
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන සැසිය අද අමතයි. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී හතයි තිහට ජනාධිපතිතුමා සැසිවාරය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකාරක විජයානන්ද හේරත් මහතා පවසයි. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ කරුණු කිහිපයක් පිලිබඳ රාජපක්ෂ මැතිතුමා එහිදී අවධානය යොමු කරන බව විජයානන්ද හේරත් මහතා කියා සිටී
Post a Comment