත්තා. ලෝක ශූරතා තරගයකදී ගත්ත ෆැට්‌රික් එකත් මට අමතක වෙන්නේ නැහැ.
වාස්‌ගේ ක්‍රිකට්‌වලින් සමු ගැනීම ඔබට මොනවගේ දැනෙයිද?
ක්‍රිකට් කියන්නේ එයාගේ ජීවිතය වගේ දෙයක්. මෙයා ගොඩක් සංවේදීයි. ඒ නිසා අපිත් එයා වෙනුවෙන් හැඩගැසුණා මිසක් අපිට කියල වෙනත් ජීවිතයක් තිබුණේ නැහැ. ඒ තීරණයට මම කලින් ගොඩක් බය වුණා. නමුත් දැන් එයා ඒ දේ හොඳින් තේරුම් අරන් තියෙනවා. මමත් ආස එයා හොඳට සෙල්ලම් කරන තරගයකදී ඉවත් වෙනවටයි.
වාස්‌ගේ දුර්වලතා ලෙස ඔබ දකින්නේ?
එයා ගොඩක් වෙලාවට හැම යාළුවන්වම එකවගේ විශ්වාස කරනවා. නමුත් හැමෝම එකවගේ නෙමෙයි. ඒ වගේම තමයි මෙයා හරිම සංවේදී වැඩියි. ඒක එයාගේ සෞඛ්‍යයටත් හොඳ නැහැ.
ටෙස් තරගාවලිය සමුඅරන් පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එයාගේ මුහුණේ තිබුණු හැඟීම් මට කවදාවත් අමතක කරන්න බැහැ. එදා එයාට අඬන්න ඕනකම තිබුණත් අඬන්නැතුව ඉන්න ගොඩක් උත්සාහ කළා.
වාස්‌ගේ බිරිඳ වීම ගැන මොකද හිතෙන්නේ?
කලිනුත් කිව්වා වගේ මට හරිම ආඩම්බරයි. ඒ නිසාම මටත් ගොඩක් අය සලකනවා. මම ආසම දේ තමයි ගොඩක් දෙනෙක් නිතරම එයාගේ හොඳ ගැන කතා කිරීම.
රංග විදානේ
ඡායා – නදුන් බදුගේ
Post a Comment