Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


සීගිරිය 1980 වර්ෂයේ සිට ලෝක උරුමයකි. මේ වසරේදී අප රටේ ලෝක උරුම හත අතරට තවත් තුනක්‌ද එකතු වී ඒ උණුසුම ගියේවත් නැත. ඒ 1. ශ්‍රී පාදඅඩවිය, 2. මහවැලිය (හෝර්ටන් තැන්න) සහ 3. දුම්බර මිටියාවත (නකල්ස්‌ ආශ්‍රිත කඳුකරය). අපට සිංහල නාමයන් ද ඒවා ලොවට හඳුන්වා දෙන විට යෝජනා කරන විට අමතක වී ඇත. එය වෙනම කතාවකි. 

සීගිරියේ බිතු සිතුවම් කීපයක්‌ දුර්වර්ණ වෙමින් පවතින බවට පුවත්පත් වාර්තාවලින්ද සකල ජන මාධ්‍යයන්ගෙන්ම ඊට ප්‍රචාරය ලැබිණි. ඒ සමඟම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ද සංස්‌කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්. විමල් රූබසිංහ මහතා ද ඇතුළු නිලධාරීන් ජනාධිපති මැදුරට කැඳවා මේ පිළිබඳව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විමසීම සැබැවින්ම අගය කළ යුත්තකි. එපමණක්‌ ද නොවේ ඊට පසුවදා ම (23 දා) ජනාධිපතිතුමා පෞද්ගලිකවම සීගිරියට ගොස්‌ එම තත්ත්වය විමසා බලා සිය අවධානය යොමු කරවීම අප රටේ ජාතික උරුමය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව අතර මෑත භාගයේදී ඇතිවූ පිබිදීමක්‌ ලෙසින්ද අපි දකිමු. නිදන් සොරුන්ගේ රජ දහන් බවට පත්වී ඇති අප රටේ මෙවන් පුරාවිද්‍යා ස්‌ථාන රටට විදේශ විනිමය උපයන ධන උල්පත් වන්නේය. එසේ නොවුණත් අප රටේ ජනතාවගේ අභිමානය රැඳී පවත්නේ අප රටේ ජාතික අනන්‍යතාවය ලොව හමුවේ රැඳෙන්නේ මෙවන් උරුමයන් නිසාම බව කිව යුතුය. කෙසේ වුවද අප රටේ ප්‍රවීන කලාකරුවන් ලේඛකයන් ශේ්‍රෂ්ඨ පුරවැසියන් රෝගී වූ විට ඔවුන් බැලීමට ගොස්‌ ඔවුන්ගේ සිත් සැනසීමට කැමැත්තක්‌ දක්‌වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඔත්පල වූ සීගිරි ළඳුන්ගේ සුවදුක්‌ බැලීමට පමණක්‌ නොව ඔවුන් සුවපත් කිරීමේකාරියට නිසි උපදෙස්‌ ලබා දීම සැබවින්ම ශෝකයට පත් ව සිටි සුවහසක්‌ ජනතා හදවත්වලටද සැනසිල්ලකි. එහිදී ජනාධිපතිතුමාගේ උපදේශයන් පිළිබඳ සඳහන් කළ ජාතික උරුමයන් හා සංස්‌කෘතික අමාත්‍යතුමිය වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළ අන්දමට සීගිරි ළඳුන් සුවපත් කිරීම ගැන අපට සැකයක්‌ නැත. එමෙන්ම ජාතික උරුමයන් සුරකින ආයතනය තුළ සංරක්‍ෂණ සංවර්ධන ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට සූදානම් වීම ඉමහත් අස්‌වැසිල්ලක්‌ බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

මීට වසර 43 ඉහතදී සීගිරි ළඳුන් රෝගී වූ අවස්‌ථාවක්‌ ගැන විමසා බැලීමටද මේ කදිම අවස්‌ථාවකි.

ඒ ඉතා බිහිසුණු රාත්‍රියකි. සීගිරි මහා කැලෑව පැත්තෙන් උළලේනුන්ගේ හඬක්‌ ද බස්‌සන්ගේ සහ බකමූණන්ගේ භයානක හඬක්‌ ද ඇසෙන්නට වූ ඒ මූසල රාත්‍රිය 1967 ඔක්‌තෝබර් 14 වැනිදා සීගිරි බෙයඳේ ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේ උපත ලද සීගිරි ලාලනියන් විනාශ කිරීමට කුරිරු හස්‌තයන් අවතාර ලෙසින් ආහ. එදා සීගිරි ලාලනියන් මියෑදෙන්නට නොදී රැක ගත්තේ එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාව සිටි ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර මහතාගේ නායකත්වය යටතේ රසායනික තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ද එවක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්‌ (රසායන සංරක්‍ෂණ) වරයකු වූද ආචාර්ය රාජාද සිල්වා මහතා සහ ඉතාලියේ මේ සංරක්‍ෂණ කටයුතු පිළිබඳ සිටි ලුසියානෝ මරාන්සි මහතා ප්‍රමුඛ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරි පිරිස විසිනි. ඔවුන්ට පින් සිදුවන්නට යළිත් සීගිරි බෙයඳේ සීගිරි ලාලනියෝ සුවපත් වූහ. යළිත් වරක්‌ සීගිරි බෙයඳේ සිටින සීගිරි ලාලනියන් 22 ගෙන් කීපදෙනෙක්‌ රෝගී වූ බැව් අපි දැනගතිමු. ඒ ගැන අප පමණක්‌ නොව ඈත එපිට පිටිසර ගම් දනව්වල සිටින අප රටේ ජනතාව බොහෝ දුකට පත් වී සිටින බවද අපි දනිමු. කෙසේ හෝ එම සීගිරි ලාලනියන් ඉතා ඉක්‌මනින් සුවපත් වේවායි අපි දු ප්‍රාර්ථනා කරමු.

අප මෙහිදී ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ හරියටම මීට වසර 43 පමණ ඉහතදී ඒ සීගිරි ලාලනියන් විනාශ කළ පසුව ඔවුන් යළිත් සුවපත් කළ ආකාරය හා එහි පසුබිම පිළිබඳ විමසා බැලීමටය. පළමුව සඳහන් කළ යුතු ඉතා සංවේදී කරුණක්‌ද ඇත. එනම් සිය සේවා කාලයෙන් ඉතා වැඩි වසර ගණනාවක්‌ සීගිරි කැටපත් පවුර අසල සිට සීගිරි කුරුටු ගී 685 ක්‌ පිටපත් කර (Estampaqes හස්‌පිටපත්) Sigiri Graffit නමින් මහා ග්‍රන්ථ 2 ක්‌ ලියූ ඒ මහා ප්‍රාඥයා මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා එදා සීගිරි ලාලනියන්ගේ මුහුණුවල පමණක්‌ නොව සිරුර ද නිල් සායමින් වැසූ ඒ හතිබ්‍රෂ්ටයින් යින් කළ කුරිරු ක්‍රියාව නිසා කඳුළු සැළුවේය. මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෙනෙතට එදා කඳුළු නැඟුණේ ඒ මහා විනාශයෙන් සිදුවූ ජාතික ව්‍යසනය දරාගත නොහැකි වූ නිසාය.

මෙවර දුර්වර්ණ වෙමින් තිබෙන සීගිරි ලාලන රූපවලට වහාම පිළියමක්‌ යෙදීමට ජනාධිපතිතුමාගේ උපදෙස්‌ අනුව දැනටමත් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා කටයුතු කිරීම අපට ඇති එකම අස්‌වැසිල්ලකි.

එදා සීගිරි ලාලනියන් ඝාතනය කිරීමේ ඒ මහා පාපකර්මය පිළිබඳව 2003 වර්ෂයේදී අප විසින් ලියන ලද සීගිරි කාශ්‍යප" නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කරන ලදී.

ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවසේදී අපේ උදාර මුතුන් මිත්තන්ගෙන් පැවත එන චිත්‍ර ශිල්පීන් විසින් අඳින ලද සීගිරි චිත්‍ර 1967 ඔක්‌. 14 වැනිදා රාත්‍රි කිසියම් පිරිසක්‌ විසින් සායම් ගා විනාශ කරන ලදී. මේ විනාශය ඇසූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ නෙතඟට කඳුළු නැඟුණු බවද ඉතා ප්‍රකට කරුණකි. මන්ඩෝදක කුටි ලෙසින් මෙම සීගිරි චිත්‍ර සිතුවම් කළ ලෙන් පෙදෙස හැඳින්වේ. එහි තිබූ සිතුවම් දහනවයෙන් දහ හතකට වඩා කොළ සායම් තවරා තිබුණි . (A කුටියේ 5 ක්‌ හා B කුටියේ 14 කි.) තවද විකෘති කර ඇති සිතුවම් දෙකකින් එකක (B කුටිය අංක 3) හිසත් ඊළඟ සිතුවමේ (B කුටිය අංක 4) ඉඟෙන් උඩ කොටසක්‌ සූරා දැමීමෙන් එම රූප දෙක අලුත්වැඩියා කළ නොහැකි අයුරින් විනාශ කර තිබුණි. ඊළඟ සිතුවම් (B කුටිය අංක 5) උල් ආයුධයකින් ඇන තිබුණි.

ඉතාලියේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි චිත්‍ර සංරක්‍ෂකයෙක්‌ වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක කාලයක්‌ ලංකාවේ නැවතී සිට සීගිරි චිත්‍රවලට සිදුවූ හානිය ඉවත් කළේ. මේ පිළිබඳව එවක උනන්දුවකින් කටයුතු කළේ පසුව හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු ද වූද ආචාර්ය රාජා ද සිල්වා මහතා ය. මේ සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌මිත් සෝනියන් කෞතුකාගාරයේ පූර්ණ සහායද නොබඳව ලැබුණි.

සීගිරි කාශ්‍යප -2003 - සිරිසමන් විඡේතුංග පි. 32.) මෙම විනාශය පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්ෂික පාලන වාර්තාවේ (1967-68) මෙසේ සඳහන් වේ.

"කලබල වූ ඕවසියර් කෙනකුන් විසින් හරියට තේරුම් ගත නුහුණු ටැලිෆොaන් පණිවිඩයක්‌ අනුව සීගිරියේ බිතුසිතුවම් ගුහා තුළ ඇති චිත්‍රයන් මත පසුගිය රාත්‍රියේදී කොළපාට ලියන තීන්තයක්‌ කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැටහී ගියෙන් සීගිරියට වහා ගොස්‌ එම තීන්ත අස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්‌තෝබර් මස 15 වැනිදා උදේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා (ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර) විසින් මට (ආචාර්ය රාජා ද සිල්වා මහතාට) දන්වන ලදී.

ලියන තීන්ත අස්‌ කිරීම සඳහා විශාල ප්‍රමාණයක්‌ රසායන ද්‍රව්‍යයන් ද රැගෙන මගේ නැහැවීමේ කණ්‌ඩායමක්‌ කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. මේ වනවිට ඒ පළාතම වර්ෂා කාලය එළැඹ තිබුණෝය. එහි ගිය අපට දැන ගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල්වල යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි. (එහි ඡායාරූප දෙකක්‌ මේ සමඟ ඉදිරිපත් කරන ලදී.) පෙරදින පරීක්‍ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතුසිතුවම් ගුහාවේ දොරට අලුත් ඉබ්බෙක්‌ යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමග චිත්‍ර පරීක්‍ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අඟුලු ලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය.

(පුරාවිද්‍යා කොමසාරිස්‌ගේ පාලන වාර්තාව 1967 - 68 ආචාර්ය ආර්. එච්. ද සිල්වා පි. ඨ23)

එම අවස්‌ථාව සැබැවින්ම කඩා බිඳ දමා තිබුණු කොටස්‌වල ගලේද තින්ත උලා තිබීම නිසා චිත්‍ර පළමුව කඩා බිඳ දමා දෙවනුව තීන්ත උලා ඇති බව ද ඉහත සඳහන් වාර්තාවේ දැක්‌වේ. ඒ කාලයේ තිබුණු එකම විද්යුත් මාධ්‍යය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව පමණි. පුවත්පත්වලින්ද මේ විනාශය පිළිබඳ වාර්තා කර තිබුණි.

ආචාර්ය රාජා ද සිල්වා මහතා ප්‍රමුඛ රසායන සංරක්‍ෂකයන් විසින් තීන්ත ඉවත් කිරීමේ කටයුතු කරන ලදී. එම පුරාවිද්‍යා වාර්තාවේ මෙසේද සඳහන් වේ.

මේ වැඩය 1967 ඔක්‌තෝබර් මස 21 වැනි දින අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු අමාත්‍යතුමාගේ ස්‌ථිර ලේකම් ඇම්. ඡේ. පෙරේරා මහතා විසින් පරීක්‍ෂා කරන ලදී. සීගිරියේ විනාශකාරී ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට දැනගන්නට ලැබුණු වහාම ඇමැති තැම්පත් අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමා විසින් බිතු සිතුවම් තහවුරු කිරීම පිළිබඳ ලැබිය හැකි හොඳම විශේෂඥයාගේ සේවය ලබාදෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවුඩයක ප්‍රතිඵල වශයෙන් රෝමයේ පිහිටුවා ඇති සංස්‌කෘතික වස්‌තූන් හැදැරීමේ සහ සංරක්‍ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්‌ථානය විසින් තහවුරු කිරීම පිළිබඳ විශේෂඥයෙකු වූ ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක වැඩ සඳහා ලංකාවට පැමිණීමට සූදානම් විය. 1967 ඔක්‌තෝබර් මස 22 දා මරාන්සි මහතා ලංකාවට පැමිණ මේ රටේ තහවුරු කිරීමේ කණ්‌ඩායම සමග වහා සාකච්ඡා කරන්නට පටන් ගත්තේය.

පසු දිනම මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සීගිරියට ගිය මරාන්සි මහතාට තමා විසින් ගෙනෙන ලද ද්‍රව්‍යයන් හා ලංකාවේ ලබාගත හැකි ද්‍රව්‍යයන් යොදා අප විසින් යොදාගෙන තිබුණාට වඩා ඉක්‌මන් වැඩපිළිවෙළක්‌ තෝරා ගැනීමට සමත් විය. සමහර චිත්‍ර කොටස්‌ වටේ වැඩුqණු දිලීරත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැරැණි සකස්‌ කිරීමත් යන දෙකම අස්‌කරන ලදී. (පුරාවිද්‍යා පාලන වාර්තාව 1967-68 පි. ඨ25)

කෙසේ හෝ සීගිරි බිතු සිතුවම් විනාශ කර දින 8 ක්‌ ඇතුළත ලුසියානෝ මරාන්සි මහතා මෙරටට ගෙන්වාගෙන තීන්ත ගෑ බිතු සිතුවම්වල එම තීන්ත ඉවත් කර ඒවා නැවත සංරක්‍ෂණය කිරීමේ කටයුතු සති දෙකක්‌ පුරා ඉටු කළ බව වාර්තා වී ඇත.

වසර 43 ඉහතදී කරන ලද සංරක්‍ෂණ ක්‍රියාදාමය 1967-68 පුරාවිද්‍යා පාලන වාර්තාවල ඉතා දීර්ඝ ලෙසින් සඳහන් කර තිබේ.

එහිදී අනුගමනය කරන ලද ක්‍රමවේදය පිළිබඳ මෙසේද සඳහන් වේ.

"ක්‌ෂාරය භාවිතා කිරීමෙන් මේ වර්ණ ද්‍රව්‍යයේ පාට නැති කළ හැක. එහෙත් සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් වැනි වූ ඉතා තනුක කාබනික ක්‍ෂාරයන් වුවද පාවිච්චියෙන් අතිරික්‌තය සෝඩියම් කාර්බොනේට්‌වලට පෙරළීම නිසා පසුව නොයෙක්‌ පැටලිලි ඇතිවන්නට පුළුවන. මේ සඳහා වාෂ්පශීලී කාබයින මූලස්‌ථ සමග බුට්‌ල් ඇමින් පාවිච්චි කිරීම රෝම මධ්‍යස්‌ථානය විසින් යෝජනා කරන ලදී. මෙය අවශ්‍යතාවට සෑහෙන බව පෙනී ගියේය. ඇමිනයද යොදන ලද්දේ කෙළවරේ කපු පුළුන් ඔතා වීදුරු කූරකිනි.

(පුරාවිද්‍යා වාර්තාව 1967-68 පි. 25)

ලුසියානෝ මරාන්සි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු සීගිරි බිතු සිතුවම්වල එම සාපරාධී නරුමයන් විසින් ගාන ලද තීන්ත ඉවත් කිරීමේ කාර්ය කොතරම් සාර්ථකව ඉටු කළේද යත් සකස්‌ කරන ලද්දේ කුමන කොටස්‌ද යන්න නරඹන්නාට තේරුම් ගත හැකි පරිදි කළ බවද වාර්තාවේ සඳහන් වී ඇති අතර එහි තවදුරටත් මෙසේ සඳහන් වේ.

බෙල් මහතා (ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්‌ එච්. සී. පී. බෙල්) සීගිරි බිතු සිතුවම් වල දුටු කඩතොලු වුණු බොහෝ තැන් පුරවා නූතන පාටවල් යොදා ඒ කාලයේදීම කරන ලද සකස්‌ කිරීම් අප විසින් තහවුරු කළ යුතුව තිබුණු කොටස්‌වලට පිටට විහිදී තිබුණේය. 1889 දී චිත්‍ර පිටපත් කිරීම සඳහා මරේ මහතා (ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඒ. මරේ මහතා) විසින් ඒවා මත එලන ලද ටිසියු කඩදාසි අස්‌කර ගනිද්දී එම චිත්‍ර කොටස්‌ අවටින් තිබුණු වර්ණ තට්‌ටුව ගැලවී ඇත. මේ සුදට තිබුණු කොටස ඒ කාලයේදී සකස්‌ කළ නමුත් ඒ යොදන ලද වර්ණයන් සමග ගැලපුනේ නැත. මේ කොටස්‌වල මරුන්සි මහතා විසින් කළේ දිය කළ සායම් (රිවස්‌ පොලිටර් පාටවල් සහ අක්‌වාටෙක්‌ ඇරිලික්‌, පොලිටර් ඉමල්ෂන් බොකුර් කොලොම්බි නිව්යෝක්‌) යොදා අවශ්‍ය වූ ඉතාම අඩු ප්‍රමාණයේ සකස්‌ කිරීම් කරන ලදී. මේ කටයුතුවලදී එකල සැලසුම්කරු ඇස්‌. ඇම්. සෙනෙවිරත්න පසුව (සහකාර කොමසාරිස්‌) හා ඡායාරූප ශිල්පී ඇම්. ඩබ්. ඊ. කරුණාරත්න (පසුව සහකාර අධ්‍යක්‍ෂ) යන මහත්වරුන් විසින් මේ වැඩ කොටස සඳහා මරුන්සි මහතාට දක්‍ෂ ලෙස සහාය දුන්හ.

උපුටා ගැනීම දිවයින ඇසුරෙනි

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives