Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

“බස් බෝඩ්එක කියවන්නයි නම ලියන්නයි මට පුළුවන. මං ළඟ ඉඳගෙන ඉස්කෝලේ මිස්ලා කියලා දෙනවා. ඒ වුණාට මට මතක හිටින්නේ නැහැ. මම ඉස්කෝලේ හතට ගියා. අකුරු බැරි වුණාට මම ඉස්කෝලෙ යනවා. ඉතිං පාස් වෙනවා. එහෙම හතට ගියා.
අපේ ගෙදර ඉන්නේ බාප්පයි අම්මයි මමයි නංගියි චූටි නංගියි ආච්චියි. අපේ ගෙදර තියෙන්නේ රේල් පාර ළඟ. අපේ ගම අනුරාධපුරේට ළඟයි. තාත්තා පොඩි කාලේ නංගිවයි මාවයි දාලා ගිහින්. බාප්පා අපිට හරි ආදරෙයි. බාප්පා මාත් එක්ක සෙල්ලම් කරන්න එනවා. මම රේල්පාරේ සරුංගල් යවනවා. දැන් මගේ නංගිගේ වයස අවුරුදු 11 යි. අනිත් නංගි තාම කිරි බොනවා. 
අපේ බාප්පා කරන්නේ කුලීවැඩ. අනෙක් දවස්වලට බෝතල් යකඩ එකතු කරලා විකුණනවා. අම්මට උයන්න බැරිදාට කෑම උයන්නෙත් අපේ බාප්පා. බෝතල් එකතු කරන්න යන්න බාප්පා මට කවදාවත් අඬගහන්නේ නැහැ. තනියම යනවා. අපේ ආච්චි ඇඳට වෙලාමයි ඉන්නේ. ඒත් එයාට අසනීපයක් නැහැ.” යැයි කී නාමල් නිහඬ විය.
”එතකොට අම්මා?”
මම ඇසූ පැනය නෑසිය යුතු වුද එය ඇසිය යුතුය.
නාමල්ගේ නාසයද කම්මුල් ද රත්පැහැ ගැන්වී දෙතොල් එකිනෙක තෙරපී ගියේ වේදනාවට පත් වැඩිහිටියෙකු වේදනාව සමනය කරගැනීමට දරන ප්‍රයත්නය සිහිකරමිනි. ඒත් ළපටි මුව මඩළ රත්පැහැ ගනිද්දී දෑසේ කඳුළු නැඟී එනු පෙනිණි.
”අපේ අම්මා සල්ලි ඉල්ලන්න ගිහින් ඉන්නකොට පොලීසියෙන් අල්ලන් ගිහින් බන්ධනාගාරේ හිටියේ එතකොට.”
”එතකොට කියන්නේ?”
”බාප්පවයි මාවයි පොලිසියෙන් අල්ල ගන්න කොට.” කී කොලුවා රත්පැහැ ගැන්වුණු දෑසින් මදෙස බලා සිටියේය.
”අම්මවයි බාප්පවයි බන්ධනාගාරේට දැම්මහම ඒ අය බලන්න මමයි, නංගියි, ආච්චියි ගියා. ඒ ගියහම පොලිසියෙන් සැකපිට කියලා මාව අත්අඩංගුවට ගත්තා. උසාවියට ආවහම තමයි මම දන්නේ මාව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා අම්මා කීවේ බාප්පගේ් නඩුවට ම තමයි කියලා...”
මොකක්ද බාප්පගේ නඩුව කියලා මට අහන්න ඕන වුණත් මම ඇහුවේ ඇයි අම්මා පාරේ සල්ලි ඉල්ලන්න ගියේ? කියන ප්‍රශ්නය විතරයි.
ආයෙත් කොල්ලාගේ මූණ රතුවුණා. මට හිතාගන්න බැහැ දරුවෙක් එවැනි වේදනාවක් කොහොම දරන් ඉන්නවද කියලා.
”අපිට කෑම නැතිවුණාම තමයි අම්මා චූටි නංගි එක්ක ටවුමට ගිහින් කාගෙන් හරි සල්ලි ඉල්ලන්නේ. අපි ඒක දන්නේ නැහැ. කවුරුත් කියලත් නැහැ.”
”මට ආයේ ගෙදර යන්න වෙන්නේ නැති එකට මට හරිම දුකයි. මම ගෙදර ඉන්නකොට දඟකළේ නැහැ. සෙල්ලම් කළා ගේ ඉස්සරහ තිබුණු වැලි පිට්ටනියේ. එහෙම නැත්නම් රේල්පාරේ සරුංගල් ඇරියා. ගෙවල් ගානෙ ගියේ නැහැ. රස්තියාදු වෙන්න ගියෙත් නැහැ.”
”අනේ අපේ අම්මා හැමදාම සල්ලි ඉල්ලන්න යන්නෙ නැහැ. සල්ලි නැති වුණොත් විතරයි යන්නේ. අපි ඔක්කොම බන්ධනාගාරේට යැවුවේ එකම දවසේ. නංගිත් තියා ගත්තා.
අපිට ගෙයක් තිබුණෙත් නැහැ. අපේ ගේ හදලා දුන්නෙත් වෙන මහත්තයෙක්. අපේ ගෙදර ඔප්පුව අපේ ආච්චි වෙන පුතෙකුට දීලා එයා ඒක තියාගෙන හිටියා. දැන් එයා ඒක විකුණන්න හදන්නේ. දැන් ඉතින් අපිට ගෙවල් මොකටද අපේ ගෙදර තිබුණු ඇඳත් ඒ මාමා අරන්ගියා. මාව මෙහෙට එවනකොට අපේ අම්මට ඇපදීලා ගෙදර යැව්වා. බාප්පා තවම බන්ධනාගාරේ.”
”බාප්පා හොඳයි. අපිට ආදරෙයි. අපිට වැඩක්වත් කරන්න කියන්නේ නැහැ. මම නම් බත් උයන්න පොල්ගාලා දෙනවා. අපේ නංගි එහෙමවත් කරන්නේ නැහැ. අම්මා වැඩක් කීවහමත් එයා අඬන්න පටන් ගන්නවා. 
අඬ අඬා ඉඳලා වැඩ නොකර බේරෙනවා. 
එයා ඉන්නේ අපේ ආච්චිගේ ළඟටම වෙලා. ආච්චි එයාව බලාගන්නේ. එයා ආච්චි කියන දෙයක් කරලා දෙනව. ආච්චිත් කිසිම දෙයක් කරන්නේ නැහැ නිදිය ගන්නවා විතරයි.”
අපේ ආච්චි බාප්පත් එක්ක තරහයි. බාප්පට ගෙට එන්න දෙන්නෙත් නැහැ. බාප්පා නිදාගන්නේ ටකරන් කෑල්ලේ පුටුවක. අපි නිදාගත්තට පස්සේ එනවද කියලා දන්නේ නැහැ. ආච්චි නපුරුයි හැමතිස්සෙම බාප්පට බණිනවා. බාප්පා ඉන්න තැනට ඇඳක් දාලා දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපේ ආච්චිගේ වැඩේම කුනු කුනු ගගා බාප්පට බණින එකමයි. ඒත් බාප්පා මොකුත් කියන්නේ නැහැ. ඉවසගෙන ඉන්නවා. බැරිම තැන තමයි අත උස්සන්නේ. අත ඉස්සුවහම ඇති. ආච්චි පොලිසියට පැමිණිලි කරනවා කියලා යනවා.”
”අම්මා මගෙන් අහන්නෙ නැහැ මම නංගිට වරදක් කළාද කියලා. ඒත් බාප්පගෙන් අහනවා. එයා නෑ කියනවා. බාප්පා බන්ධනාගාරේ ඉන්නේ අඬ අඬාම තමයි.”
”මම එදා පොලිසියට නොගිය නම් මට මෙහේ එන්න වෙන්නේ නැහැ. ඒත් සමහරවිට ඉස්කෝලේ යන්නේ නැහැ කියලා මෙහේට එවයිද දන්නේ නැහැ. කොල්ලා ඉකිය යටපත් කරගනිමින් කීවේය.
අසාමාන්‍ය දරුවකු නොවුණ ද මුහුණ පෑ චිත්ත පීඩාව නිසාදෝ දරුවාගේ හැසිරීම්හි වෙනසක් පෙනිණි. එහෙත් පාසල් ගියද අධ්‍යාපනයක් නොලැබුණු කෝළ ගැමි දරුවකුගේ අව්‍යාජ බව නාමල්ගේ හැසිරීම් තුළින් මනාව ප්‍රකට විය.
නාමල් නිවැරැද්දේ රැඳවුම් නිවසට ආවා නම් ඔහු එතැනින් එළියට යන්නේ අපරාධකරුවකු ලෙසය. මම මෙතෙක් කල් නොකීව ද කීමට අකමැතිවූද නොයෙක් ආකාරයේ හේතු මත එය සිදුවනු ඇත. එතැනට පැමිණෙන දරුවන් අතරින් සීයට 2 – 5 අතර පිරිසක් දඩබ්බරයෝය. අපයෝජනයට ලක්වූවෝය. මතට ඇබ්බැහි වූවෝය. කෙතරම් ආරක්‍ෂක උපක්‍රම යොදා රඳවා තැබුවත් ඇතැම්විට ඔවුහූ සිය අවශ්‍යතා එම රැඳවුම් නිවහන තුළදී සපුරා ගනිති. ඔවුන් හා ගැවසෙන අහිංසකයන් රැඳවුම් නිවහනින් එළියට යන්නේ දඩබ්බරකම්, මැරකම්, ජඩකම් ඉගෙන පැමිණියාටත් වඩා මනස දූෂණය කර ගෙනය.
” මිස්, ඕකත් එක්ක කතා කරන්න එපා. ඕකා ඇවිත් තියෙන්නේ...” කියමින් නාමල් හා දොඩමලු වීමට මට ඉඩ නොදුන් දරුවෝද එතැන සිටියහ.
”මම එහෙම කළේ නෑ මිස්.” යන්නවත් නොකියා කඳුළින් බර දෑසින් බැලූ නාමල් මට පසුගිය දින කිහිපය පුරාම සිහිවිය. දරුවෙකුට චෝදනා කරන්නට පෙර අප බොහෝ විමසිලිමත් විය යුතුය.
”ඔයා පොලිසියෙදි මොනවද කීවේ?” මම නාමල්ගෙල් අවසානයේ ඇසීමි.
”මොකුත් නෑ මිස් මොකුත් කියලා වැඩක් නැහැ කියලා හිතුණා.”
නාමල් දෑස් කඳුළින් පුරවා ගනිමින් කීවේය. නාමල්ගේ දෑස් රතු වී තිබිණි. ඒ නිරන්තරයෙන් හැඬූ නිසා නොවේ. රැඳවුම් නිවසේ දරුවන් අතර බෝවන ඇස් ලෙඩ පැතිර යන බැවිනි. නාමල් කඳුළු පෙරෙන දෑස් කිලිටි කමිසයෙන් පිස ගන්නා අයුරු මම බලා සිටියෙමි. පරාජිත දෑසින් මදෙස බලන නාමල් දෙස මම ද බලා උන්නෙමි

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives