Gossip Lanka News

Underground News from Sri Lanka

අමුතු කතාව

ameesha  

Gossip Lanka News Now Add comments

අමීශා පටෙල්ට සොරකම් චෝදනාවක්

"කහෝනා ප්‍යාර් හේ" චිත්‍රපටයෙන් සිය රංගන ජීවිතය ඇරඹි බොලිවුඩ් රංගන ශිල්පිණී අමීශා පටෙල් යනු සිය ඥාතීන් නිසා විවිධ ගැහැට වලට මුහුණදීමට සිදුවූ රංගන ශිල්පිණියකි. සිය රංගන ජීවිතයෙන් අමීශා උපයාගත් සියලු මුදල් ඇයගේ මව්පියන් එක්ව ඔවුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදාගැනීම නිසා අමීශාට බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදුවිය. එමෙන්ම එම සිදුවීමත් සමග ඇය සිය මව්පියන්ගෙන් ඈත්වීමට තීරණය කළාය. පසුව අමීශා විසින් ඉන්දීය රුපියල් මිලියන 120 ක මුදලක් නැවත ලබාගැනීම සඳහා සිය මව්පියන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබීය.
දැන් නැවතත් ඇයට තවත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා වේ. අමීශාගේ මාමා වන නලින් රජ්නි පටෙල් විසින් ඇයට එරෙහිව සොරකම් චෝදනාවක් එල්ල කර තිබේ. ඇය සතුව පැවති සැබෑ යතුරට සමාන යතුරක් උපයෝගී කරගනිමින් අමීශා මනාලිහි පිහිටි සිය නිවසට ඇතුළුවී ඇති බවට රජ්නි විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව සඳහන්ය. එසේ නීතිවිරෝධීව නිවසට ඇතුළුව තමන්ට හා සොයුරු සුනිල්ට අයත් නිවසේ ඔප්පු ලියවිලි කිහිපයක් අමීශා විසින් සොරගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කර තිබේ. එම අවස්ථාවෙහි කිසිවකු නිවසේ රැදීසිට නොමැති බව ද සඳහන්ය.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය පිළිබඳව තමන් සහ සොහොයුරා දැනුවත් වූයේ අසල්වැසියකු විසින් කිසියම් පුද්ගලයෙකු අගුළු ලා තිබූ ඔවුන්ගේ නිවසට ඇතුළුව ඇති බව දුරකථන ඇමතුමක් මගින් දැනුම් දුන් පසුව බව ද රජ්නි පොලිසිය වෙත ප්‍රකාශ කර ඇති බව සඳහන්ය. ඒ පිළිබඳව විමසා බැලීමේදී එසේ නිවසට ඇතුළුව ඇත්තේ අමීශා බව දැනගන්නට ලැබුණු බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම අමීශා පටෙල්ට එරෙහිව මානව හිමිකම් කඩකිරීම පිළිබඳ වාර්තාවක් ගොනුකිරීමට ඩෙකෑන් පොලිසිය අසමත් වීම පිළිබඳව රජ්නි පටෙල් කළකිරීමට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මෙම සිද්ධිය සිවිල් ගැටලුවක් ලෙස සැලකීම පිළිබඳව ද ඔහු චෝදනා කරයි. මේ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ද අමීශා ඉදිරිපත්ව නොමැති බව වාර්තා වේ. නමුත් ඇය සිය නීතිඥයින් මාර්ගයෙන් සාධාරණය ඉෂ්ට කරගැනීමට බලාපොරොත්තු වන බව ද සඳහන්ය.

0 comments

Post a Comment

________________________________
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow

Puduma Dewal

Recent Comments

Ads

Gossip Posts

Gossip Posts

ZODIAC ADA DAWASA | අද දවස

මේෂ
වෙනදාට වඩා ගමන් බිමන් අධිකය. පදිංවියේ වෙනසක් වීමටද ඉඩක් ඇත. දුර බහැර සිටින අය පෞද්ගලිකවම හමුවීම හෝ වෙනත් මාර්ගවලින් සබඳතා පවත්වයි. ව්‍යාපාර කටයුතුවලදී පාඩු සිදුනොකරගන්න.

වෘෂභ
කෙසේ හෝ අතමිට මුදල් ගැවසේ. නමුත් වියදම පාලනය කරගැනීම අපහසුය. ඔබගේ ආරක්ෂාව ගැන පමණක් නොව වෙනත් දේපළ හා මුදල්ද ප්‍රවේශම් කරගැනීම ප්‍රයෝජනවත්ය.

මිථුන
ඔබගේ බොහෝ කටයුතු වලදී අවිනිශ්විත ස්වභාවයක් ඇතිවීමේ ඉඩ ඇති බැවින් අමතර උනන්දුවකින් කටයුතු කිරීමෙන් සියළු කටයුතු සාර්ථක කරගත හැක. රැකියා අංශයේ වෙනසක් සිදුවෙතත් ඉන් අවාසියක් සිදුනොවේ.

කටක
අධික කාර්යබහුල ස්වභාවයක් පවතී. ආයෝජනයක් ලෙස හෝ තම අපේක්ෂාවක් වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමට සිදුවේ. තම අභිමතය පරිදි බලාපොරොත්තු ඉටුකරගත හැක.

සිංහ
නෑදෑ හිතවතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවේ. රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටීමේ උවමනාවද සහිතය. සමාජ සබඳතා හෝ වෙනත් ගමන් බිමන් වලදී ඔබට අවාසිදායක අවස්ථාවන් ඇතිවීමේ ඉඩ ඇත.
කන්‍යා
සෑම කටයුත්තකදීම ප්‍රවේශම්කාරීවිය යුතුය. සුළු අතපසුවීමක් හෝ සිදුනොකිරීමට වගබලාගන්න. ඥාති මිත්‍රාදීන් වෙනදාට වඩා ඔබගේ නිවසට පැමිණෙනවා ඇත. නිර්මාණශීලී අංශයන්ට සුභ දවසකි.

තුලා
රැකියා ආදී එදිනෙදා කටයුතුවලින් ඈත්ව පවුලේ හෝ වෙනත් බාහිර අවශ්‍යතාවයක් වෙනුවෙන් කාලය වැයකිරීමට සිදුවිය හැක. අසනීපවීම් හෝ විරසකවීම් ඇතිවීමේ ඉඩ පිළිබඳව සැලකිලිමත්වීම ප්‍රයෝජනවත්ය.

වෘශ්චික
සෑම ක්ෂේත්‍රයකදීම දෙවරක් සිතා බලා කටයුතු කරන්න. අසල්වාසීන් හෝ පවුලේ අවශ්‍යතාවන් ගැන වෙහෙසීමට සිදුවේ. මුදල් පරදුවට තබා ක්‍රියා නොකරන්න.

ධනු
නිතර හමුනොවන හෝ ඈත එපිට සිටින අය සමග සබඳතා පැවැත්වීමට සිදුවේ. ලෙතරැයි ආදී කිසියම් අවිනිශ්විත මාර්ගයකින් අතට මුදල් ලැබීමේ ඉඩ ඇත. පවුලේකටයුත්තක් සඵල කරගැනීමට ගන්නා උත්සාහයක් සාර්ථක වේ.

මකර
පවුලේ හෝ ගෙදරදොර අවශ්‍යතාවයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කෙසේ මුත් ඔබගේ ආදායම් තත්ත්වය යහපත්ය. කෙටි හෝ දීර්ඝ ගමන් බිමන් වෙනදාට වඩා බහුලවේ.
කුම්භ
ලියන කියන ආදී සහ සන්නිවේදන කටයුතුවලීද ප්‍රවේශම්විය යුතුය. ඔබගේ දිරිමත් බව කෙසේ හෝ සාර්ථක ප්‍රතිඵල අත්කර දේ. ආදායම් තත්ත්වයද සරුවන අතර සමාජ පිළිගැනීමකටද ලක්විය හැක.

මීන
පොදුවේ ගත්කල සුබ දවසකි. හෙළිකිරීමට අකැමති මාර්ගවලින් පවා ලාබ ප්‍රයෝජන අත්කරගැනීමට සමත්වේ. නමුත් අධික වියදම්ද සහිතය. කලක් තිස්සේ තිබූ බලාපොරොත්තුවූ අපේක්ෂාවක් ඉටුවීම නිසාද සහනය ඇතිවේ.

Archives