ලංකාවේ පරිගණක ක්‍රීඩා ඉතිහාසයේ නවතම පෙරළියක් කරමින් සැත්තැම්බර් මස 18 වන දින බණ්ඩාර නායක සම්මන්ත්‍රණශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදි මෙම සිංහල පරිගණක ක්‍රීඩාව නිකුත් කෙරිනි. මෙම පරිගණක ක්‍රීඩාවේදී ක්‍රීඩකයා පණ්ඩුකාභය කුමාරයා ය. මෙහිදී වසර 2100ක් පැරණි ඉතිහාසයට ක්‍රීඩකයාට පිවිසීමට හැකි වේ. ඇඳුම් ආයිත්තම්, කඩු, දුනු සහ ඊතල වැනි අවි ආයුධ ද ඊට නොදෙවෙනි පසුබිම් ත්‍රිමාණ සජීවි කරණයන් ගෙන්ද ක්‍රි.පු. 4 හා 5 වන සියවසට ක්‍රිඩකයා ගෙන යන්නේ ඉතාමත් ආකර්ෂණීය මෙන්ම ත්‍රාසජනක ක්‍රීඩා රසාස්වාදයක් ලබා දෙමිනි.අබා පරිගණක ක්‍රීඩාවේ ඉතා උසස් ත්‍රිමාණ ලෙස නිර්මාණය කරඇති අතර ලංකාවේ ප්‍රථම වරටස්ටීරියෝස්කොපික් (stereoscopic) තාක්ෂණය සහිත චීඩියොවන්ද එහි ඇතුළත් වේ. මෙහිදී පරිගණක ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයාට අවශ්‍යනම් ස්ටීරියෝස්කොපි ක්‍රමයේ රූප නැරඹිමට යොදාගන්නා නිල් සහ රතු වර්ණ විභේද සහිත උපැස් යුවලක් භාවිතයෙන් පරිගණකක්‍රීඩාවට ඇතුළත් කර ඇති වීඩියො දර්ශන ත්‍රිමාණයෙන් දැකිය හැකි වෙනු ඇත.සංජය ධනුෂ්ක සංජය පෙරේරා මෙහි නිර්මාණකරු වේ. (cplus.lk)

Post a Comment