Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


එංගලන්ත ක‍්‍රීඩකයන් ද තරග පාවාදීම්වලට සම්බන්ධ බවට පාකිස්ථාන කි‍්‍රකට් සම්මේලන ප‍්‍රධානි ඉජාස් බට් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් එංගලන්ත-පාකිස්ථාන 4 වැනි එක්දින තරගය නතර වීමේ අවදානමක් ඊයේ (20) පැන නැගුණා. පාකිස්ථාන ක‍්‍රිකට් ප‍්‍රධානියාගේ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට ද එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලය අනතුරු ඇඟවීමක් ද කළා. එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැරදි ආදර්ශයක් සැපයිය නොහැකි බැවින් පාකිස්ථානය සමඟ ඉතිරි තරග ද එලෙසින්ම පවත්වන බවයි එමගින් කියා සිටියේ. ඔට්ටු තබන්නන්ගෙන් මුදල් ලබාගෙන එංගලන්ත ක‍්‍රීඩකයන් 3 වැනි එක්දින තරගයේදී පාකිස්ථානයට පරාජය වූ බවටයි ඉජාස් බට් චෝදනා කළේ.

කෙසේ නමුත් එංගලන්ත-පාකිස්ථාන 4 වැනි එක්දින තරගය ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (20* පැවැත්වුණා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම සිය පන්දු වාර 50 තුළ දී කඩුලූ 7ක් දැවී ලකුණු 265ක් රැුස් කළා. මොහොමඞ් හෆීස් ලකුණු 64 යි. අබ්දුල් රසාක් නොදැවී 44 යි. පිළිතුරු වශයෙන් එංගලන්ත පිලට 47 වන පන්දු වාරයේ දී සියලූ ක‍්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ, ලකුණු 227ක් පමණයි. මේ අනුව පාකිස්ථානු පිලට ලකුණු 38ක ජයක් අත් වූ අතර, තරගාවලිය ජයග‍්‍රහණ දෙකට දෙකක් ලෙස සම වනවා

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives