අමුතු කතාව
2 arrested for illegally sending 1 billion Rupees abroad
Local govt bodies to be dissolved on Jan 10th Election before 15th March
සිනමා නිළි මාලනී ෆොන්සේකාට ලන්ඩන් නුවරින් උත්තමාචාර
ප්‍රවීන සිනමා නිලි මාලනී ෆොන්සේකා මහත්මිය ලාංකීය සිනමාවට දශක ගණනාවක් පුරා කරන ලද සේවය ඇඟයීමට ලක්කරමින් අතිවිශේෂ සිනමා උත්තමචාර උළෙලක් එංගලන්තයේ කිංග්ස්බරිනුවර සංවිධානය කර ඇත. එහි සංවිධායක මණ්ඩලය විසින් අප වෙත එම උළෙල පිළිබදව දැනුවත් කරමින් වාර්තාවක් යොමු කර ඇති අතර එය සම්පූර්ණයෙන් පහත පළවේ.හෙළ සිනමාවේ නිලි රැජින ලෙස කිරුල පලන් අග්‍රගන්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මිය මේ දිනවල එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණ සිටී. ඒ ඇය විසින් සිනමා ෙකෂ්ත්‍රයට දශක ගණනාවක් පුරා සිිට සිදු කරන ලද අනුපමේය සේවයට පිදෙන සිනමා අතිවිශේෂ උත්මචාර උළෙල වෙනුවෙනි.
වත්මන් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් පිදෙන සිනමා උත්තමාචාර උළෙල අද (31) වැනිදා ලන්ඩන් කිංග්සබරිහිදී පස්වරු 1 ට ආරම්භ වේ. එහිදී ප්‍රවීන චිත්‍රපට අධ්‍යකෂ ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යකෂනය කරන ලද මාලනී ෆොන්සේකා මහත්මිය රංගනයෙන් දායකත්වය දක්වා ඇති සම්මානයටද ප්‍රාප්තවූ අකාස කුසුම් චිත්‍රපටයද පෙන්වනු ලැබේ.මීට දින කිහිපයකට පෙර එම සිනමා උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩනයට පැමිණි මාලනී ෆොන්සේකා මහත්මිය පසුගිය දිනවල ලන්ඩනයේ zශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයටත්, ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුලූ ප්‍රධාන විහාරස්ථාන සියල්ලම වෙත ගොස් එම විහාරස්ථානවල විහාරාධාපතිවරුන් බැහැදැක ආගමික වතාවත්වල නියැලූනාය. ලන්ඩනයට පැමිණි ඇයට එහි වෙසෙන ශ්‍රී ලාංකීක ජනතාවගේ අති විශාල උණුසුම් ප්‍රතිචාර මේ දිනවල ලැඛෙමින් පවතී.මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් ලන්ඩනයේ ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කර ඇති මෙම සිමා උත්තමාචාර උළෙලේදී ඇගේ දශක ගණනාවක සිනමා ගමන් මක සංකේතවත් කෙරෙන වාර්තාමය වැඩසටහනක්ද ඉදිරිපත් කෙරේ. සිනමා උත්තමාචාරය අවසානයේ අද රාත්‍රිය වර්ණවත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සහ ජනතා භක්ති ආදරයට පත් සංගීතවේදී කීර්ති පැස්කුවල් සහ සුපර් ෆෝචූන් වාදක මණ්ඩලය එක්ව සංගීත රාත්‍රියක්ද පවත්වනු ලබයි. කීර්ති පැස්කුවල් ඇතුළු සුපර් ෆෝචූන් වාදක මණ්ඩලයද මේ වෙනුවෙන් මීට දින කිහිපයකට ප්‍රථම ලන්ඩනය වෙත ආහ. එම සංගීත සන්ධ්‍යාවෙන් ලැඛෙන සියලූම ආදායම ශ්‍රී ලංකාවේ බිංගිරිය ප්‍රේදශයේ ඇති උපතින්ම විවිධ ආබාධයන්ට ප්‍රාප්ත වූ දරුවන්ගේ සුබසාධන මධයස්ථානය වෙත යොමුකෙරේ.
ලොව විශාලතම සුබ පැතුම් පත
‘බොනි එම්’ ගායක බොබී ෆැරල් මියයයි
ජැක්ලීන් ෆර්නෑන්ඩස්ගේ පෙම්වතා.
බෑන්කී මූන්ගේ කමිටුවේ ශී‍්‍ර ලංකා චාරිකාව තවමත් අවිනිශ්චිතයි.
ජල ගැල්මෙන් මඩකලපුවේ තුන් ලක්ෂයකට පීඩා.
විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්.
මේ අතර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පක්ෂ නායකත්වයට පත්කරන මෙන් තමා ප‍්‍රකාශ කළ බවට ඇතැම් මාධ්‍යයන්හි පළ කළ වාර්තා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය ප‍්‍රතික්ෂේප කරනවා. සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයා ඇතුළු පිරිසක් සමග පසුගිය 29 වැනිදා සාකච්ජාවක් පැවැත්වූ බවත් එහි සාකච්ජා වූ කරුණු පමණක් විපක්ෂ නායකවරයාට ඊයේ (30)දිනයේ තමා සැලකර සිටි බවත් කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා කියා සිටියා. කිසිවිටෙකත් පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මන්තී‍්‍රවරයාට ලබාදෙන ලෙස තමා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලීමක් නොකළ බව කරූ ජයසූරිය මන්තී‍්‍රවරයා හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ජල ගැලීම්වලට ලක්වන ප්රදේශ සිතියම්ගත කිරිමට පියවර
ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීමට බිය වියයුතු නැහැ
අසභ්‍ය වෙබ් අඩවි 60,000 ක් තහනම්
මේ වසරේදී චීනය විසින් අසභ්‍ය වෙබ් අඩවි 60,000 ක් පමණ අවහිර කර තිබෙන බවත් මේ සම්බන්ධ අපරාධ 2,200 ක් පිළිබඳව එරට පොලීසිය විසින් මේ වනවිට පරීක්ෂණ පවත්වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව, අසභ්‍ය වෙබ් අඩවිවල තිබූ මිලියන 350 ක් පමණ වූ අසභ්‍ය ඡායාරූප, වීඩියෝ පට ඇතුළු අන්තර් ගතයන් චීනය විසින් මේ වසරේදී විනාශ කර දැමූ බව සඳහන්ය.
චීනය විසින් අසභ්‍ය වෙබ් අඩවි වලට එරෙහි මෙහෙයුම ගිය වසරේදී ආරම්භ කළ බවත් මේ යටතේ 4,965 දෙනෙකු චීන නීතිය උල්ලංඝනය කර තිබෙන බවත් වාර්තාවේ.
මේ අනුව, මෙම අසභ්‍ය වෙබ් අඩවි වලට සම්බන්ධ වූ පුද්ගලයින් 58 දෙනෙකුට චීනය විසින් මේ වනවිට අවුරුදු පහකට වඩා සිර දඬුවම් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියයි.
චීනයේ පුද්ගලයින් මිලියන 450 කට වැඩි පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන අතර එය ගිය වසරට වඩා සියයට 20 ක වැඩිවීමකි.
මේ වනවිට, ලංකාවද අසභ්‍ය වෙබ් අඩවි වලට වැට බැඳීම ආරම්භ කර තිබෙන අතර මෙවැනි අසභ්‍ය වෙබ් අඩවි රැසක් මේ වනවිට ලංකාව තුළ අවහිර කර තිබේ.
2011 නව වසර ඔබට කොහොමද?
මේෂ – ධනය ලැබෙන මාර්ග පෑදේ
මේෂ ලග්නයේ තුන්වැන්නේ කේතු හය වැන්නේ ශනි හත්වැන්නේ සිකුරු අටවැන්නේ සඳු බුධ නව වැන්නේ රවි කුජ රාහු එකොළොස්‌වැන්නේ නැප්චූන් දොළොස්‌වැන්නේ ගුරු යුරේනස් ගමන් ගන්නා මේ වසර ඔබට ඉතා යහපත් එකක් වේවි.අතපසුවෙමින් පැවැති කටයුතුවලට මුල්තැනදීමෙන් ධනය ලැබෙන මාර්ග පෑදේ. අහිමි අයිති හිමිවෙයි. පවුලේ වැඩට අතගැසීමට කදිමය. ජනවාරි මුල සිට රැකියාවේ තත්ත්වය උසස් විය හැකිය. විදේශ රැකියා සඳහා යන්න පහසු අවස්‌ථා මැයිවලට පසු උදාවේ. ශාස්‌ත්‍රීය අංශයට යොමුවූ අයට පොත්පත් මුද්‍රණයට සම්බන්ධ අයට වේගවත් දියුණුවක් ඇතිවේ. ස්‌වයං රැකියාවල නිරත අයට නොසිතූ අයගේ උපකාර හිමිවේවි. කුජ දශා අතුරු දශානම් ජනවාරි 8 සිට ඉදිරි ගමනේ පැහැදිලි වෙනසක් ඇතිවෙයි. පමාවූ උසස්‌වීම් ලැබෙන ලකුණු පහළ වෙයි.සඳු දශා සමග ජන්ම ඒරාෂ්ඨක ඇති අයට තත්ත්වය පහත වැටීමට අවකාශ ඇත. ගැලවීමට අපහසු චෝදනා ඇතිවේ. දේපළ සම්බන්ධ නඩු හබ පැටලිය හැකිය. අත නොගැසිය යුතු දෙයටත් අත ගසා ප්‍රශ්න ඇති කර ගනී.සිකුරු දශානම් පමාවූ විවාහය ඉක්‌මන් විය හැකිය. ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමේ ශක්‌තිය ඇතිවේ. අධ්‍යාපන කටයුතුවල වෙනසක් ප්‍රගතියක් පවතී. පොදු කටයුතු වලට වෙනදා නැති උනන්දුවක් පවතී.ශනි දශා නම් නිදන්ගත රෝගවලින් පෙළෙන අයට සුවයක් පෙන්නුම් කරයි. උපතේ සඳු 11 වැන්නේ නම් හන්දි අමාරු ඇති කරයි. සුළු අසනීප දුරදිග යන තත්ත්ව ඇතිවේ.ශුභ දිනය ඉරිදා. ජය අංකය 1-9ශුභ වර්ණය රතු ශුභ මැණික්- රතු
වෘෂභ – ව්‍යාපාරවලින් ලාභවෘෂභ ලග්නයෙන් දෙවැන්නේ කේතු පස්‌වැන්නේ ශනි හයවැන්නේ සිකුරු හත්වැන්නේ සඳු බුධ අටවැන්නේ රවි – කුජ -රාහු දසවැන්නේ නැප්චූන් එකොලොස්‌වැන්නේ ගුරු යුරේනස් ගමන් ගන්නා මේ වර්ෂය සමපල දායක එකකි.කරන කරවන දේවල් නිසි පරිදි කරගෙන යැමට පහසුකම් ඇතිවේ. වසා දමන තත්ත්වයට පත් ව්‍යාපාර වලින් ලාභ අත්වේවි. විදේශ සම්බන්ධ ව්‍යාපාර වලට අතගැසීමට කදිමය. ඥතීන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර කර්මාන්ත ඔබට හිමිවිය හැක. ඒජන්සි කටයුතු බ්‍රොaකර් කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබිය හැකිය. වැඩ තහනමට ලක්‌ව සිටින අයට වසර මැද සිට යළි රැකියා අවස්‌ථා උසස්‌වීම් සමග හිමිවේ. අතර මග ඇන හිටි ඉදිකිරීම් කටයුතු වලට යළි අත ගසයි. නිෂ්ඵල වැඩ රැසක් අත්හැර දමයි. අධ්‍යාපන කටයුතුවලට විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. ඉගෙනීමේ කටයුතු වලට වරින් වර බාධා පැමිණෙයි.සඳු දශා ගත කරන අයට විවාහය ඉක්‌මන් වන කරුණු යෙදිය හැක. වසර මැද විවාහ කටයුතුවලට දින යොදා ගනී. ගුරු දශාවේ නම් තැන්පත් ධනය තරවන කරුණු යෙදේවි. සිත් අමනාප අය යළි ඇසුරට පත්වෙයි. විස¹ ගැනීමට අපහසු ප්‍රශ්න විසඳේවි.වාහන ඉඩම් විකිණීමට බාධා ඇතිවෙයි. මහජන සහය අපේක්‍ෂා කරන අයට අසීරු ඇතිවේ. රැකියා අංශ ප්‍රධානීන්ගේ අප්‍රසාදය වසර මැද දක්‌වා බලපායි.රාහු දශානම් උදරයේ සැත්කම්වලට මග පාදයි. නිතර රෝහල් ගතවීමට වෛද්‍යවරු හමුවීමට සිදුවන අවස්‌ථා යෙදේවි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.ශුභ දිනය සිකුරාදා ජය අංකය 6ශුභ වර්ණය – සඳු ශුභ මැණික් දියමන්ති
මිථුන – ලොතරැයි වාසනාවලට මග පෑදෙයිමිථුන ලග්නයේ කේතු සිව්වැන්නේ ශනි පස්‌වැන්නේ සිකුරු හයවැන්නේ සඳු බුධ හත්වැන්නේ රවි කුජ රාහු නවවැන්නේ නැප්චූන් දසවැන්නේ ගුරු යුරේනස් ගමන් ගන්නා මේ වසර ඔබට බෙහෙවින් ශුභ ඵලදායකය.ආදායමට වඩා වියදම් අධික වුවත් අත ගසන කටයුතු පහසුවෙන් සඵල වන වසරකි. මුදල් වැයවන ප්‍රශ්න නිතර පැන නගී. ලොතරැයි වාසනා වලට මගපාදයි. හිඟ මුදල් ණය මුදල් අපේක්‍ෂා සපල වේවි. දරුවන්ගේ දියුණුව දැක සතුටු විය හැක. ගෙවා ගත නොහැකිව සිටි ණය මුදල් ගෙවා දමා සතුටක් ලැබිය හැක. මැණික් ගරන අයට හොඳක් බලාපොරොත්තු විය හැකිය. සංචාරක කටයුතුවලට සම්බන්ධ නම් අත මිට සරු වෙයි.මැයි 4 ට පසු රැකියාවේ වෙනස්‌කම් ඇතිවේ. විදේශ රැකියා සඳහා ඇල්මක් දක්‌වයි. රජයේ රැකියාවලට බලවත් අයගේ මග පෙන්වීමෙන්a අවස්‌ථා උදාවේ. සමාජ පිළිගැනීමට ලක්‌වෙයි. උසස් තනතුරු හෝ ගරු තනතුරු හිමිවෙයි. නිවසක් ඉඩමක් තෑගි වශයෙන් ලැබීමට පිළිවන. අහිමිව ගිය දෙයක් මුදලක් වැය කර හෝ ලබා ගන්නට මග පෑදිය හැකිය. වාහන වාසනාව ඇති වසරකි. නීතිය හදාරන අයට හොඳ කාලයකි.රාහු දශා නම් යුග දිවියේ ප්‍රශ්න මතුවිය හැකිය. දික්‌කසාද ප්‍රශ්න මතුවිය හැකිය. පෙම් සබඳතා වලට වැඩිහිටි විරෝධ බලපායි. යසට හිටි අය නිකරුනේ විරසක වේවි. කුජ දශා නම් වසරේ මුල් මාස කිහිපය හවුලේ වැඩ අත නොගසනු. අවුල් ඇතිවිය හැක. දුර ගමන්වලට රාත්‍රි ගමන්වලට හොඳ කාලයක් නොවේ. සඳු දශා අතුරු දශානම් සුරතල් සතුන්ගෙන් පීඩා ඇතිවේ. සැත්කම්වලට හදිසි කරුණු යෙදෙයි. පපුවේ සෙම් අසනීප උග්‍ර විය හැක.ශුභ දිනය බදාදා ජය අංකය 5ශුභ වර්ණය කොළ ශුභ මැණික් පච්ච
කටක – මතු දියුණුවට නව වැඩපිළිවෙළක්.කටක ලග්නයෙන් තුන්වැන්නේ ශනි සිව් වැන්නේ සිකුරු පස්‌වැන්නේ සඳු බුධ හයවැන්නේ රවි කුජ රාහු අටවැන්නේ නැප්චූන් නව වැන්නේ ගුරු යුරේනස් දොළොස් වැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ශුභ ඵලදායි එකකි.පැතුම් ඉටුවීමෙන් සිතට සවියක් සතුටක් ඇතිවේ. වසරේ මුල් මාස හතර ඉතා යහපත්ය. අතගසන කටයුතු පහසුවෙන් සපල වේ. නව ආදායම් මාර්ග පෑදෙයි. පරම්පරාගත දෙයක් නීති මගින් හෝ හිමිකර ගනීවි. ණය ලැබෙන්නත් ගෙවා දමන්නත් හැකිවීම නිසා සැනසිල්ලට කරුණු යෙදේවි. තරගකාරී කටයුතු වලින් ජය අත්වේවි. කලක් තිස්‌සේ සැලසුම් කළ ව්‍යාපාරය ඇරඹීමට හැකිවීම විශේෂ කරුණකි.වසර මැද විශාල ධනලාභ ලොතරැයි වාසනා ගෙන දෙයි. මතු දියුණුවට නව වැඩපිළිවෙළක් ඇතිවේ. පවුලේ පොදු දියුණුවට ගත් උත්සාහයක් පලදරයි. අන්සතු ධනය හිමිවන වාසනාව විශේෂව බලපායි.කේතු දශා අතුරු දශා නම් රැකියාවට යම් යම් අයගේ බලපෑම් ඇතිවේ. රැකියා පහත වැටීමක් පෙන්වයි. නිදහසේ කටයුතු කිරීමට බාධා පවතී. ගුරු දශා අතුරු දශානම් අධ්‍යාපන කටයුතුවල යහපත් තත්ත්වයක් පෙන්වයි. විදෙAශ අධ්‍යාපනයට මග පාදයි. නවීන තාක්‌ෂණය අදාළ කටයුතුවලට සම්බන්ධව පුහුණු කටයුතු වලට සම්බන්ධ විය හැක. සඳු බුධ දශානම් පෙරට යනවාට වඩා පසු පසට යන වේගය වැඩිවේ. අන් අයගේ බලපෑම් පවතී.සිකුරු දශානම් ඉඩමක් නිවසක් මිලදී ගන්නට පහසු අවස්‌ථා උදාවේ. වාහන වාසනාව වසර පුරා පවතී. ඇස් වහ කටවහ දොස් බලපායි. සෙම් රෝග නිසා හුස්‌ම ගැනීමේ අසීරු පවතී. ශරීර සනීපය ගැන හිතන්න වේවි.ශුභ දිනය – සඳුදා ජය අංකය 2ශුභ වර්ණය සුදු ශුභ මැණික් මුතු
සිංහ – රැකියාවේ වෙනස්‌කම් ඇති වෙයි.සිංහ ලග්නයෙන් දෙවැන්නේ ශනි තුන් වැන්නේ සිකුරු සිව් වැන්නේ සඳු බුධ පස්‌වැන්නේ රවි රාහු කුජ හත්වැන්නේ නැප්චූන් අටවැන්නේ ගුරු යුරේනස් එකොළොස්‌වැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ඔබට අශුභ ඵල බහුල විය හැක. දේපළ ගැටලු පැන නගී. වෙළෙඳ ව්‍යාපාරවල සේවක ප්‍රශ්න ඇතිවේ. රැකියාවේ වෙනස්‌කම් ඇති විය හැක. ලැබුණ වාසනාව නපුරට අයහපතකට බලපෑ හැක. තමා විසින් සතුරන් ඇතිකර ගෙන කරදර විඳී. උපතේ ශනි බලවත් නම් අමතර ආදායම් මගක් පෑදෙයි. හදිසි ධන ලාභ ඇතිවේ. ලොතරැයි වාසනා උරගා බැලීමට කදිමයි. ජුනි සිට විදේශ රැකියාවලට විදේශ ගමන්වලට මග පාදයි.නොසිතූ අයගේ ආධාර උපකාර හිමිවේවි.ලේඛන කලාවට සම්බන්ධ අයට නොසිතූ ප්‍රගතියක් ඇතිවෙයි. ළඟම ඥතීන්ගෙන් උපකාර හිමිවේවි.උපතේ සඳු ලග්නයේ නම් වසර අවසන් වනතුරු හිතට වද දෙන ප්‍රශ්න ඇතිවේ. තම ගෞරවය තමන් විසින් වනසා ගනී. හිතු මතයට කටයුතු නිසා අමතක නොවන පාඩම් උගනීවි.සිකුරු දශා අතුරු දශානම් අහිමිව ගිය දෙයක් යළි ලබාගන්නට සමත් වෙයි. පොදු කටයුතු වලට විශේෂ උනන්දුවක් දක්‌වයි. අලංකාරයට විනෝදයට වැඩිපුර යොමුවන බවක් පෙනේ. අලුත් යමක් අත ගසා උසස් ප්‍රතිඵල අත්කර ගනීවි.රාහු දශානම් අධ්‍යාපන කටයුතු අඩාලවීමට ඉඩ ඇති අතර නුසුදුසු අය ඇසුරට යැමෙන් නීති ප්‍රශ්න වලටත් පැටලෙයි. උපතේ රාහු 10-11 රාශිවල නම් ඉදිරි ගමන සපලවන පෙර නිමිති පහළ වේවි. නොසිතූ පරිදි ජනප්‍රිය වෙයි. අන් අය අතර හොඳ පිළිගැනීමක් ඇතිවේ. උසස් අධ්‍යාපනයට මග පෑදේ.ශනි ගුරු දශානම් යටපත් රෝග යළි මතුවෙයි. හිටි හැටියේ අත්පාවල ස්‌නායු දුර්වලතා ඇති කරයි. කොඳු ඇට ආශ්‍රිත රෝග බඩ වැල ආශ්‍රිත රෝග සැත්කම් දක්‌වා දුරදිග යයි. ශරීර සනීපය ගැන සැලකිලිමත් වන්න.ශුභ දිනය ඉරිදා ජය අංකය 01ශුභ වර්ණය තැඹිලිපාට ශුභ මැණික් පද්ම රාග
කන්‍යා – නඩුහබවලදී ජයකන්යා ලග්නයෙන් ශනි දෙවැන්නේ සිකුරු තුන්වැන්නේ සඳු බුධ සිව්වැන්නේ රවි කුජ රාහු හය වැන්නේ නැප්චූන් හත්වැන්නේ ගුරු යුරේනස් දසවැන්නේ කේතු ගමන් ගන්නා මේ වසර ඔබට අශුභපල බහුල එකක් වනවා ඇත.අලුත් ව්‍යාපාර ඇරඹීමට යහපත් කාලයක් නොවේ. කරගෙන ආ කටයුතු අවුලක් බවට පත්විය හැක. යම් යම් අයගේ ඇඟිලි ගැසීම් නිසා ඉදිරි ගමනට බාධා ඇතිවේ. එකට සිටින අයම සතුරු ලෙස කටයුතු කළ හැකිය. අතුරු ආදායම් වලට නොසිතූ බාධක ඇතිවේ. වටිනා දේ සින්න වීමට ඉඩ ඇති කාලයකි. දුර දිග බලා කටයුතු කිරීමට අපහසු වේ. හිස අවුල්වන ප්‍රශ්න වලින් අඩුවක් නොමැත.ශනි දශා නම් අධ්‍යාපන කටයුතු අවුල් විය හැක. අරමුණ වෙනස්‌වී නොසිතූ අධ්‍යාපන යොමුවීමටත් සිදුවේ. පුහුණු කටයුතුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. ඉගෙනීමේ කටයුතුවලට වඩා ආදායම් උපයන මාර්ග වලට විශේෂ ඇල්මක් උනන්දුවක් ඇතිවේ. ඉක්‌මන් තීරණ වලට බසී. හොඳ නරක කියාදෙන අයත් වස විස මෙන් පෙනෙයි. පෙම් සබඳතා අවුල්වී මානසික ප්‍රශ්න ඇතිවෙයි.සිකුරු දශානම් නිසැකව අන්සතු හිමිවේ. මව් පිය දේපළ ව්‍යාපාර ඔබට හිමිවෙයි. ලොතරැයි වාසනා නිසා අතමිට සරුවිය හැක. ගේදොර මිලට ගැනීමට අවස්‌ථා උදාවේ. අතරමැදි වැඩවලින් හොඳ පල ප්‍රයෝජන අත්වෙයි. නඩුහබ වලදී ජය අත්වේවි. දුරදිග යන ප්‍රශ්න විස¹ ගැනීමට සමත් වේ.උපතේ සඳු ලග්නයේ නම් සෙම් අසනීප නිසා අසීරුවට පත්වෙයි. සෙම්ප්‍රතිශ්‍යාවලට පසු නිව්මෝනියා රෝගවලට ගොදුරුවිය හැක. සැත්කම් වලට ඉඩකඩ පවතී.ගුරු දශා අතුරු දශානම් පමාවූ විවාහය ඉක්‌මන් වෙයි. දරුඵල අපේක්‍ෂා සපලවේ. පෙම් සබඳතා ඉක්‌මන් විවාහයට මග පාදයි. විදේශ ගමනකට විවාහය මග පාදන්නටත් ඉඩකඩ තිබේ.ශුභ දිනය බදාදා ජය අංකය 5ශුභ වර්ණය කොල ශුභ මැණික් පච්ච
තුලා – අඹු සැමි ප්‍රශ්න විසදේතුලා ලග්නයේ සිකුරු දෙවැන්නේ සඳු බුඳ තුන්වැන්නේ රවි කුජ රාහු පස්‌වැන්නේ නැප්චූන් හය වැන්නේ ගුරු යුරේනස් නව වැන්නේ කේතු දොළොස්‌වැන්නේ ශනි ගමන් ගන්නා මේ වසර ඔබට සමපලදායක එකක් වනවා ඇත. සම්මුඛ පරීක්‍ෂණවලදී ජය අත්වෙයි. තරගකාරී කටයුතුවලින් ජය අත්වේ. අලුත් ව්‍යාපාර අරඹන අදහස් ඇති අයට ඒ සඳහා නොසිතූ පහසුකම් ඇති වේ. මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ අයට නොසිතූ වාසි අත්වෙයි. කලාවට සංගීතයට සම්බන්ධනම් හෙට හොඳ දවසක් බවට පත්වෙයි. අඹු – සැමි ප්‍රශ්න විසඳී සතුටක් ඇතිවේවි. මව්පස දේපළ හිsමිවන වාසනාව පෑදේ.සඳු දශා නම් ආදායම් මාර්ග අඩාල වෙයි. අන් අයගේ ප්‍රශ්නවලට තමන්ගේ කාලය නිකරුණේ වැය වෙයි. පැහැදිලි අරමුණක් නොමැති වැඩට පෙළැඹේ. ස්‌ත්‍රීන් හෝ පුරුෂයන් මුල්ව අපවාද චෝදනා එල්ලවෙයි. අද වැඩකටයුතු හෙටට කල් දමන තත්ත්වයන් නිතර ඇති වේ. සැලසුම් සහගත වැඩ අවුල් වේවි.ගුරු දශාව නම් වැඩක් ඇරඹීමට ඇති උනන්දුව එක දිගට පවත්වාගෙන යැමට අපහසු වේවි. අඹුසැමි ප්‍රශ්න දික්‌කසාද උසාවි දක්‌වා දුරදිග යයි. නඩු හබවල පැටලුන අයට හැම අතින්ම අසීරු තත්ත්ව ඇති වේ. ගුරු උපතේ දසවැන්නේ නම් මේ සියලු අසීරු නොපිට හැරේවි. සමාජ පිළිගැනීමක් ඇතිවේ. මැතිවරණවලදී ජයක් අත්වේ. ශනි දශා නම් හිරේ විලංගුවේ වැටෙන තත්ත්වයට පත්වේ. ගොඩනගා ගත් ප්‍රතිරූපය විනාශ වන කරුණු යෙදෙයි. දුරදිග නොබලා ගන්නා තීරණ නිසා නොසිතූ ප්‍රශ්න ඇතිවෙයි. ප්‍රවේශම් කරගත් දෙයක් අන්සතු වේවි. ඇපයට තැබූ දේපළ රාජ සන්තක විය හැක.පපුවේ සෙම් රෝග බෝවන රෝග උණ අසනීප නිතර මතුවිය හැකිය. හෘද සැත්කම්වලට ලක්‌වූ අයට නොසිතූ අසීරු ඇතිවේ. සම පිට රෝග හන්දි අමාරු විශේෂව බලපායි. ශනි බලවත් අයට නරකත් හොඳට හිටින කාලයකි.ශුභ දිනය සිකුරාදා ජය අංකය 6ශුභ වර්ණය – විවිධ වර්ණ ශුභ මැණික් දියමන්ති
වෘශ්චික – ඉගෙනීම් කටයුතුවලට උනන්දු වෙයි.වෘශ්චික ලග්නයේ සඳු බුධ දෙවැන්නේ රවි කුජ රාහු සිව්වැන්නේ නැප්චූන් පස්‌වැන්නේ ගුරු යුරේනස් අට වැන්නේ කේතු 11 වැන්නේ ශනි දොළොස්‌වැන්නේ සිකුරු ගමන් ගන්නා මේ වසර ඔබට යහපත් වසරක් වෙනවා ඇත.ඉගෙනීමේ කටයුතුවලට වෙනදා නැති විශේෂ උනන්දුවක් ඇතිවෙයි. විදේශ අධ්‍යාපනයකට පැවැති බාධකයක් මග හැරෙයි. ඒ සඳහා නොසිතූ අයගේ සහය ලැබේවි. තරග විභාගවලින් පහසු ජයක් අත්වේවි. ලොකු පුටුවකට යන්නට ඇඟිලි ගනිමින් හිටි අයට 2011 වසර වාසනාව පාදයි. විදේශ රැකියා වාසනා පෑදේවි. භූමියෙන් වස්‌තු ලැබෙන වසරකි. මැණික් ගැරුවොත් ගජවාසි.පෙම් සබඳතා ඇති අයට මංගල කටයුතු ඉක්‌මන් කිරීමට සිදුවේවි. විවාහය සමග විදේශ ගත වන අවස්‌ථා උදාවේ. වයස 35, 40 තෙක් පසුවෙමින් සිටි අයට 2011 මංගල වසරක් වේවි. උගත් දෙයින් ඵල ලැබිය හැකිය. නිදන් ගත රෝග පවා සුව අතට පත්වන තේරුම් ගත නොහැකි බලයක් ඇති වේ. ප්‍රේත දෝෂ ගැන සිතමින් දුක්‌වූ අයට ඒවා අමතක වේවි. ලොතරැයි වාසනාවලට මගපෑදෙයි. අන්සතු ධනය හෝ හිඟ මුදල් ණය මුදල් ලැබෙන කාලයකි. අලුත් ව්‍යාපාර ඇරඹීමට අවස්‌ථා යෙදිය හැක.කේතු දශා අතුරු දශා නම් බොහෝ ප්‍රවේශම් වියයුතුය. සැත්කම්වලට මග පාදාවි. උදරාබාධ විශේෂ කාලයකි. සඳු දශා නම් හිතේ සතුට අඩු විය හැක. වෙන්න යන්න දේවල් ඔන්න මෙන්න කියා තිබියදී අසාර්ථක වෙයි. හොඳ නමට කැළැල් ඇති විය හැක. ඇඟ බේරාගෙන කටයුතු කිරීමට සිදුවේ. රහස් නම් කටින් පිටට නොදැමිය යුතු වසරකි.ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 4ශුභ වර්ණය – රතු ශුභ මැණික්, රතු මැණික්.
ධනු – අධ්‍යාපනයෙන් ජයධනු ලග්නයේ රවි කුජ රාහු තුන්වැන්නේ නැප්චූන් සිව්වැන්නේ ගුරු යුරේනස් හත්වැන්නේ කේතු දසවැන්නේ ශනි 11 වැන්නේ සිකුරු දොළොස්‌වැන්නේ සඳු බුද ගමන් ගන්නා මේ වසර ඔබට ඉතා යහපත් එකක් වනවා නිසැකය.අධ්‍යාපන කටයුතුවලින් බලාපොරොත්තු ප්‍රතිඵල ලබා සතුටු විය හැක. විදේශ අධ්‍යාපනයට පුල පුලා සිටි අයට කැඳවීම් ලැබේ. ක්‍රීඩා අංශයෙන් කලා අංශයෙන් ප්‍රගතියක් දැකිය හැකිය. රැකියාව් වෙනස්‌කම් හෝ ඇද වැටීම් හොඳට සිටින වසරකි. දේශපාලනයට සම්බන්ධව නොසිතූ තත්ත්වයක් හිමිවෙයි. තානාපති සේවාවලට යන්න අවස්‌ථා උදාවෙයි. නොසිතන අය උපකාර කරාවි. අන් අය අතර හොඳ පිළිගැනීමක් ඇතිවේවි. මංගල යෝජනා ගැන අවසන් නිගමනවලට එන්නට හැකිවේ. දරුඵල නොමැතිව ලතවන අයට සිතට සතුටක් දෙන වසරකි. විනෝද ගමන් බහුල වශයෙන් යෙදෙයි. අධ්‍යාපන චාරිකාවලට මග පෑදේ. ඔබට වදයක් වූ අයගෙන් ඈත් වීමට අවස්‌ථා උදාවේවි. නිවසක්, ඉඩමක් මිලට ගැනීමට පහසු අවස්‌ථා උදාවේ. උකසට තැබූ ඉඩම් බේරා ගැනීමට හිතවත් අයගේ සහය ලැබේවි. නිවසේ කොටස් ඉවත් කිරීම් හෝ එක් කිරීම්වලට වග බලා ගනී.ගුප්ත දේවල් පසුපස යන ගතිය වැඩිවේ. කේතු දශා නම් විවාහ පමාවට ශාන්තිකර්ම අවශ්‍ය වේවි. පොදු වැඩවලදී නරක නමක් අසන්න සිදුවේ. සඳු දහයේ නම් තනතුරු හෝ තත්ත්වය පහත වැටීමට කරුණක් යෙදේවි.
මකර – මුදල් මාර්ග පෑදේශුභ දිනය බදාදා. ජය අංකය 3ශුභ වර්ණය – කහ, ශුභ මැණික් – පුෂ්පරාග.මකර ලග්නයෙන් දෙවැන්නේ නැප්චූන් තුන් වැන්නේ ගුරු යුරේනස් හය වැන්නේ කේතු නව වැන්නේ ශනි දස වැන්නේ සිකුරු, එකොළොස් වැන්නේ සඳු බුධ, දොළොස්‌වැන්නේ රවි කුජ රාහු ගමන් ගන්නා මේ වසර ඔබට යහපත් වේවි.කලකට පසු සිතේ සැනසිල්ල ඇතිවෙන වසරකි. වැඩ නිම නොවූ නිවසේ කටයුතු නිමාවට හිතවත් අයගේ ආධාර උපකාර ලැබේවි. ඉඩමක් නිවසක් මිලට ගැනීමට පහසුකම් ඇතිවේ. බලාපොරොත්තු නොවූ මුදල් එන මාර්ග පෑදේ. පෙම් සබඳතාවලට මග පෑදෙයි. අතපසුවූ විවාහ කටයුතු සඵල වන පසු බිමක් ඇතිවේ. ප්‍රීති උත්සව ඇතිවෙයි. විදේශ සංචාර හෝ දේශීය සංචාර සඳහා අවස්‌ථා උදාවේවි.විදේශ රැකියා බලාපොරොත්තු ඇති අයට හා රජයේ රැකියා අපේක්‍ෂා කළ අයට නොසිතූ සහනදායී කාලයක් වේවි. රැකියාවට උසස්‌වීම් හිමිවෙයි. පමා වූ උසස්‌වීම් මැයිවලට පළමු ලැබෙන පෙර නිමිති පහළ වේ.ඉගෙනීමේ කටයුතුවලට සම්බන්ධ අයට බාධක මග හැරෙයි. තරග විභාගවලදී උසස් ප්‍රතිපල හිමිවෙයි. දෙවන භාෂාවක් හැදැරීමට අවස්‌ථාව යෙදෙයි. පුහුණු කටයුතුවලට යන්න සිදුවේ. ශරීර සනීපයට පැවැති බාධා මගහැරෙයි. රාහු දශා නම් සමේ රෝග බලපායි. ලේ විෂ විය හැක. හුස්‌ම ගැනීමේ අසීරු බලපායි. නීති ප්‍රශ්නවල පැටලෙයි. රවි දශා නම් කෙස් යන ප්‍රශ්නයක් වසර පුරා පවතී. ඇස් රෝග මතුවේ.ශුභ දිනය සිකුරාදා ජය අංකය 7
කුම්භ – තරග විභාගවලදී නොසිතූ ජය.ශුභ වර්ණය -නිල් වර්ණ ශුභ මැණික් – නිල් මැණික් කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ ගුරු – යුරේනස් පස්‌වැන්නේ කේතු අට වැන්නේ ශනි නව වැන්නේ සිකුරු දස වැන්නේ සඳු බුධ එකොළොස් වැන්නේ රවි- කුජ රාහු ගමන් ගන්නා මේ වසර ඔබට මිශ්‍රඵල දායකය. අමතර පාඨමාලා ගැන උනන්දු වන අයට යහපත් වසරකි. අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වඩා උනන්දුවක් පවතී. තරග විභාගවලදී නොසිතූ ජයක් හිමිවෙයි. විදේශ පුහුණුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. ශිෂ්‍යත්ව හිමි විය හැකිය. ඉන්ජිනේරු අංශවලට සම්බන්ධ කටයුතුවලට ඉතා හොඳය.වසරේ මුල මාස පහ හදිසි ධන ලාභ ලොතරැයි වාසනා අත වනයි. නිධන් වස්‌තු හිමිවිය හැකි කාලයකි. මැණික් ගරන අයට යහපත් ප්‍රතිඵල අත්වේවි. රැකියාවේ වෙනසක් දියුණුවක් දැකිය හැකිය. තනතුරු ඉහළට යන්න වලිකෑ අය පරදා ඔබ පහසුවෙන් තනතුරු හිමි කර ගනීවි. බලවත් අයගේ උපකාර නිසා අසීරුතා මග හැර ගනීවි.ගේදොර අලුත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතී. පදිංචියේ වෙනසක් පෙන්වයි. පරම්පරාගත දෙයක් ඉදිරිට හොඳ ආදායම් මගක් වේවි. නඩුහබවල පැටලුන අයට නොසිතූ ජයග්‍රහණ අත්වේ. නොසිතූ පරිදි ලෙඩ දුක් සුව විය හැකිය.උපතේ සඳු අටේ හෝ ලග්නයේ නම් මේ යහපත් ප්‍රතිඵල නොපිsට හැරෙන බවක් කිව හැක. ශනි දශා නම් උදරයේ සැත්කම්වලට මග පාදයි. සඳු දශා නම් හන්දි ආශ්‍රිත අසනීප වදයක් විය හැක. අසම්මත වැඩට පෙළැඹී හොඳ නමත් කෙළෙසා ගනී. ගමන් බිමන්වලදී අනතුරු උපතේ ගුරු නීච නම් අස්‌ථාන නම් ඇපයට හෝ උකසට තැබූ දේවල් ගැන ආශාව අඩු කර ගැනීමට සිදුවේ. අඹුසැමි ප්‍රශ්න මතුවෙයි.ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 2ශුභ වර්ණය – නිල් වර්ණ ශුභ මැණික් නිල (කාක)
මීන – බැංකු ණය අපේක්‍ෂා සඵල වේමීන ලග්නයේ ගුරු යුරේනස් සිව්වැන්නේ කේතු හත්වැන්නේ ශනි අට වැන්නේ සිකුරු නව වැන්නේ සඳු බුධ දස වැන්නේ රවි කුජ රාහු දොළොස් වැන්නේ නැප්චූන් ගමන් ගන්නා මේ සතිය ඔබට සමඵල දායක එකක් වනවා ඇත.අධ්‍යාපන කටයුතුවල වෙනසක් දියුණුවක් ඇතිවේ. තරග විභාගවලින් සමත්වෙයි. විදේශ පුහුණුවලට නොසිතූ අවස්‌ථා උදාවේ. අතරමග නතර කළ අධ්‍යාපන කටයුතු කරගෙන යැමට හැකිවීම විශේෂයි. දැනුම දියුණු කර ගැනීමට විශේෂ අවස්‌ථා යෙදේ.රැකියාවේ උසස්‌වීම් නිසා අසීරුතා ඇතිවෙයි. පවුලේ අයත් සීසීකඩ විය හැක. නව රැකියා බලාපොරොත්තු ඇති අයට මැයිවලට පසු අරමුණු සඵල වෙයි. විදේශ රැකියා සඳහා නොසිතූ මගක් හිතවත් අය නිසා පෑදෙයි. ස්‌වයංරැකියාවලින් උසස් ප්‍රතිඵල අත්වේ. ව්‍යාපාර අංශවලට යොමුවූ අයට විශේෂ ලාභ ප්‍රයෝජන හිමිවෙයි.බැංකු ණය අපේක්‍ෂා සඵල වේවි. හිඟ මුදලක් හෝ ණය මුදලක් ගන්නට ගත් උත්සාහය සඵල වෙයි. මැයි මස මැද සිට ලොතරැයි වාසනාවලටත් බොහෝ දුරට ඉඩ ඇත. මැණික් ගරන අයට නොසිතූ වාසනා මතුවේ. බ්‍රොaකර් වැඩවලින් දියුණුවක් දැකිය හැක.මංගල කටයුතු පහසුවෙන් සඵල වෙයි. පෙම් සබඳතා හදිසි විවාහ තීරණවලට මග පාදයි. සැලසුම් සහගත වැඩ සාර්ථක වේවි. පොතපතට සම්බන්ධ අයට හොඳ පිළිsගැනීමක් ඇති වේ. වාහන මිලදී ගැනීමට අවස්‌ථාව උදාවෙයි.ඉඩමක් නිවසක් මිලට ගැනීමට මග පෑදෙන වසරකි. ලෙඩ රෝග සුව අතට හැරෙයි. ශනි දශා නම් අඹු සැමි ප්‍රශ්න පැනනඟී. කේතු දශා නම් ඉඩම් නඩු පැටලෙයි. නිකරුනේ ගමන් බිමන් යෙදෙයි.ශුභ දිනය බ්‍රහස්‌පතින්දා ජය අංකය 3ශුභ වර්ණය – කහ වර්ණශුභ මැණික් – පුෂ්පරාගසැමට ශුභ නව වසරක් වේවාෘප්රවීන ජ්‍යෙdතිෂ ලේඛකනාත්තන්ඩිය ජී. ඩී. පෙරේරා 2011 නව වසර ඔබට කොහොමද?
ග්‍රේෂන් පුතුගෙන් පියාට ගීතයක්
අප අතරින් සමුගත් ග්‍රේෂන් ආනන්ද ගායකයාණන් මියයන්නට ප්‍රථමයෙන් ඔහුගේ පුත් මාරියෝ ආනන්ද අබේකෝන් සිය පියා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළේය.නමුත් ඔහු එය ගායනය කර අවසන් වන විට පියා මෙලොව අතැර ගොසිණි.ග්‍රේෂන්ගේ අපූර්ව හඩ හෙට දිනයේ මැකෙන්නට ඉඩ නොතබන්නට මාරියෝට හැකිවේ යයි අප විශ්වාස කරමු.ඔහුට එම ගීතය නිර්මාණයට සහය දුන්නේ සරිත් සේනාධීරයි.
පියා වෙනුවෙන් මාරියෝ ගැයූ ගිය.
අප අතරින් සමුගත් ග්‍රේෂන් ආනන්ද ගායකයාණන් මියයන්නට ප්‍රථමයෙන් ඔහුගේ පුත් මාරියෝ ආනන්ද අබේකෝන් සිය පියා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළේය.නමුත් ඔහු එය ගායනය කර අවසන් වන විට පියා මෙලොව අතැර ගොසිණි.
කාන්චනා නැවතත් වේදිකාවේ
ජනප්රිය ටෙලි නාට්‍ය නිළි කාන්චනා මෙන්ඩිස් විවාහවී දරුවන් ලැබී කලක් තිස්සේ නිහඩව සිටියා.
නමුත් ඇය යළිත් අද වේදිකාවට ගොඩ වැදුණා.ඒ අද මීගමුවේදී වේදිකා ගතවුණ ධර්ම සංග්‍රාමය නමැති වේදිකා නාට්‍යයෙන්.
හේම නලින් පිය පදවිය ලබයි.
හේම නලින් කරුණාරත්න කවුරුත් දන්නේ නමයයි පහ නිසා. දැන් ඔහු වැඩ කරන්නේ එච්ටීවී කේබල් නාලිකාවේ.මේ ආරංචිය ඔහු පියෙක් වුණ බවයි.ඒ පසුගිය 27 වෙනිදා.හේම නලින් විවාහවී සිටින්නේ විශ්ව විද්‍යාල කථීකාචාර්යවරියක වන ඉරේෂා සමගයි. ඔවුන්ට ලැබුණු දරුවා දියණියක බවයි තම්බපන්නි වෙත වාර්තා වෙන්නේ.හේම නලින් යුවළට අපේ සුබ පැතුම්.
‘ලංකා’ නම ‘ශී‍්‍ර ලංකා’ යනුවෙන් වෙනස් කිරීමට තීරණයක්
‘ලංකා’ හෙවත් සිලෝන් යනුවෙන් පටන් ගන්නා රාජ්‍ය ආයතනවල නාමය ‘ශී‍්‍ර ලංකා’ යනුවෙන් වෙනස් කිරීමට රජය තීරණය කරයි.මේ වන විට ලංකා යන නාමය භාවිතා කරන රාජ්‍ය ආයතන කිහිපයක් වේ.ලංකා බැංකුව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා ඛණිජතෙල් සංස්ථාව ඉන් කිහිපයකි.වසර 1505දී ලංකාව ආක‍්‍රමණය කළ පෘතුගීසීන් ලංකාව ‘සෙයිලාවෝ’ නමින් හැඳින්වූ අතර, පසුව බි‍්‍රතාන්‍ය ජාතිකයින් එය ‘සිලෝන්’ යනුවෙන් භාවිතා කිරීමට පටන් ගත්හ.
Sri Lankan college student killed in US gas station robbery -කැන්සාස්හි වෙඩි තැබුමකින් මෙරට ශිෂ්‍යයෙක් මියයයි
අමෙරිකාවේ කැන්සාස් නගරයේ පිරවුම්හලක් මංකොල්ලකෑමට තැත්කළ මංකොල්ලකරුවන්ගේ වෙඩි පහරකට ලක්ව එරට අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මරණයට පත්ව ඇත.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 25 හැවිරිදි සුජේන්ද්‍ර අමරසිංහම් නැමති එම පිරවුම්හලෙහි ලිපිකරුවෙකු ලෙස සේවය කළ තරුණයෙකි.මෙම සිදුවීමෙන් මිනිත්තු 20ට පමණ පසු එම පිරවුම්හලට පැමිණි පාරිභොගියකු විසින් තුවාලකරු දැක අදාළ සිද්ධිය පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.
තුවාල ලැබූ ශිෂ්‍යයා රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව ද සඳහන්ය.
සිද්ධිය සිදුවී මිනිත්තු කිහිපයට පසු එම ස්ථානයට පාරිභෝගියකු පැමිණ ඇති අතර ඔහු තුවාල ලබා සිටි සුජේන්ද්‍ර රෝහලකට ඇතුළු කිරීමට හෝ පොලීසිය වෙත දැනුම් දීමට උත්සාහ නොකර පිරවුම්හලෙන් මුදල්ද සොරකම් කරගෙන අදාළ ස්ථානයෙන් පලා ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීමේ සිද්ධියට සැකකරන පුද්ගලයාගේ හා මුදල් රැගෙන පලා ගිය පාරිභෝගිකයාගේ ඡායාරූප පිරවුම්හලෙහි නිරීක්ෂණ පද්ධතිය හරහා හඳුනාගැනීමට පොලීසියය හැකියාව ලැබී තිබේවෙඩි තැබූ පුද්ගලයා විසින් පිරවුම්හලෙහි වූ භාණ්ඩ කිහිපයක් රැගෙන පලාගොස් ඇති අතර මුදල් සොරාගෙන ගොස් නොමැති බව ද සඳහන්ය.
සිද්ධියෙන් මරණයට පත්වූ සුජේන්ද්‍ර අමරසිංහම් කැනාස් නගරයේ මිෂුෂුරි විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳව අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර මාස 3 ක පමණ කාලයට සිට එම පිරවුම්හලෙහි සේවය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධියට අදාල විඩියේ දර්ශනය
බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සදහා නිෂ්චිත වේග සීමා
පාරිභෝගිකයාට බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවය සැපයීමේදී ඒ සදහා නිෂ්චිත වේගයක්
හදුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය. එහි අධ්‍යක්ෂ ජනරල් අනුෂ පැල්පිට මහතා සදහන් කළේ, ඒ අනුව ඉදිරියේදි 60%ත් 75% අතර පරාසයක නිෂ්චිත වේගයක් පැනවිමට නියමිත බවය.
දැනට එම සේවය සපයන ඇතැම් සමාගම් විසින් පාරිභෝගිකයාට ලබා දි ඇති සම්බන්ධතා මන්දගාමි වීම අදාළ තීරණය ගැනිමට හේතුවී තිබේ. අනුෂ පැල්පිට මහතා පැවසුවේ, බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් සේවය වේගය පිළිබද අදාළ සමාගම්වලට දන්වා ඇති බවය. එම දැන්විමෙන් අනතුරුව 20% ක් ව පැවැති වේගය 60% දක්වා සමාගම් විසින් වර්ධනය කරනු ඇති බව අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේය.
පොල් ගසක් මැදි කර නිවස තැනූ අපූරු මිනිසා
"අපි මේ ඉඩම ගනිද්දි පොල් ගස් දෙකක් තිබුණා. ඉඩම පර්චස් දහයයි. ප්ලෑන් එක අනුව පොල්ගස් දෙකම කපන්නයි තිබුණේ. නමුත් මට හිතුන ගස මැදි කරල ගේ හදන්න. බලන් හිටපු හැම දෙනාම කිව්ව ඔය මොකක්‌ද කරන මෝඩ වැඩේ කියලා. ඒත් උඩ තට්‌ටුවෙ බැල්කනිය මැදින් පොල් ගහ යන විදිහට ගේ හැදුව. පොල් කඩනකොට ගස් නගින කෙනා උඩ තට්‌ටුවට නැගල එතන ඉඳන් ගහට නගිනවා. ගෙට වැටෙන්නෙ නැති විදිහට පරිස්‌සමින් ගෙඩි කඩනවා.
අපේ මුළු පවුලටම මේ පොල් ගහ ඇති. අද පොල් ගෙඩියක් රුපියල් හැටක් විතර. පොල් ගස් කපපු කැපිල්ලට මේ මිලට තිබෙන එකත් ඇති. නීති ගෙනාවෙ පරක්‌කු වෙලා.
පාරේ යන හැම දෙනෙක්‌ම නතර වෙලා ගේ දිහා බලලා හිනා වෙලා යනවා.ඒකත් ලොකු දෙයක්‌නෙ."
දිවයින ඇසුරිනි
රත්නසිරිගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අප්‍රසාදය පිටට පනී
සුගිය දිනක ඉංගිරියේ පැවති උත්සවයකට සහභාගිවෙමින් රජයේ සැලැස්මක් නැති වැඩ ගැන හිටපු අග්‍රමාත්‍ය සහ යහපාලනය සහ යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා කතාවක් කලා.
එහිදී අදහස් දැක්වූ එතුමා
මේ සදහා ඇති දීර්ඝ කාලීන විසදුම නම් අපි ස්වයංපෝෂිත වීමයි. ඒකට සැලසුමක් ඇතිව ආණ්ඩුව එම වැඩපිළිවෙල මෙහෙයවන්න ඕන. සැලසුමෙන් තොරව මෙහෙයවුවොත් වෙන්නේ අර කැබිනට් මණ්ඩලය පත්කලායින් පසුව ඇතිවූ දේමයි. සමහර ඇමතිවරුන්ට ඉන්න තැනැක් නැහැ, කාර්ය මණ්ඩලයක් නැහැ, ලේකම්වරයෙක් නැහැ, ඒ ආකාරයේ සැලසුමක් නැති දේවල් කරුණාකරලා සැලසුමක් ඇතිව සිදුකරන්න කියලයි අපි යෝජනා කරන්නේ".
ලංකාවෙන් වාර්තා පිට වාර්තා
ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට සුබපැතීම සදහා නිර්මාණය කල ලොව විශාලතම සුබ පැතුම්පත අරලිය ගහ මන්දිරයෙන් පිටත කලාපයේ ලිබර්ටි වටරවුම අසල සකස් කල විශේෂ වේදිකාවකදී පිරිනැමීමට නියමිතය.ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස මෙය වාර්තා ගත වන බව මහාමාර්ග අමාත්‍ය කාර්යාලය පවසනවා.
ලෝකයේ ලොකුම සුබ පැතුම් පත
ලෝකයේ විශාලම සුබ පැතුම්පත මේ දිනවලදී ශ්‍රී ලංකාවේදී සුදානම් කෙරෙයි.ඌව මහා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ උපදෙස්මත සුබ පැතුම්පත නිර්මාණය කරන්නේ සමන් ප්‍රසාද් හෙට්ටි ආරච්චි මහතාය. අඩි 40 ක් පළල, අඩි 90 ක් දිග සුබ පැතුම් පත ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තියට සුබ පැතිම සදහා සැකසෙයි.ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අතින් මෙම සුබ පැතුම් පත ජනපතිට පිළිගන්වන අතර එය ගිනස් වාර්තාවක් ලෙස ගිනස් පොතට එකතු විමට නියමිතය.
ලෝකයේ ලොකුම සුබපැතුම් පොත
කොළඹ ආරක්ෂක කැමරා අද සිට ක්‍රියාත්මකයි
රථවාහන ක්‍රමවත්ව පාලනය, බුද්ධි තොරතුරු රැස්කිරීම ඇතුළු කටයුතු ඒ හරහා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
ජනප්රිය ගායක ගේ‍්‍රෂන් ආනන්ද මහතා මිය යයි.
ලාංකික ගායන අඹරේ රිදී තරුව අසහය ගායක ග්‍රේෂන් ආනන්ද මීට සුලු මොහොතකට පෙර අප අතරින් සදහටම වෙන්වුනා.කොළඹ ජාතික රෝහලේදී මීට සුලුමොහොතකට පෙර ඔහු අපගෙන් වෙන්වුනා…
අරලිය ගහ මැදුරේ සිටි සර්පයා හෙළි වේ
එම කමිටුව ඇමිණීම කෙරෙහි ආණ්ඩුවේම විවිධ පක්ෂ විරෝධය පල කිරීමේදීත් විදේශ අමත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම පසුපස රගපෑ ප්‍රධාන පුද්ගලයා වුයේ අන් කවරෙකුවත් නොව මෙයට පෙර අප විසින් හෙළි කල අරලිය ගහ මැදුරේ සර්පයානොහොත් සජින් වාස්ය.
පසුගියදා ජනාධිපතිවරයා සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමගම ඔහුට උපදෙස ලැබුනේ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවතින මතබෙදකම් හැකිතාක් දුරට අවමකර ගැනීමටත් බටහිර රටවල් සමග මිතුරු කමක් ගොඩ නැගීමටත් කටයුතු කරන ලෙසටයි.
ඒ අනුව සජින් අධීක්ෂණ මන්ත්‍රී ධුරය බාරගත් සැනින් කලේ විද්වත් කමිටුවට ශ්‍රීලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබාදීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සුහදතාවයක් ගොඩ නාග ගැනීමට උත්සහ කිරීමයි.නමුත් සජින්ගේ මෙම වෑයමට මුලින්ම විරෝධය එල්ල වුනේ විමල් වීරවන්ශගෙනි.
ජ.නි.පෙ සාමාජික පියසිරි විජේනායක පසුගිය ද පුවත්පත් සාකච්චාවක් කැදවමින් කියා සිටියේ විදේශ අමාත්‍යංශයට කොටි රිංගගෙන ඇති බවත් එම දේශ ද්‍රෝහීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටය.ඒ අනුව මේ වන විට මුන්ගේ කමිටුවට ලංකාවට ඉඩ දීම තුල සජින් හා විමල් අතර සිතල යුද්ධයක් හටගෙන ඇත.
මගේ කවිය ඔබ වෙන්න..
ජනප්රිය ගායක ගේ‍්‍රෂන් ආනන්ද මියයයි
Ridee Rayak 8 (2010) Photos
Manchee Ridee Rayak 8 ( 2010 ) with Roshan , Nehara ,Lahiru ,Tennison and lot of Sri lankan actors and actresses.
Watch 'Ridee Rayak' Show on the 2nd January 2011, Rupavahini
©2009-2011 Gossip Lanka News Now
Email : gossiplankanewsnow@gmail.com
Skype : gossiplankanewsnow