Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

මේඑන්.සී.සී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. පසුගිය දවසක මේ ක්‍රීඩාංගණය ටිකක් කාර්ය බහුල වුණා. ඒ ජාත්‍යන්තර හෝ මෙරට ක්‍රිකට් තරගයක් නිසා නම් නොවෙයි. ඒත් මෙයත් එක්තරා ක්‍රිකට් තරගයක් කියන එක ඔබට කියන්න ඕන. 
ඒ අතර වෙනදා අප දකින ක්‍රිකට් තරුවලට වඩා හාත්පසින්ම වෙනස් තරු කිහිපයක් මෙහි රැඳී හිටියා. පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, අශේන් මංජුල, වසන්ත කුමාරවිල, ඩිලෝන් ජයසිංහ වැනි රංගන ක්ෂේත්‍රයේ තරු කිහිපයක් මේ සඳහා ඇවිත් හිටියා. ඒ අතරට මේනක රාජපක්‍ෂත්, සුපිරි ක්‍රිකට් තරුවක් වන තිලකරත්න ඩිල්ෂානුත් එක්වෙලා. මේ හෝඩුවාව ‘රසඳුන’ අපටත් ලැබුණා.
”ක්‍රිකට් කියන්නේ බැට් කරන එකවත් බෝල දමන එකවත් නෙමෙයි. ඒක සංකීර්ණයි. අද අපි මේ හැම දේම පියවරෙන් පියවර ඉගෙන ගන්න ඕන. මොකද කියන්නේ කට්ටිය සූදානම් නේද?
මෙහෙම කියන්නේ ඩිල්ෂාන්.


මේ සූදානම 1947 දී අපි සුද්දට දුන්න අභියෝගයක් ජයගන්න. මේ අභියෝගය සුද්දට එරෙහිව ක්‍රිකට් තරගයක් තියන්න. හැබැයි මෙය ජයගත්තොත් අපි බදු බර වලින් වගේම වහල් සේවයෙනුත් නිදහස ලබනවා. ඒත් ඒක එතරම් පහසු කාර්යයක් නෙමෙයි.
Ok, cutනියමයි.
මගේ දැහැන බිඳීගියේ ලැබුණු විධානයෙන්. හැමෝම අතට අත දුන්නේ තිලකරත්න ඩිල්ෂාන්ට. ඔහු තමයි මේ අයට ක්‍රිකට් ගහන්න තාක්‍ෂණික විධි පුහුණු කරන්නේ. හැබැයි ඒ වෙනකොටත් අධි ආලෝකධාරා වගේම කැමරාවකුත් එල්ල වෙලා.
ඇයි මේ...?
ලංකාවේ ප්‍රථම වතාවට ක්‍රිකට් වෙනුවෙන් හැදෙන පළමු සිනමාපටයේ රූගත කිරීම් සිදුවුණ එක් දර්ශන තලයක් කොළඹ එන්.සී.සී ක්‍රිකට් ක්‍රීඩාංගණය. මේ එහි සුන්දර දසුනක්. ඒ වගේම ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන තිලකරත්න ඩිල්ෂාන් පළමු වරට රංගනයෙන් එකතුවන සිනමාපටයයි ‘සිංහාවලෝකන’.
”ඇත්තටම පසුගිය දින ටිකේම තුන්කොන් තරගාවලිය නිසා කාර්ය බහුල වෙලා හිටියේ. ඒත් ඒ ජයග්‍රහණයත් සමඟම ටික දවසක විරාමයක් ලැබුණා. ඒ අතරෙදියි සුනෙත්ගෙන් මට මේ ‘සිංහාවලෝකන’ සිනමාපටයට රංගනයෙන් එක්වෙන්න අවස්ථාව ලැබුණේ. ඇත්තටම මේ කතාව 1947 ඉතිහාසය දක්වා දිවෙන කතාවක්. අනෙක ක්‍රිකට් වෙනුවෙන් හැදෙන චිත්‍රපටයක්. ඒ නිසා මගේ කැමැත්තකුත් තිබුණා.
ලබන වසරේ ලෝක කුසලානයත් ආරම්භ වෙනවා. ඒ කාලේදියි මෙය තිරගත කරන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ලංකාවේ ක්‍රිකට්වලට මෙය ලොකු යහපත් බලපෑමක් වෙයි කියලා මට හිතෙනවා.
මෙය අලුත් අත්දැකීමක්. කැමරාව ඉදිරියේ රංගනයේ යෙදෙන්න අපහසුවක් දැනුණේ නැද්ද?
මුලදි ලොකු තිගැස්මක් තිබුණා. මේක භාරගත්තට කරන්න පුළුවන් වෙයිද කියලා. ඒත් වෙළෙඳ දැන්වීම් කිහිපයකට මුහුණ දීලා හිටපු නිසා විශ්වාසයක් තිබුණා. අනෙක මගේ බිරිඳ රංගනයේ නියැළිලා හිටපු කෙනෙක්. (මංජුලා තිළිණි) එයත් උදව් කරා. දැනුත් මෙතෙන්ට ඇවිත් කොහොමද දෙබස් කියන්න ඕන මේක කරන්නේ කොහොමද 


හැමදේම කියලා දුන්නා. ඉතිං ඒකත් ලොකු ශක්තියක්.
ඔය විදිහට රඟපාන්න ආරාධනා ලැබුණොත් යොමුවෙන්න කැමැතියිද?
ඇත්තටම තවම එහෙම බලාපොරොත්තුවක් නැහැ. දැනට මගේ ලොකුම බලාපොරොත්තුව එළැඹෙන ලෝක කුසලානය. එයට හොඳින් මුහුණ දීලා කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරන්නයි උත්සාහ ගන්නේ. ඒ නිසා වෙන කිසිම දේකට මම හිතයොමු කරන්නේ නැහැ. ඇත්තටම මෙම චිත්‍රපටය වුණත් ක්‍රිකට්වලට සම්බන්ධයි. ඒ නිසයි කැමැති වුණේ. 
ඒ වගේම දින දෙකයි රූගත කිරීම් තියෙන්නේ. මගේ ජීවිතේ එක්තරා සුන්දර අත්දැකීමක් මේක. ඉතිං මට මේ අවස්ථාව ලබාදුන්නට ‘සිංහාවලෝකන’ සිනමාපටයේ අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංගට ස්තුතිවන්ත වෙන්න ඕන.
සුනෙත් මාලිංග ලොකුහේවා සිංහල සිනමාවට එක්වන නවතම සිනමා අධ්‍යක්‍ෂවරයායි.
”මෙය එක්තරා අභියෝගයක් ජයගැනීමක් විදිහටයි මගේ ජීවිතයේ මම මෙම චිත්‍රපටය දකින්නේ. ලංකාවේ බිහිවෙන පළමු ක්‍රිකට් චිත්‍රපටයයි ‘සිංහාවලෝකන’ කියන්නේ. පසුව තවත් ක්‍රිකට් චිත්‍රපට බිහිවෙයි. 2010 ත් 1947 කියන කාලවකවානු දෙකක සිදුවීම් මේ චිත්‍රපටයෙන් මම කතා කරන්නේ.”
”මම මෙහිදි භාවිතා කරන තාක්‍ෂණය පවා අලුත්. එය අපේ රටේ සිනමා ප්‍රේක්‍ෂකයින්ටත් අලුත් අත්දැකීමක් වෙයි කියලා මට හිතෙනවා. දින හතළිහක් රූගත කිරීම් සිදුවන ‘සිංහාවලෝකන’ සිනමාපටයට ප්‍රවීණ රංගන ශිල්පීන් හා නවක ශිල්පීන් රැසක් මම දායක කරගත්තා. ඒ වගේම තිලකරත්න ඩිල්ෂාන් පළමු වතාවට සිනමාවට රැගෙන එන්නත් මට පුළුවන් වුණා. විශ්වාස කරනවා 2011 ලෝක කුසලාන තරගයත් සමඟ ‘සිංහාවලෝකන’ මිනිසුන් ඉතාම හොඳින් භාරගනී කියලා.”

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives