Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

මීට අවුරුදු දෙක හමාරකට පමණ පෙර, මෙරට මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ විශාල ආන්දෝලනයක්‌ ඇති කළ මෙන්ම ඉතාම වැදගත් පාඩමක්‌ කියා දුන් තැනැත්තෙකි සක්‌විති. ඊට ප්‍රධාන හේතුව වන්නේ, ඔහු විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනය තුළ වැඩිම පොලී ප්‍රතිශතයක්‌ ගෙවමින් රු. කෝටි දහසක පමණ මුදල් වංචාවක්‌ සිදුකර, අවසානයේ කාට කාටත් හොරෙන් ඔහු රටින් ද පලා යැමයි. ඔහු මෙම වංචාව කළ හේතුවෙන්, ඔහු පමණක්‌ නොව තවත් එවන් වංචනිකයන් ගණනාවක්‌ම හඳුනා ගැනීමට ද හැකිවීමෙන් මොහුගේ වටිනාකම තව තවත් වැඩි විය. එA අනුව සක්‌විති ආයතනය පමණක්‌ නොව ගෝල්ඩන් කී මෙන්ම දැඩි දඬුවම්, සුළු දඬුවම් ආදී තවත් පුද්ගලයන් සහ ආයතන ගණනාවක්‌ හඳුනා ගැනීමට ද මග පෑදින. ඊට පෙරද, ප්‍රමුඛ නමින් තවත් ආයතනයක්‌ මෙබඳු චෝදනාවකට ලක්‌වූ අතර, එA අවස්‌ථාව එතරම්ම ආන්දෝලනයකට තුඩු නොදුන් අතර පාඩමකට ගත්තේ ද නැත.

ඇත්ත වශයෙන්ම සක්‌විති රටට සහ රජයට ඉගැන්වූයේ අගනා පාඩමකි. ඔහු මෙම ඉගැන්වීමට පෙරද ඉංගී්‍රසි ඉගැන්වීම පිළිබඳව සැබෑ දක්‍ෂයෙක්‌ බව රටට ඔප්පු කළ අයෙකි. ඔහු ඉංගී්‍රසි උගන්වන සමයේ සක්‌විති සර් (Sසර) විය. එA බව ඕනෑ තරම් මාධ්‍ය තුළ සඳහන් විය. එහෙත් මෙම මූල්‍ය ආයතනය පවත්වාගෙන යැමෙන් සහ එA තුළ සිදුවූ වංචාවෙන් පසු ඔහු සක්‌විති නමැති පුද්ගලයකු විය. මේ වන විට සෑම මාධ්‍යයක්‌ තුළින්ම ඔහු හඳුන්වනු ලබන්නේ සක්‌විති නම් පුද්ගලයා ලෙසටය. සැබවින්ම මෙම ඉගැන්වීම් දෙකම සිදු කළ ආයතන දෙකම වංචනික මෙන්ම පුද්ගලයකු විසින් පවත්වාගෙන යැමට අකැප ආයතන දෙකකි. එහෙත් මෙම ආයතන දෙකම හොර රහසේ නොව ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය ආයතන දෙකකි. මෙම ආයතන දෙකෙහිම පැවැත්ම පිණිස රජයෙන් ද කිසිදු බාධාවක්‌ නොවීය. එම ආයතන ඔවුනට රිසි පරිදි පවත්වාගෙන යැමට රජය විසින් ද අවශ්‍ය වටපිටාව නිර්මාණය කර තිබිණි. එපමණක්‌ නොව එම පාඩම් කියා දී තිබියදීත්, මේ මොහොත වන තෙක්‌ම රජය විසින් තවමත් එවන් ක්‍රියාකාරකම් සිදු කිරීමට ඇති වටපිටාව අහුරා දමා නැත. එA අනුව කොටු කරගෙන දඬුවම් පමුණුවන්නට හැකිවූ සක්‌විති ආයතනය සහ ඉහත සඳහන් කළ අනෙකුත් ආයතන පමණක්‌ නොව, තවත් වංචනිකයන් සහ එවන් ආයතන බොහොමයක්‌ නිදැල්ලේම තමුන්ගේ වංචනික කටයුතු එලෙසින්ම මේ රට තුළ අදටත් ප්‍රසිද්ධියේම පවත්වාගෙන යමින් ඇත.

කෙටියෙන් සඳහන් කරනවා නම්. අධ්‍යාපන කටයුතු, මුල්‍ය කටයුතු, සෞඛ්‍ය කටයුතු සහ සුබසාධන (රක්‍ෂණ වැනි) කටයුතු යනාදී සියල්ල 100% ක්‌ම පවත්වාගෙන යායුතු වන්නේ, රජයේ පාර්ශ්වය විසින්ය. පෞද්ගලික අංශයට පැවරිය යුතු වන්නේ, නිෂ්පාදන කටයුතු, වෙළෙඳ කටයුතු සහ ඉදිකිරීම් කටයුතු යනාදිය පමණි. අප රට තුළ එය එසේ නොවන හෙයින්, මෙවන් අක්‍රමිකතා සිදුවීම වැළකීමට ද නොහැකි ප්‍රධාන හේතුව බවට පත්ව ඇත. මේ අනුව අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළද, මූල්‍ය ක්‍ෂේත්‍රය තුළද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළද, රක්‍ෂණ සහ සුබසාධන ක්‍ෂේත්‍රයන් තුළද, මෙවන් අක්‍රමිකතා බොහෝ සිදු වන බව නොරහසකි. එවන් ක්‍ෂේත්‍රයන්ගෙන් කොටසක්‌ මේ වන විට පෞද්ගලික අංශ විසින් පවත්වාගෙන යන ප්‍රසිද්ධ ආයතන බවට පත්ව ඇති අතර, මේ රටේ අහිංසක ජනතාව වක්‍ර ලෙස සූරා කන මහා පරිමාණ වංචනික ආයතන බවට ද පත්ව ඇත. සක්‌විති විසින්ද පවත්වාගෙන ගියේ මෙවන් ආයතනයක්‌මය. එA අනුව මෙවන් ආයතනවල සාමාන්‍ය ස්‌වභාවය වන්නේ, වර්තමානයේ පවතින තරගකාරීත්වය තුළ නැඟී සිටීම සඳහා ජනතාව ආකර්ෂණය කරගන්නට හැකි ප්‍රචාරණ කටයුතු ඇතුළු විවිධ උපක්‍රම කරගෙන යැමයි. ඊට අමතරව එවන් මූල්‍ය ආයතන විසින් තම පැවැත්ම සඳහා අවශ්‍ය මුදල් තැන්පතු ලබාගැනීම පිණිස වැඩි පොලී ප්‍රතිශතයක්‌ හඳුන්වාදීම විශේෂිත ලක්‍ෂණයකි.

එමෙන්ම එලෙස ලබාගන්නා තැන්පත් සඳහා නිසි පොලිය ගෙවීම පිණිස ඊටත් වඩා වැඩි පොලී ප්‍රතිශතයක්‌ ද සහිතව එම මුදල් නැවතත් ණයට දීමයි. එහෙයින් එම පොලිය කුමක්‌ද යන්න නිගමනය කළ යුතු වන්නේ, එම ආයතනයේ පැවැත්ම සඳහා යොදවන මූලික සහ කාරක ප්‍රාග්ධනය ද, ආයතනික ලාභය ද, ඇස්‌තමේන්තු කරනු ලබන අවදානම ද, ආවරණය කරගැනීමේ ඉලක්‌කය මතය. එA අනුව ඉතාමත් වැඩි පොලියක්‌ අයකර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වුවද, ණයට ගනු ලබන තැනැත්තාගේ කැමැත්ත දිනා ගැනීම පිණිස මතුපිටින් පෙන්වන ලද පොලියට වඩා වැඩි පොලියක්‌ අයකරන ක්‍රමවේද ගණනාවක්‌ මෙවන් ආයතන විසින් අනුගමනය කරනු ඇත. එA අනුව අනවබෝධයෙන් යුතුව වර්තමාන ආර්ථික රැල්ලට හසුවී ඇති සහ මෙම මුදල් ණයට ගනු ලබන පුද්ගලයා, ඉතාමත්ම කෙටි කාල පරාසයක්‌ තුළ නොදැනුවත්වම අමාරුවේ වැටෙනවා නියතය. ඔහු එසේ අමාරුවේ වැටෙනවාය යන්නෙහි තේරුම වන්නේ, එම ආයතනය ද, එම ආයතනය තුළ මුදල් තැන්පත් කරනු ලබන පුද්ගලයා ද අමාරුවේ වැටෙනවාය යන්නයි.

කෙසේ වෙතත් ජීවිතවලින් පවා දැඩි දඬුවම් ලැබූ සහ ලබාදිය යුතුය සඳහන් වන මේ බරපතල වරද කරනු ලැබුවේ, සක්‌විතිල, කොතලාවලල, දැඩි දඬුවම්ල සහ දඬුවම්ල පමණද? මෙවන් මහා පරිමාණ සහ කුඩා පරිමාණ වැරදි කරන අය මේ රට තුළ විරාජමානව තවදුරටත් වංචනික කටයුතු සිදු කරන්නේ නැතිද? මෙවන් වංචනික කටයුතු නිදැල්ලේ කරගෙන යැම පිණිස කිසිදු පාලනයකින් තොරව ඉඩහැර බකංනිලාගෙන සිටීම රජය විසින් කරනු ලබන වරදක්‌ නොවේද? කුමක්‌ද මේ පිළිබඳ රජයේ වගකීම? මේවට ලැබිය යුතු දඬුවම් මොනවාද? එපමණක්‌ නොව, මේ සක්‌විතිලා මිනිස්‌ සහ සත්ව ඝාතනවලට හවුල් ද. සෘජුවම සොරකම් කරල තිබේද? ගණිකා මඩම් පවත්වාගෙන ගොස්‌ තිබෙනවාද? මත්ද්‍රව්‍ය සහිත ආපන ශාලා හෝ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ ද, ඔවුන් දැන දැනම මෙම පස්‌ පවෙහි යෙදුණාද, හිතාමතාම මෙම වංචනික කටයුතු සිදු කළාද, එසේත් නැතිනම් නොදැනුවත්කම තුළ, රට යන අත බලාගෙන එම තරගයට පිවිසුණාද, එA අනුව සක්‌විතිල කළ වැරදිවල බරපතලකම තීන්දු කළ යුතු වන්නේ එලෙසින් නොවේද? සමාජය තුළ ඔවුන් හංවඩු ගැසිය යුතු වන්නේ එAවාට සාපේක්‍ෂව නොවන්නේද, සිතා මතාම බරපතල ලෙස පස්‌ පවෙහි යෙදෙන තවත් අය මේ රට තුළ විරාජමානව වැජඹෙන්නේ නැතිද? ඔවුන්ට සමාජය තුළ හිමිව ඇති තැන කුමක්‌ද? ඔවුන්ට සමාජයෙන් ලැබෙන වරප්‍රසාද සහ ගරු බුහුමන් කොපමණද? මේවා පරමාදර්ශය ගන්නා පෘථග්ජනයා මෙවන් වැරදිවලට නොපෙළඹෙන්නේද? යන්න ගැන සැලකිල්ලට ගෙන, වගකිවයුතු රජය සහ එම ආයතන විසින් මෙම වගකීම භාරගත යුතු නොවන්නේද?

රජයක්‌ විසින් දැරිය යුතු වගකීම සහ යුතුකම පැහැර හැර, පෘථග්ජන මිනිසුන්ට නිදැල්ලේ එකිනෙකා පරයා යමින් සහ සියලුම කපටි කයිරාටිකකම් කරගෙන යන්නටද, ධනය සහ සම්පත් සිතැඟි පරිදි රැස්‌කර ගැනීමට ද ඉඩහැර, ඔවුන්ව වරදට පොළඹවා, අවසානයේ රට හොලවන මාතෘකාවක්‌ බවට ද පත් කර දැඩි දඬුවම් පැමිණීම වටීද? එනිසා රජයක යුතුකම සහ වගකීම වන්නේ, සමාජය තුළ කිසිවකුට වැරදි කළ නොහැකි වන වටපිටාවක්‌ නිර්මාණය කර, පෘථග්ජන මිනිසුන් දැඩි පාලනයකට නතු වන ආකාරයට තම යුතුකම සහ වගකීම දැරීම නොවන්නේද? එහෙයින් සක්‌විතිගෙන්වත් ඉගෙන නොගත් මෙම පාඩම, රජය විසින් නැවත කාගෙන්වත් ඉගෙන ගනීවීද යන්න සැක සහිතය. එහෙයින් රජය විසින් මේ මොහොතේ හෝ පාඩමකට ගත යුතු වන්නේ, මූල්‍ය ආයතන සහ මූල්‍ය කටයුතු යනු, රාජ්‍ය අංශය විසින්ම පවත්වාගෙන යායුතු පූර්ණ සේවාවක්‌ පමණක්‌ වන බවත්, එය පෞද්ගලික අංශයට අකැප වූ කටයුත්තක්‌ බවත්, වටහාගෙන කටයුතු කිරීමයි. එමෙන්ම මුදල් සහ මූල්‍ය ආයතන ලොවට නිර්මාණය වී ඇත්තේ, ලාබ ඉපැයීමට හෝ මුදල් මැවීම සඳහා නොවන බවත්, රට තුළ ධනය සහ සම්පත් ඉපැයීමට නන් අයුරින් සහාය සැපයීම මෙන්ම එA සඳහා ඇති වන බාධක ඉවත් කිරීම සඳහා වන බවයි. එමෙන්ම මීට පෙර සඳහන් කළ පරිදි රජය විසින් සිදු කළ යුතු සියලුම සේවා සහ ශුභ සාධන කටයුතු රජයට පවරාගත යුතු අතර, පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යායුතු සියලුම ලාභ ඉපැයීමේ කාර්යයන් 100% ක්‌ම පෞද්ගලික අංශයට ද, පැවරිය යුතු වන බවයි. එපමණක්‌ නොව මෙවන් තවත් සංශෝධන බොහොමයක්‌ සිදු කර, අපේක්‍ෂිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට ද ඇතුළත් කරගත යුතු වන බවයි. එවිට තවත් සක්‌විතිලා මේ රට තුළ නැවතත් නිර්මාණය නොවනු ඇත. එමෙන්ම තවත් එවන් බොහෝ අකටයුතු රට තුළ සිදු නොවනු ඇත.

කෙසේ වෙතත් සක්‌විති යනු, මේ රටට වැඩදායක වන, ලංකා මාතාවගේ තවත් දක්‍ෂ දරුවෙකි. ඔහු මෙම වැරැද්ද සිදු කර ඇත්තේ, තම ඥති මිත්‍රාදීන්ගෙන් වෙන්වී, අඹු දරුවන් සමග හිරේ විලංගුවේ තම ජීවිතය ගත කරන්නට නම් නොවන්නේය. කිසිසේත්ම එවන් ෙච්තනාවක්‌ මුල් කරගෙන මොහු විසින් මෙය වංචනික සිතකින් අරඹන්නට නැතිව ඇති. ඔහු දක්‍ෂ සහ ආකර්ෂණීය ගුරුවරයකු වූ හෙයින්ද, රටේ ප්‍රසිද්ධියට පත්වූ පුද්ගලයකු වූ හෙයින්ද, එවන් පුද්ගලයන්ට මහා පරිමාණයෙන් මුදල් මවන්නට හැකි වන හෙයින්ද, වැඩිපුර මුදල් මවාගත් පසු මේ රට තුළ නොකළ හැකි විස්‌කමක්‌ නොවන හෙයින්ද. එසේ කරන්නට අවකාශ තිබූ හෙයින්ද, තවත් බොහෝ දෙනා විසින් එසේ සිදු කර පරමාදර්ශයක්‌ සපයා ඇති හෙයින්ද, ඔහුද එසේ කරන්නට ඇති.

එමෙන්ම ඔහු ගැන අසන්නට සහ දැනගන්නට ඇති අලුත්ම තොරතුරු අනුව ඔහු සතුව යම් මුදලක්‌ හෝ වෙනත් සම්පතක්‌ ද ඉතිරිව නැත. එA අතර ඔහු විසින් රැස්‌ කරගත් මුදල් සමග කැසිනෝ නම් සූදුවක යෙදී ඇති බවද, එනිසාම ඔහු එම මුදල් නැති නාස්‌ති කර ඇති බවට ද දැනගන්නට ඇත. අනතුරුව මුදල් නොමැති වූ විට ඔහුට මුහුණ දීමට සිදුවූ බරපතල තත්ත්වය මත රටින් පලා යන්නට ද ඇත. එහෙත් එම සුදුව කෙලින්නට වුවද, ප්‍රසිද්ධියේ වටපිටාවක්‌ නිර්මාණය වී තිබුණේ අප රට තුළමය. රජයේ සහ වගකිවයුතු අංශවල අවසරය ද පරිදිය.

මෙවන් පිටපිටාවක්‌ තුළ, ඔහුගේ අධික තණ්‌හාව නිසාම මෙම ඉරණමට ගොදුරු වන්නට ඔහුට සිදු වන්නට ද පිළිවන. එහෙත් ඔහුට මුදල් ලබාදුන් දහස්‌ ගණනක්‌ ජනතාව තුළ තිබුණේ එම තණ්‌හාවම නොවේද? තණ්‌හාව නැති මිනිසුන් මේ ලෝකයේ ඇතිදැයි සිතීමට ද නොහැක. මෙම තණ්‌හාව නිසාම මිනිසුන් බොහෝ අක්‍රමිකතා සිදු කරන බව නොරහසකි. තණ්‌හාව යනු සත්ව ස්‌වභාවයයි. සිතන්නට තරම් මොළයක්‌ පිහිටා ඇති හෙයින් සතුන් අතරින් ඉතාමත්ම උපක්‍රමශීලීව ආශාවන් සපුරා ගැනීමට මිනිසා සමත්ය. එනිසාම මිනිසා සතු වන එම ආත්මාර්ථකාමී තත්ත්වය පාලනය කරගනු පිණිස, රජය සහ රාජ්‍ය සංකල්පයක්‌ ලොව තුළ නිර්මාණය වී ඇත. එහෙයින් රජයක හෝ රාජ්‍ය නායකයන්ගේ වගකීම සහ යුතුකම වන්නේ, අනෙකා පරයා යමින්, තවකෙකු පාගා දමමින් සහ අසරණ කරමින්, ශක්‌තිවන්තයා, බලවතා හෝ කපටියා නැඟී සිටීම වළකාලීමයි. එහෙයින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රටක්‌ රාජ්‍යයක්‌ හෝ සමාජ සංස්‌ථාවක්‌ තුළ සුරක්‍ෂිත නම්, මෙවන් විපත්වලට මුහුණදීමට මිනිසුන්ට සිදුවන්නේ නැති වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදයෙහි සහ සමාජවාදයෙහි සැබෑ ලක්‍ෂණය වන්නේ අසහනයෙන් තොර වූද, ධනාත්මක මෙන්ම ගුණාත්මක ආකල්පවලින් යුක්‌ත වූද, ඉතාමත්ම විනීතව සහ සංයමයකින් යුතු වන සමාජ වටපිටාවකි.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives