Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව


බලශක්‌තිය මුල්කරගෙන මීළඟ 
ලෝක යුද්ධය ඇති වෙන්නේ යෑයි 
ඒ සම්බන්ධ ප්‍රවීණයෝ මත පළ කර 
ඇත්තාහ. බලශක්‌තිය කෙතරම් වැදගත් සාධකයක්‌ යෑයි එයින්ම තහවුරු වෙයි.

තාක්‍ෂණික විප්ලවයක්‌ සමඟ බිහි වූ නව ලොව බලශක්‌තිය මත පදනම්ව ඉදිරියට ගමන් කළ අතර, අධික පරිභෝජනය හේතුවෙන් සීමිත වූ බලශක්‌ති ප්‍රභවයන් ඉතා වේගයෙන් ක්‍ෂය වන්නට විය.
                

ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු තීව්‍ර වී ඇති හෙයින් හා අධික බලශක්‌තිය ඉල්ලුම හෙයින් නුදුරේදීම අප රට ද බලශක්‌ති අර්බුදයකට ලක්‌වනු නොඅනුමානය.

එවන් අර්බුදයක්‌ සඳහා අප රට මුහුණ දෙන්නේ කෙසේද? පසුගියදා අප නිරීක්‍ෂණය කිරීමට ගිය ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය ඒ සඳහා ගත් එක්‌ ක්‍රියාමාර්ගයක්‌ ලෙස හැඳින්විය හැක.
                      



1968 වර්ෂයේදී මහවැලි මිටියාවතේ ජල විදුලි සංවර්ධන කටයුතු ආරම්භ වීමත් සමඟ ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ අදහස මතු වන්නට විය. 

1985 වසරේදී ජාත්‍යන්තර සහයෝගීතාව වන ජපාන ඒජන්සියේ ශිල්පීය ආධාර ඇතිව අදාළ ව්‍යාපෘතියේ මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලදී. 1992 - 1995 කාල සීමාව තුළ ජපානයේ විදේශ ආර්ථික සහයෝගීතා අරමුදල විසින් සංකල්පිත සැලසුම් පාරිසරික බලපෑම් ඇගයීම හා අධ්‍යයන සැලසුම් පිළියෙල කිරීම සඳහා අරමුදල් සපයා ඇති අතර, 2000 වසරේදී පරිසර හා ස්‌වභාවික සම්පත් අමාත්‍යංශයේ අනුමැතිය මේ සඳහා ලැබී තිබේ.

2002 වසරේදී මෙරට රජය හා ජපන් රජය මෙම ව්‍යාපෘතියට ණය ගිවිසුම් අත්සන් කළ අතර, 2005 වසරේදී ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කෙරිණි.

"මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී පරිසරවේදීන්ගේ විශාල බලපෑම් එල්ල වුණා. නමුත් ඒ සියලු බලපෑම් දැන් අවසන් වී තිබෙනවා. පරිසරයට හානි නොවන ලෙස මෙම ව්‍යාපෘතියේ සියලු වැඩකටයුතු සිදුකෙරමින් පවතිනවා. පරිසරය හා අත්වැල් බැඳ ගනිමින් සංවර්ධනයක්‌ තුළින් දේශීය ආර්ථික සෞභාග්‍යයක්‌ කරා යන තේමාව ඔස්‌සේ මෙහි සියලු වැඩකටයුතු සිදුකෙරෙනවා" යෑයි ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ඉංජිනේරු ශවේන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතියේ ඇති සුවිශේෂී කරුණක්‌ වන්නේ කොත්මලේ ඔයේ ජලය තලවකැලේ ප්‍රදේශයේදී වේල්ලක්‌ බැඳ හරස්‌ කොට එම ජලාශයේ ජලය කිලෝමීටර් 12.9 ක්‌ දිගින් හා මීටර් 5.2 ක්‌ විෂ්කම්භයෙන් යුත් උමගක්‌ ඔස්‌සේ නියං ගම් දොර ප්‍රදේශයේ පිහිටි භූගත විදුලි බලාගාරයක්‌ වෙත රැගෙන ගොස්‌ විදුලිය උත්පාදනය කිරීමය. ජල විදුලි ජනනය කිරීම සඳහා භාවිතයට ගැනෙන මෙරට දිගම උගම ලෙස මෙය සැලකේ. 

"කිලෝමීටර් 13 ක්‌ දිග උමගක්‌ කැණීම ඉතා අසීරු කටයුත්තක්‌. කෙතරම් අසීරු කටයුත්තක්‌ වුවත් අපි එය සාර්ථකව ජය ගත්තා. තලවකැලේ ප්‍රදේශයෙන් හා නියම්ගම්දොර ප්‍රදේශයෙන් ප්‍රධාන උමගේ කැණීම් කටයුතු ආරම්භ කර හරිමැදදී එම උමං දෙක එකිනෙකට සම්බන්ධ කිරීමට අපේ ඉංජිනේරුවන්ට හැකි වුණා. මේ සඳහා ජපන් තාක්‍ෂණය සමඟ ජපන් ඉංජිනේරු දැනුමද භාවිතයට ගැනුණා" යෑයි ප්‍රධාන ඉංජිනේරු ප්‍රනාන්දු මහතා පවසයි.

දෙපසින් කැණීම් කරමින් ප්‍රධාන උමග එකිනෙකට නිසි පරිදි සම්බන්ද නොවුණේ නම් මෙම ව්‍යාපෘතියේ කටයුතු ටික කලකට හෝ ආපසු හැරීමට ඉඩ තිබිණි. එහෙත් ජපන් දියුණු තාක්‍ෂණය හා අප ඉංජිනේරුවරුන්ගේ ශිල්පීය ඥණය එවන් තත්ත්වයක්‌ නිර්මාණය වීමට ඉඩ ලබා දුන්නේ නැත. උමග නිසි පරිදි සම්බන්ධ වීම ජයග්‍රහණයක්‌" යෑයි ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා පවසන්නේ එහෙයිනි.

මෙම ප්‍රධාන උමග සමතලා බිමක දිව යනවා. පොළොවේ මතු පිට සිට ගැඹුරුම ස්‌ථානය මීටර් 450 ක්‌ පමණ යටින් පිහිටනවා. භූ විද්‍යාඥයන්ගේ, උමං ඉංජිනේරුවන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙහි කටයුතු සාර්ථකව සිදුවෙනවා. මෙම උමග සම්පූර්ණයෙන් කළු ගලක්‌ සිදුකොට තැනූ එකක්‌. උමගේ ඇතුළත බිත්ති ස්‌ථාවර කිරීම සඳහා යම් තැන්වල වානේ ආවරණ හා කොන්ක්‍රීට්‌ යොදා තිබෙනවා යෑයි ඉංජින්රු හේමන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

උමගක්‌ තුළින් ජලය භූගත බලාගාරයකට විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය Run Od Thwe River ලෙස හැඳින්වෙයි. තලවකැලේ ප්‍රදේශයේ ඇති ජලාශයේ විශාලත්වය හෙක්‌ටයාර් 25 ක්‌ වන අතර, එහි ධාරිතාව ඝන මීටර් ලක්‍ෂ 80 කි. ජලය පිරුණු විට එහි උපරිම උස මීටර් 491 ක්‌ වේ. 

මෙම උමග තුළින් ගලන ජලයේ වේගය තත්ත්පරයට ඝන මීටර් 36.9 ක්‌. මෙම ජල ධාරිතාව කොත්මලේ පිහිටි නියම්ගම්දොර භූගත විදුලි බලාගාරය වෙත ගෙන යන්නේ පෙන්ස්‌ටොක්‌ වර්ගයේ උමං නළ මාර්ග තුළිනි. මෙහි බෑවුම මීටර 400 ට මීටරයක්‌ පමණ වෙනවා. බලාගාරය ආසන්න වන විට උමගේ බැස්‌මේ ආනතිය අංශක 48 ක්‌ වනවා යෑයි ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ශවේන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

භූගත විදුලි බලාගාරයේ දිගින් මීටර් 60 ක්‌ද, පළළින් මීටර් 19 ක්‌ද, උසින් මීටර් 36 ක්‌ද වේ. විදුලිය නිපදවීම සඳහා තළ බමන දෙකක්‌ යොදා ගැනෙන අතර, එමගින් මෙගාවෝල්ට්‌ 150 ක ධාරිතාවක්‌ නිපදවේ. මෙහි වාර්ෂික බලශක්‌ති නිපැයුම ගිගාවොට්‌ 409 කි.

ප්‍රධාන උමගට අමතරව තවත් උමග තුනක්‌ මෙහි තිබෙනවා. එකක්‌ නියම්ගම් දොර සිට නැවත කොත්මලේ ඔයට ජලය ගෙන යන කිලෝමීටර් 2.5 ක්‌ දිග උමඟ. ප්‍රධාන උමග වෙත සැපයුම් රැගෙන යන තවත් උමගක්‌ තිබෙනවා. බලාගාරයේ සිට විදුලි රැහැන් පිටතට ගෙන එන උමග තෙවැන්න යෑයි ඉංජිනේරු හේමන්ත සමරසිංහ මහතා කියා සිටිය.

දැනට සියයට හැත්තෑවකින් පමණ වැඩ අවසන් වී ඇති ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතියේ සියලු වැඩ කටයුතු 2011 වසරේ දෙසැම්බර් මස වන විට නිම කිරීමට අපේක්‍ෂිතය. මුළු ව්‍යාපෘතියේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියින 384 ක්‌ වන අතර, දේශීය ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 87 කි.

මෙම ව්‍යාපෘතිය නිසා කොත්මලේ ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ලේ සුන්දරත්වයට හානි වන බව ප්‍රදේශවාසීන්ගෙන් හා පරිසවේදීන්ගෙන් චෝදනාවක්‌ එල්ල වුණා. ඊට පිළියමක්‌ වශයෙන් දිවා කාලයේදී පැය භාගයෙන් භාගයට ශාන්ත ක්‌ලෙයාර් දිය ඇaල වෙත ජලය මුදාහරින්න කටයුතු කරනවා. මේ නිසා එම දිය ඇල්ලේ සුන්දරත්වයට හානියක්‌ වන්නේ නැහැ. මෙම ජය මුදාහැරීම නියතයක්‌ නිසා වසරේ සෑම කාලයකට ශාන්ත ක්‌ලෙයාර් දිය ඇල්ලේ සුන්දරත්වය විඳ ගන්න හැකිය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූවන් සඳහා නිවාස 495 ක්‌ සාදා නිම කර දී තිබෙනවා. මෙහිදී එම නිවාස අහිමි වූවන් යාබද ප්‍රදේශයන්හි නැවත පදිංචි කිරීම නිසා ඔවුන්ට සහායක්‌ කිලෝමීටර් 13 ක්‌ පමණ දිගින් යුත් උමඟ වෙත පිවිසුම් දොරටුවකින් ඇතුළු වන්නට ඉකුත්දා අපට ද වරම් ලැබිණි. මෙතරම් දිග උමඟක්‌ දිගේ පියනඟන විට අප වෙත මතු වූ ගැටලු වෙත සිනාමුසු මුහුණින් පිළිවදන් සැපයූ ඉංජිනේරු මහත්ම මහත්මීන් උමඟට ජීවයක්‌ ලබාදුන් ඇත්තන්ය. නිදහස්‌ අධ්‍යාපනයේ ඵල නෙලා කහවනු සොයනු පිණිස රට හැර යන උගත් ඉංජිනේරුවන් සිටින අපේ රටට ඔවුන් සැබෑ සම්පත්ය.

උපුටා ගැනීම දිවයින ඇසුරෙනි

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives