Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

දැනට වසර ගණනාවක සිට අපේ රටේ ජනතාව බියට පත් කරමින් විශාල ප්‍රමාණයකට මරණය ළඟා කරදෙමින් පැතිර යන ඩෙංගු රෝගයෙන් තවමත් අපට ගැලවීමක්‌ ලැබී නැත. ජනතාව කෙතරම් රෝගය ගැන දැනුවත් වුවද, සෞඛ්‍ය අංශ කෙතරම් රෝගය ගැන විමසිලිවන්ත වුවද රෝගය මෙසේ පැතිර යන්නේ කොහේ හෝ තැනක ඇති වරදක්‌ නිසාය. ඩෙංගු රෝගය වෛරස්‌ රෝගයක්‌ වන බැවිනි වෙනත් බැක්‌ටීරීයා රෝග මෙන් ප්‍රතිජීවක ඖෂධ මගින් වහා සුවපත් කළ හැකි රෝගයක්‌ද නොවෙයි. ඩෙංගු රෝගය ඇති නොවී එය වළක්‌වා ගැනීමට ඉහළ ස්‌ථානයක්‌ හිමිවන්නේ මේ නිසාය.

ඩෙංගු රෝගය පැතිර යන විට ඒ සම්බන්ධව විවිධ අංශ වලට ඇඟිල්ල දික්‌වන නමුත් මෙම රෝගය පැතිර යාම වේගවත් වීම තනි පුද්ගලයකුගේ ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ හෝ වගකීමක්‌ හෝ නොව දශක ගණනාවක්‌ මුළුල්ලේ සිදුවන අහිතකර මිනිස්‌ ක්‍රීයාකාරීත්වයන්හි අනිටු ප්‍රතිඵල බව මේ වන විට තහවුරු වී ඇත. මේ වන විට ලොව පුරා මිනිසාට අහිතකර ලෙස සිදුවන බොහෝ ප්‍රතිවිපාක වලට හේතුව ලෙස හඳුනාගෙන ඇති ගෝලීය උණුසුම් වීම ඩෙංගු ඇතුළු වසංගතයක්‌ ලෙස බෝවන රෝග පිටුපස පවතින බව අනාවරණය නවතම දිශානතියකට රෝග මර්දන උපායන් රැගෙන යාමට සමත්ව ඇත.

මේ තොරතුරු අනාවරණය සිදු වූයේ ඕස්‌ටේ්‍රලියාවේ සරසවි පර්යේෂකයන් විසින් ඉතාම මෑතකදී නිකුත් කළ පර්යේෂණ වාර්තාවක්‌ අනුවය. මෙම අධ්‍යයනයට අනුව මදුරුවන් මගින් බෝවන රෝග රැසක්‌ පිටුපස සිටින්නේ ගෝලීය උණුසුමයි. ගෝලීය උණුසුමේ ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසා ඇතුළු ජෛව ලෝකයේ හෙට දවසේ පැවැත්ම බරපතල අවදානමකට මේ වන විට පත්ව ඇත.

කිවීන්ස්‌ලන්ත තාක්‌ෂණික සරසවියේ මෙම අධ්‍යයනයට කේන්ද්‍ර වූයේ උතුරු කිවීන්ස්‌ලන්තයේ ටවුන්ස්‌විලේ නගරය සහ බංග්ලාදේශයේ ඩකා අගනුවරයි. මේ අධ්‍යයනයේ දී සීඝ්‍ර සමාජ ආර්ථික වෙනස්‌වීම හමුවේ රෝග ව්‍යාප්තිය අපට පාලනය කළ නොහැකි ලෙස වැඩි වර්ධනය වන බව පැවසිය හැකිය. පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකා පශ්චාත් අධ්‍යයන ශිෂ්‍යා සහේරා බානු සඳහන් කරන්නේ පසුගිය දශකයක කාල සීමාවක්‌ මුළුල්ලේ මෙම නගරයන් අවට සිදු වූ පාරිසරික වෙනස්‌ වීම් සහ රෝග ව්‍යාප්තියක්‌ අතර සබඳතාව අධ්‍යයනයට අරමුණු කර ඇත. වර්ෂාපතන රටාවන්, ආර්ද්‍රතා වෙනස්‌ වීම්, සහ උෂ්ණත්ව වෙනස්‌ වීම් ආදියට මෙහිදී මූලිකතාව ලබා දී ඇත. ලෝක දේශගුණික රටාවන් තුළ මෙම නගර ද්විත්වය එකිනෙකට වෙනස්‌ ස්‌ථාන හිමිකර ගන්නා නිසා මෙම අධ්‍යයනය වඩා වැදගත් ස්‌ථානයක්‌ හිමි කර ගෙන ඇත. මේ නිසා ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ කාලගුණ වෙනස්‌ වීම අතර සබඳතාව අනාවරණය පර්යේෂණයේ සුවිශේෂ සාර්ථකත්වයකි. පර්යේෂක බාන් තවදුරටත් පෙන්වා දෙන්නේ කාලගුණික වෙනස්‌ වීම් අනුව ඩෙංගු රෝග ව්‍යාප්තියක්‌ පවතින බවට දැනට පවතින මතවාදයන්ට මෙමගින් ආලෝකයක්‌ ලැබෙන බවත් ඩෙංගු වෛරසයේත්, ඩෙංගු වාහක මදුරුවාගේත් මිනිසාගේ හැසිරීම් රටාවන්ද පාරිසරික උණුසුම් ඉහළ යාම සමග අහිතකර ලෙස වෙනස්‌ වන බවත්ය. ඇය සඳහන් කරන අන්දමට වර්ෂාව ඉහළ යාම සමග මදුරුවන්ට බෝවිය හැකි ස්‌ථාන සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස වැඩි වෙයි. පරිසරයේ උෂ්ණත්වය ඉහළයාම නිසා ඩෙංගු රෝග කාරක වෛරසයේ බීජෞෂණ සමය අඩු වන අතර වෛරසයේ බෝවීම මේ නිසා වේගවත් වෙයි. ඉහළ ආර්ද්‍රතාව සමග මදුරුවන් මිනිසාට දෂ්ට කිරීමටද වැඩි උනන්දුවක්‌ දක්‌වයි. මෙහි අවසාන ප්‍රතිඵලය ඩෙංගු රෝගය පැතිරයාම වේගවත් වීමයි. මේ අනුව පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම පනින රිලවුන්ට ඉනිමංතැනීමක්‌ වී ඇත.

ඩෙංගු රෝග ව්‍යාප්තිය කෙරෙහි පරිසරය උණුසුම් වීම, ආර්ද්‍රතාව ඉහළයාම, සහ වර්ෂාපතන රටාවේ වෙනස්‌ වීම් බලපාන අන්දම මැනබැලීමද සිදුකර ඇත. මදුරුවන් මගින් ඩෙංගු රෝග ව්‍යාප්තිය වැඩිවීම කෙරෙහි ජනගහන වර්ධන වේගය වැඩිවීම, දුර්වල නිවාස තත්ත්වය, වෘත්තීය තත්ත්වය, සහ ඩෙංගු ඇතුළු රෝග මර්දනයට මේ දක්‌වා ගෙන ඇති පියවර ආදියද නොඅඩුව බලපාන බව සහේරා බානු සඳහන් කරන්නීය. මේ නව සොයා ගැනීම් කෙරෙහි විsශේෂ අවධානය යොමු කරන්නේ නම් ඉදිරි කාලයේ දී ඩෙංගු රෝග මර්දනය වඩා පහසුවනු ඇත. අපේ රටේ වෛද්‍ය පර්යේෂකයින් පිටරටින් ලැබෙන සම්පත් කෙරෙහි උඩබලාගෙන සිටින අතර බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක්‌ පියඹා යා නොහැකි මදුරු විශේෂයන් නිර්මාණය කර ඇත්තේද ඩෙංගු රෝග මර්දනය උදෙසාය. මෙම මදුරුවන්නේ ගැහැනු සතුන්ට පියඹා යා නොහැකිය. Aedes aeටහචඑස මදුරු විශේෂය හරහා පැතිර යන ඩෙංගු රෝගය මේ වන විට ලොව පුරා මිලියන 50 කට අධික පිරිසකට වැළඳී ඇත. තවමත් මෙම රෝගය මර්දනයට ස්‌ථිර එන්නතක්‌ හෝ ඖෂධක්‌ සොයා ගෙන නැත.

ඔකස්‌ෆර්ඩ් සරසවියේ වෛද්‍ය පර්යේෂකයින්ට අනුව මේ අන්දමට පියඹා යා නොහැකි මදුරුවන් වනයට මුදා හැරීමෙන් ඔවුන්ගේ ආයු කාලයද අඩු වී යයි. අවසානයේ ඩෙංගු මදුරු ගහනය අඩු වී යයි. අවසන් ප්‍රතිඵලය ඩෙංගු රෝග ව්‍යාප්තිය අඩු වීමයි. පිරිමි මදුරුවන්ට පියඹා යා හැකි වුවත් ඔවුන් මිනිසාගේ ශරීරයට දෂ්ඨ නොකරන නිසා හානියක්‌ නොවෙයි. පිරිමි ඩෙංගු මදුරුවන් ගෙන් රෝග ව්‍යාප්තියක්‌ සිදු නොවෙයි. ජාන වෙනස්‌ කම් වලට භාජන කරන ලද පිරිමි මදුරුවන් වනාන්තරයට මුදා හැරීම සිදු කරන විට ඔවුන් ගැහැනු මදුරුවන් සමග එකතු වීම සිදු කරන අතර එමගින් බිහිවන ගැහැනු මදුරුවන්ට පියඹා යා නොහැක. මෙහි අවසන් ප්‍රතිඵලය ස්‌වාභාවික මදුරු ගහනය මාස හයත් නවයත් අතර කාලයේදී කැපීපෙනෙන ලෙස අඩු වීමයි.

නව උපාය පරිසර හිතකාමී කෘමි මර්දන උපායක්‌ද වෙයි. මෙමගින් මදුරුවන් ඇතුළු කෘමීන් මර්දනයට යොදා ගන්නා මිනිසා ඇතුළු ජීවීන්ට අහිතකර කෘමිනාශක වලටද තිත තැබීමට හැකිවී ඇත. මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන පර්යේෂක කණ්‌ඩායමේ කටයුතු කරන අණුක ජීව විද්‍යාඥ, ක්‌ෂුද්‍ර ජීවි විද්‍යාඥ මහාචාර්ය ඇන්තනි ෙ-ම්ස්‌ "දැනට ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන උපායන් ඉතාම අසාර්ථකයි. මේ නිසා මේ වගේ නවතම ක්‍රමෝපායන් ඉක්‌මනින්ම ක්‍රියාවට නැංවිය යුතුයි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ මදුරු ගහනය පාලනය මිනිසාට ඩෙංගු රෝගය නිසා වන අහිතකර මාරාන්තික තත්ත්ව වලින් ගැලවීමට පවතින සාර්ථකම උපායක්‌ වන බවයි.

ඩෙංගු රෝග මර්දනය සඳහා විශේෂ බැක්‌ටීරියා කරළියට පැමිණියේ මේ අතරය. BTI ලෙස හඳුන්වන මෙම බැක්‌ටීරියාව බැසිලස්‌ තූරින්ජින්ස්‌ ඊශ්‍රාලෙන්සිස්‌ යන උප විශේෂයට අයත්ය. මෙම බැක්‌ටීරියාව විසින් මදුරුවාගේ කීට අවස්‌ථා විනාශ කරන විශේෂ ප්‍රොaටීනයක්‌ බිහි කරයි. BTI දණ්‌ඩාකාර බැක්‌ටීරියාවකි. දිගින් මයික්‍රෝන 3 ත් 5 ත් අතර වන පළලින් මයිකෝන 1.2 ත් 1.5 ත් අතර වෙයි. බීජානුසාදනයේදී විශේෂ අන්ත බීජානුවක්‌ සාදයි. මෙයට අමතරව විශේෂ තන්තුමය ආවරණයකින් වැසුන ප්‍රොaටීන කොටස්‌ද නිපදවයි.

අන්තඃ බීජාණු

ප්‍රොaටීන කොටස්‌

බී. ටී. අයි. බැක්‌ටීරියාව

ඊඩීස්‌ මදුරුවා

BTI බැක්‌ටීරියාව මගින් නිපදවන ප්‍රොaටීන කොටස්‌ Delta-Endotoxin බහිර් විෂ කොටසට අයත්ය. මදුරුවාගේ ආහාර මාර්ග පද්ධතියේ පවතින ප්‍රොaටීයේස්‌ එන්සයිම හමුවේදී මෙම ප්‍රොaටීනය ක්‍රියාකාරී තත්ත්වයට පත්වන අතර මෙමගින් විෂ සහිත ලෙස ක්‍රියාත්මක වීමට අවස්‌ථාව සලසා ගනියි. මෙම මදුරුවන් මදුරුවාගේ ආමාශයට ඇතුල් වූ පසුව එහි පවතින භාෂ්මිකතාවය හමුවේ පෝටීන කොටස්‌ දිවවී විෂ මුදාහැරීම සිදුවෙයි. මෙම විෂ පළමුව ආමාශයේ බිත්ති වලට අවශෝෂණය වී එම සෛල බිඳ දැමීමට ක්‍රියා කරයි. මේ අන්දමට ආමාශයේ සෛල බිඳ වැටීම නිසා භාෂ්මික ආමාශයික යුෂ මදුරුවාගේ ආමාශයෙන් ඉවතට පැමිණ රුධිරයට එකතු වෙයි. මේ අන්දමට භාෂ්මික ස්‍රාවයන් රුධිරගත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මදුරුවා තුළ අංශභාග තත්ත්වයක්‌ (Paralysis) ඇති වෙයි.

වර්ධන අවධි

බිජාණු චක්‍රය

නව පරිසරය

පරිණත බීජාණු

බී.ටී.අයි. බැක්‌ටිරීයාවගේ ජීවන චක්‍රය

මෙම බැක්‌ටීරියාව මදුරුවන් සහ තවත් කෘමි විශේෂ කිහිපයකට පමණක්‌ අහිතකර ලෙස ක්‍රියා කරන බැවින් මිනිසාට හානියක්‌ වේ යෑයි බියක්‌ ඇති කර ගත යුතු නැත.

සුනාමි අනතුරක්‌ පැමිණීමට පෙර අනතුරු හැඟවීමේ පද්ධතියක්‌ ක්‍රියාත්මක වන ලෙසින් කාලගුණ දත්ත සහ අතීත රෝග ව්‍යාප්ත හරහා විශේෂ දර්ශකයක්‌ නිර්මාණයට ද විද්‍යාඥයින් උත්සුක වන අතර මෙම විශේෂ මොඩලය හරහා රෝගය වසංගතයක්‌ ලෙස පෙර පැමිණීමට පෙර එම අනතුර කල් තියා හඳුනාගෙන ක්‍රීයාත්මක වීමට දොරටු විවර කරයි. අපේ රටට ගැලපෙන අන්දමට ඩෙංගු රෝග මර්දන උපායන් නිර්මාණයට ලක්‍ෂ ගණන් වැටුප් වැඩි කරගත් සරසවි ඇදුරන් පොතේ ගුරු තත්ත්වයෙන් මිදී දැන්වත් උත්සුක විය යුත්තේ මේ නිසාය.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives