මම කාලෙන් කාලෙට එක එක චන්ඩිකම් කරනවා
කලාකරුවන්ට ගෙවන මිල ගැන හිතනකොටත් ලැඡ්ජයි
ගිහාන් ප්‍රනාන්දු
වේදිකාවෙන් බිහි වූ රංගන ශිල්පියෙකු ලෙස ඔහු හැඳින්වීමට පිළිවන. එහෙත් අද දවසේ ඔහු ගැන කතාබහ වන්නේ රූපවාහිනිය ඉදිරියේ දක්‌වන දස්‌කම් හේතුවෙනි. වරෙක රෙජී, තවත් විටෙක මෙරිල් හාමු, අද දවසේ වික්‌ටර් වැනි ඔහුටම ආවේණික වූ දාමරික චරිතයන් හරහා ඔබේ ආලින්දයට ගොඩ වදින ගිහාන් ප්‍රනාන්දු ගැන මේ වෙලාවෙ කතා බහ නොකළොත් ලොකු අඩුවක් යෑයි අපට හැඟුනා. ඒ නිසාම බොඳ මීදුම් හි වික්‌ටර් ගැන දැන ගන්න අපි ගිහාන් ප්‍රනාන්දුව ඇමතුවා.ගිහාන් චණ්‌ඩියෙක් වෙලා කියන්නේ ඇත්තද?එක එක කාලවලදී එක එක වර්ගයේ චණ්‌ඩිවෙන්න මට ආරාධනා ලැබෙනවා. ඉතිං මට තිබෙන අභියෝගය තමයි ඒ චණ්‌ඩින් කලින් චණ්‌ඩියගෙන් වෙනස් කරගන්නෙ කොහොමද කියන එක.ඇයි මේ විදිහට චණ්‌ඩි චරිතවලටම ආරාධනා ලැබෙන්නේ ?ඊට වැඩියෙ වෙනස් චරිත කරපු අවස්‌ථාත් තිබෙනවා. හැබැයි මාව වැඩිපුර ඉස්‌මතුවෙලා තිබෙන්නේ මෙවැනි චණ්‌ඩි චරිත හරහායි. ඒක ආරම්භ වෙන්නේ මම හිතන්නේ නාලන් මෙන්ඩිස් මහත්තයාගේ හිරු කුමාරි කියන නාට්‍යයෙන්. චණ්‌ඩි චරිතවලට මේ විදිහට ආරාධනා ලැබෙන්න එක හේතුවක් වෙන්න ඇති මම ඒ චරිතවලට දක්‌වන සාධාරණය.කොහොමද වික්‌ටර්ට ලැබෙන ප්‍රතිචාර?ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.“මිනී දෙකයි පෙට්‌ටි තුනයි” මේ වචන ගිහාන්ගෙ නිර්මාණද?ඔය වචනය නම් හොයල දුන්නෙ මගෙ සහෝදරයා. ඔහු නිකං ඉඳිද්දි කියපු කතාවක්. ඒ වගේම මේ දිනවල වතු සංස්‌කෘතියේ භාවිතා වන වචනත් මම මේ චරිතයට යොදාගෙන තිබෙනවා. “ලාවට” කියන වචනයත් මගෙ පාසල් මිතුරෙක් කියපු එකක්.ඔය විදිහට කටහඬ වෙනස් කරන්නත් ගොඩක් මහන්සි වුණා කියන්නේ ඇත්තද?මම පිළිගන්න දෙයක් තමයි රංගනය කියන දෙය අභ්‍යාසයකින් සහ අධ්‍යයනයකින් කළ යුතුයි කියන එක. මම ක්‍ෂේත්‍රයට ඇවිත් වසර 25 ක් වෙනවා. ඒ කාලයේදී වැඩි හරියක් කළේ රංගනය හදාරන එක. මේ විෂය හදාරන කෙනෙකුට ඒ වගේ දේවල් මහ අමාරු වැඩ නෙමෙයි.අද තිබෙන ටෙලි නාට්‍ය ඇදගෙන යන්න මෙවැනි චරිතයක් නැතුව බැහැ නේද?ලංකාවේ මේ වෙනකොට චරිත නිරූපණය කරන සහ ජවයෙන් රංගනයේ යෙදෙන නළු නිළියන් පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි දීර්ඝ ටෙලි නාට්‍යවල පැවැත්ම තීරණය කරන සාධකය වෙන්නෙ. ඒ පිරිස හරහායි ඉතුරු මොඩල්ස්‌ලා ටික පවත්වාගෙන යන්නෙ. මොඩල්ස්‌ලා නාට්‍යයෙන් නාට්‍යයට මාරුවෙනවා. නාට්‍යයේ බර රඳවාගෙන යන්න හුඟක් වෙලාවට චරිත නිරූපණය කරන නළුවෙක් ඕනෑවෙලා තිබෙනවා.මේ අතරේ ගිහාන් අලුත් වැඩකටයුත්තකට අතගැසුවා කියලත් ආරංචියි ?ඔව්. අලුත් කාරණා කිහිපයකට සම්බන්ධවෙලා තිබෙනවා. ජයලත් මනෝරත්නගෙ බූරුව මහත්තයා කියන අලුත් නාට්‍යයේ පුහුණුවීම් කරනවා. ඒ වගේම ධර්මප්‍රිය ඩයස් මහතාගේ “ජුලියස් සීසර්” නාට්‍යයේ පුහුqණුවීමුත් කරනවා. ඊට අමතරව මම හුඟ කාලයක ඉඳන් යූඑන් එකත් සමග ව්‍යාපෘතියක් කළා පාලම කියලා. නාට්‍යකරණය උගන්වන වැඩමුළු ව්‍යාපෘතියක්. මම දැන් ඒක මගේ සහෝදර ශිල්පී රජීව් ආනන්දත් සමග එකතුවෙලා “රූට්‌ස් තියටර් ඇකඩමි” කියලා ඇකඩමියක් ලංකාවේ පටන්ගත්තා.ගිහානුත් වෘත්තීය නළුවෙක්‌ද?පැහැදිලිවම. මම දැන් වෘත්තීය නළුවෙක්.වෘත්තියක් ලෙස කරන්න වෙනත් අරමුණක් තිබුණේ නැද්ද?මම කලින් කැලණිය සරසවියේ අවුරුදු 12 ක් සැපයුම් නිලධාරියෙක් විදිහට සේවය කළා. දිගින් දිගටම මෙහි වැඩකටයුතු වැඩිවීම නිසා එම තීරණය වෙනස් කළා. ජීවිතයේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් දැන් යොමුකරනවා.ඔබට හිතෙන විදිහට ඔබ මොන වගේ කෙනෙක්‌ද?මම ජීවිතයේ මේ ගත කරන මොහොත විඳිමින් ජීවත්වෙන්න කැමැති කෙනෙක් සහ වෙන කවුරුත් මං ගැන හිතන දේට වඩා මම සතුටට පත්වෙන දෙයක් කරන කෙනෙක්.අද ඉන්න ප්‍රෙක්‍ෂකයන් දෘෂ්‍ය මාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක් කියලද ඔබ හිතන්නේ ?මම හැම වෙලේම කියන දෙයක් තමයි ටීවී එකේ කරන්නේ දෙමළ ඇක්‌ටින්. ඒවා ඉතා හොඳ රංගනයන් නෙමෙයි. අපේ රටේ ටෙලි නාට්‍ය රංගනයට හුරුකරපු විදිහක් තිබෙනවා. ඒ විදිහට තමයි අපේ මීටර් කරකවගෙන තියෙන්නේ. මේ මොහොත වන විට අපේ රටේ ප්‍රේක්‍ෂකයන්ගේ බලාපොරොත්තුවත් ඒක.වේදිකාව හා පුංචි තිරය අතර මාරුවීම ගැනත් කතා කළොත් …මම වේදිකාවෙන් බිහි වූ නළුවෙක්. ඒ කාලෙ අපිට අරමුණක් තිබුණේ නැහැ ජනප්‍රිය ටෙලි විෂන් නළුවෙක් වෙනවද කියලා. ටෙලි විෂන් ගැන ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙත් නැහැ. අපේ අරමුණ වුණේ වේදිකාව සහ සිනමාවට සම්බන්ධ වෙන්න. පසුකාලීනව වේදිකාවේ දක්‍ෂතා දැකල තමයි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ.නවකයො නිසා ප්‍රවීණයන් අඩු මුදලට විකිණෙනවා කියන කතාව ඇත්තද?ලංකාවේ මිල කියන එක ගැන ඉතාම ලැඡ්ජ සහගත තත්ත්වයක් තමයි තියෙන්නෙ. ටෙලි නාට්‍යවලට ආරාධනා කරන කොට කියන ගණන් ඇහුවහම අපිට ලැඡ්ජා හිතෙනවා. ඒක ඇති කරගෙන තිබෙන්නේ අපේ ක්‍ෂේත්‍රය විසින්මයි. මේ නිසා නිර්මාණවල ගුණාත්මක බවත් පහළට බැහැලයි තියෙන්නෙ. මිලක් කියන එක අද නැති වෙන ගානටම වැටිලා තියෙනවා.මේ වගේ තත්ත්වයක් උඩ ඔබට අපහසු නැතිද නවකයො එක්‌ක වැඩකරන්න…එහෙම අපහසුතාවක් ඇතිවෙලා නැහැ. මොකද මේක මගේ වෘත්තිය වුණාට පස්‌සේ මට සිද්ධවෙනවා මාත් සමග වැඩකරන ශිල්පීන් සමග කටයුතු කරන්න.ගිහාන්ගේ පවුලේ විස්‌තර ටිකකුත් කියමු නේද?බිරිඳයි දුවල දෙන්නයි. එක්‌කෙනකුට අවු. 13 යි, අනිත් එක්‌කෙනාට අවු. 14 යි.බිරිඳ රඟපානවාට අකමැතිද?එහෙම විරෝධතාවක් නැහැ. ඒකම ඉතිං පහසුවක් වෙලා තිබෙනවා මේ කටයුතු කරගෙන යන්න.දිනේෂ් විතාන
ඡායා – නදුන් බදුගේ
ඡායා – නදුන් බදුගේ
Post a Comment